"හ්ම් මේ ඇඳුම නම් හොඳයි වගේ. මේකත් හොඳයි.... මේක හොඳයි ඩිනර් පාර්ටි එකකට වගේ.... මේ ටිකත් ගමු."
ජිමින් ඇඳුම් රාක්ක අතර එහෙ මෙහෙ යන ගමන් තෝරගත්ත ඇඳුම් සේරම ටේහ්යොන්ග්ට දුන්නා. ඇඳුම් ගොඩ අතේ තියාගෙන ඔහුට පාර වත් පෙනුනේ නැහැ. හැබැයි මොනවා වුනත් ජිමින්ට කෙල්ලන්ට ඇඳුම් තේරීමේ හැකියාවක් නම් තිබුණා.
ඇඳුම් ටිකත් අරගෙන ජිමින්ගෙ හ්යොන්ග්ට යන එනමං නැති කරපු ටේ ජිමින් දෙන්නා සහ ෂියානා ස්වානා දෙන්නා ආවෙ ජිමින්ගෙ ගෙදරට. විශ්ව විද්‍යාලයට යන්න කලින් ඇඳුම් මාරු කරගෙන සූදානම් වෙන්න ඔවුන්ට යන්න තිබුණු එකම තැන ජිමින්ගෙ ගෙදර විතරයි.
"දැන් හ්යොන්ග් ගෙදර ඉන්නවද?"
ටේහ්යොන්ග් ඇහුවෙ ගෙදර ඉස්සරහට වෙලා ගේ දිහා බලාගෙන. ඒ ගෙදර පුංචි වගේම හරිම සාමාන්‍ය ගෙයක්. ජිමින් කියන්නෙ ඒතරම් පොහොසත් පවුලක කෙනෙක් නොවන නිසා මේ ගෙදර ඔවුන්ට ඉහලම දෙයක් වුනා.
"හ්යොන්ග් ඉන්නවද නැද්ද දන්නෑ. එයා යන එන වෙලාවක් මං දන්නෑ නෙ."
ජිමින් කිව්වෙ දොරේ අගුල අරින ගමන්. ජිමින්ගෙ ගෙදර එතරම් පිලිවෙල එකක් වුනේ නැති නිසා මෙහෙ ඉන්නෙ කොල්ලො දෙන්නෙක් කියලා නම් හොඳටම විශ්වාසයි.
"ඇතුලට ඇවිත් ඉඳගන්න. මං අපේ හ්යොන්ග්ගෙ කාමරේ ලෑස්ති කරලා දෙන්නම් ඔයාලට ඇඳගන්න."
ජිමින් කියද්දි ෂියානා ස්වානා ගෙදර තිබුණු සෝෆා එකෙන් ඉඳගත්තෙ ටේහ්යොන්ග් ජිමින්ගෙ කුස්සියට යන අතරෙ. ඔහු ලෑස්ති වුණේ හැමෝටම බොන්න මොනවා හරි දෙයක් හදන්න. ඒ අතර ගෙදර ඇතුලෙ ඉඳලා ඉයර් ෆෝන් ගහගෙන ආපු කෙනෙක් ගේ මැදට වෙලා නටන්න ගත්තෙ ගෙදර ඉන්නෙ කවුද කියලා වත් හොයන්නෙ බලන්නෙ නැතුව.
"යාආආආ..... හියොන්.... ඕක නවත්තනවාආආ.... හ්යොන්ග් කන් ඇහෙන්නෙ නැද්ද? හ්යොන්ග්ආආආ....."
ගේ මැදට වෙලා පොළොවෙ අඩි හප්පන ගමන් කෑගහන ජිමින්ව හරිම හුරතල් විදිහටයි පෙනුණෙ. ඒත් ජිමින් කොයිතරම් කෑගැහුවත් ඔහුගේ සහෝදරයට නම් කිසිවක් ඇහුනෙ නැහැ. අන්තිමට ඉවසලා ඉවසලා බැරිම තැන ජිමින් ඔහුගේ පිටට පහරක් ගැහුවෙ නටමින් හිටපු සහෝදරයා උඩ විසික් වෙද්දි.
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයක් පුරා සිය ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්. ඔහු ඇයට ආදරය පමණක් ලබා දුන් අයෙක්. මේ ඔවුන් නැවත හමුවන තුරු කතාවයි. |Until We Meet Sinhala |This is my original work so don't copy my works!