Chapter 10

368 93 75
                                    

"කුමරුණි ඔබ නැවතත් මාව බියට පත් කලා. ඔය ලෙසින් මා වැළඳගන්න එපා. මා හට එය නුහුරුයි."

"කමා කරන්න මැණික.... නමුත් ඔබව දුටු විට වැලඳගැනීම දැන් මට පුරුද්දට ගිහින්."

ඔහු ඇයව තදින් පපුවට තුරුළු කරගත්තෙ ඇයත් ඔහුගේ සුවපහසු උණුසුමට වී දෑස් පියා ගනිද්දි. ඔහු ඇගේ හිස් මුදුන සිපගනිමින් ඇයව මඳකට ඈත් කලේ ඇගේ සිනිඳු කම්මුල් රත් පැහැයට හැරී ඇති ආකාරය බලා ගැනීමටයි. තරුණයෙකුගේ ස්පර්ශ එතරම් හුරු පුරුදු නොවූ ඇයට ඔහුගේ ස්පර්ශ දැනෙනවා වැඩියි.

"ඔබ රත් පැහැ වෙලා.... රත් පැහැ සියපතක් වගෙයි."

ඔහු පැවසුවේ ඇගේ නලලට සිය නලල තබා ගනිමින්.

"කුමරුණි.... නුඹට මේ ලෙසින් ආදරය කිරීම වේදනාවක් නොවේද? කිසිදු ශාරීරික එක්වීමක් නැතිව, අඩුම නුඹට කිරුළ හිමි කුමරෙක් වත් මගෙන් නොලැබේවි."

"මා හට අන් කිසිවක් අවශ්‍ය නැහැ ෂියානා.... මට අවශ්‍ය නුඹ මගේ අසලින් රැඳී සිටීම පමණයි. මම මගේ සූරදූතිකාව රැක ගන්නවා. ආත්ම ගණනාවක් ගියත් නුඹට පමණක්ම ප්‍රේම කරනවා. ආදරය යනු කිසිසේත්ම රාගය නොවන බව ලෝකය දැනගත යුතුයි."

එක්වරම ජංගුක් නින්දෙන් ඇහැරුනේ හොඳටම බයවෙලා. ඔහුගේ මුහුණ දාඩියෙන් තෙත් වෙලා තිබුණා වගේම ඔහුගේ ඇඳුම් දාඩිය නිසාම ඇඟට ඇලිලා තිබුණා. ෂියානාගේ පිටව යාමෙන් පසු පස්වන දවසත් ගෙවී ගියේ ජංගුක්ව අමුතු සිහින රාශියක අතරමං කරමින්.

දින ගණනක් සිහිනයෙන් ඔහුට පෙනෙන තරුණියව හඳුනා ගැනීමට නොහැකි වුනත් අවසානයේ ඔහුට ඇයව හඳුනා ගත හැකි වුණා. ඔහු අත් වලින් සිය කොණ්ඩය ඇදගත්තේ තමන් ගැනම දුකක් සහ තරහක් මතු වෙද්දි.

"ආආආආහ්...... ෂියානාආආ......"

ඉක්මනින්ම ඇඳෙන් බැහැගත්ත ඔහු නාන කාමරය වෙත දිව ගියේ පිස්සුවෙන් වගේ. ඔහුට තිබුණේ වෙනදාට නොතිබුණ ලොකු කලබලයක්. ඉක්මනින්ම සූදානම් වුන ඔහු ගෙදරින් පිටතට ගියේ ලොකු හදිස්සියකින්. 

මේ අතර ස්වානා ටේහ්යොන්ග් සහ ජිමින් තිදෙනා සිටියේ විශ්ව විද්‍යාලයේ ඔවුන්ට නියමිත දේශනයට සවන් දෙන ගමන්. 

Until We Meet || JJK ✓Where stories live. Discover now