Chapter 34

295 68 44
                                    

සියල්ල බලාපොරොත්තු වුන ලෙසින්ම ඉටු වුණා. අපට ජීවිතයේ අවශ්‍ය දේවල් ඒ ආකාරයෙන්ම ලැබෙන එක කොයිතරම් හිතට සැනසීමක් ගෙන දෙනවාද? නමුත් සෑම විටම එය එලෙසින්ම සිදු නොවන බව අප මතකයේ තබා ගත යුතුයි. ආදරය වුනත් සිතට සැනසීමක් එක් කරන අතරම ඒ වටා බාධා කම්කටොලු ගණනාවක් එක් රැස්ව පැවතිය හැකියි. ඉතින් ආදරය සොයා යන ගමන එසේ පහසුවෙන් අවසාන විය හැක්කේ කෙසේද?

සිය දෙමව්පියන්ගෙන් සමුගත් ජංගුක් ඔහු ලියූ ලිපිය පරිස්සමින් තබා නිවසින් පිට වුණා. ජිමින් තමන්ගේ සොහොයුරාගෙන් සමුගත්තා. ස්වානා සහ ටේහ්යොන්ග් සිය මිතුරන්ගේ සමු ගැනීමේ අවස්ථාව වෙනුවෙන් සූදානම්ව නිවෙස් වලින් පිට වුණා. සියලු දෙනාම පරණ පුරුදු තැනටම වෙලා බලා සිටියේ ඔවුන්ගේ අනෙක් හිත මිතුරිය පැමිණෙන තුරුයි.

"දැන් ඉතින් අපි දෙන්නා විතරයි මෙහෙ ඉතුරු වෙන්නෙ."

ටේහ්යොන්ග් කිව්වෙ ජංගුක්ව සහ ජිමින්ව වැලඳ ගන්න ගමන්. තමන්ගෙ කුඩා කල සිට මිත්‍රයා වුන ජිමින්ට වත්, තමන්ගෙ කුඩා කල සිට පරම හතුරෙක් වුන ජංගුක්ට වත් පහසුවෙන් සමු දෙන්න ඔවුන්ට හැකි වුනේ නැහැ.

"මටත් පාළු හිතෙයි ටේයා. මගේ පිස්සු සෝල් මේට් නැතුව මං කොහොම ඉන්නද?"

"අනේ බොරුවට අඬන්නෙ නැතුව ඉන්නවා. සින්ඩරෙල්ලාව දැක්ක ගමන් මෙහෙම ලෝකයක් තිබ්බද කියලාවත් මතක තියෙන එකක් නෑ."

"මට විතරක්යැ? උඹටත් ස්වානාව දැක්ක ගමන් මං උන්නද මලාද කියලා බලන්නවත් සිහියක් නෑනෙ."

ජිමින් ටේහ්යොන්ග් දෙන්නා ඒ විදිහට සමු ගනිද්දි ජංගුක්ට ඕන වුණා මේ තරම් දේවල් වලට උදව් කරපු ඒ හැමෝටම ස්තූති කරන්න. තමන්ගෙ ජීවිතේ කොච්චර මිනිස්සු හම්බුනත් මේ වගේ හැම වෙලාවෙම ලඟින් ඉන්න අය ඔහුට හම්බුනේ එකම එක පාරක් විතරයි.

"ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි! විශේෂයෙන්ම ඔයාට ස්වානා.... මේ හැමදේම හරියට කරන්න බැරි වෙනවා ඔයා හිටියෙ නැත්තං. එතකොට ටේ.... උඹ හිටියෙ නැත්තං මට ආපහු එයාව ඇහැරවන්න පුළුවන් වෙන එකක් නෑ. ජිමින්..... කොච්චර මාත් එක්ක එල්ලෙන්න ආවත් හැමවෙලේම මගේ උදව්වට හිටියට ස්තූතියි!"

Until We Meet || JJK ✓Where stories live. Discover now