🍂🍂🍂
පිස්සුවෙන් වගේ දුවන් ගිය කුකීට දකින්න ලැබුනෙ ජීවිතේට දකින්න බලාපොරොත්තු උනේ නැති දෙයක්.. කුකීගෙ ගෙදර තිබුණ තැන ලී ගොඩක් වෙන්නම පිළිස්සිලා.. ගිනි ජාලාවකින් වැහිල තිබුනා.. 😞😞
ඉහින් කනින් ලේ පෙරාගෙන කුකී ළගට දුවන් ආපු ජින් කුකීව හයියෙන් අල්ල ගත්ත.
"කොල්ලො.. අහන්න.. අපි අපි උපරිම උත්සාහ කළා.. ඒත් ගින්න නිවන්න බැරි උනා.. ගේ ඇතුළෙ කවුරුත් හිටියද නැද්ද කියල අපි දන්නෙ නෑ.. සමහරවිට බේරෙන්න ඇති..ගමේ ගොඩක් ගෙවල් උන් ගිනි තියල... අපේ ගෙදර අය ගමේ හිටියෙ නැති හින්ද යන්තන් බේරිලා.. ගොඩක් මිනිස්සු වහල් කමට ගන්න උන් අරන් ගියා.. අපේ අනිත් උන්ට මොනව උනාද දන්නෑ... කෝල්ලෝ.. හිත හයිය කර ගන්න.. උඹට අපි ඉන්නව.. " ජින් එහෙම කියාගෙනම වතුර පනිට්ටුවක් අරන් තව ඇවිලෙමින් තිබ්බ ගෙදරක් නිවන්න දිව්ව..
කුකීට ජින් කියපු කිසි දෙයක් ඇහුනෙ නෑ.. එයාට දැනුනෙ නිකන් පා වෙනව වගේ..💔😞 හීනෙන් වගේ බොඳ උනු ඇස් වලින් ගිනි ජාලාවක් මැද ඇවිලෙන එයගෙ ගේ පෙනුන.. මේ විනාශෙ දිහා කෙන්තියෙන් වෙවුල වෙවුල හිටිය Tae කුකී ළගට ගියා..🥀🥀🥀
" ඔ.. ඔබට මාව ඇහෙනවද? ඔබේ දෙමාපියො අනිවාරෙන් හොදින් ඇති.. මං එයාලව හොයන් එන්නම්..ඔහොම්මම ඉන්න.. ඉදගන්න මෙතනින්.. " 🥺🥺
කම්පනේ හින්ද සිහි නැතිවෙන්න ළං වෙලා හිටපු කුකීව ළග තිබ්බ ගහක් යටින් ඉන්දෙව්ව tae කිවව..
"කරුණාකරල..මොහු ළගින්ම ඉන්න.." කොහේවත් යන්න එපා.. මං ඉක්මනින් එනව.. ඔබල දෙන්නම ඔහොම්මම ඉන්න.." එහා පැත්තෙ අඩ අඩ හිටපු තව කොලුවෙක් ට Tae කිව්ව.. 🥺🥺
එහෙම කියපු Tae පුළුවන් උපරිම වේගෙන් වනාන්තරය පැත්තට දිව්ව..
"මුන් සේරම.. මං අද මුන් සේරම නැති කරල දානව.. " 🍁🍁🍁
කෝපයෙන් දත් මිටි කමින් Tae වෘක ස්වරූපෙට මාරු උනා.. Tae ගෙ ඇදුම් කෑලි කෑලි වලට ඉරිල ගියත් වෙනද වගේ ඒව ගලවල කැලේ සගවන්නවත් එයාට මතක් උනේ නෑ.. 🥀🍂
සඳ එළියෙ වනාන්තරය මැද හිට ගත්තු Tae උඩු සුළගට ඉව කරල බැලුව. ටිකක් ඈතින් කදුකරේ.. මිනිස්සුන්ගෙ ඉවක් දැනුන.. ගල් පර්වත උඩින් පනින ගමන් ගස් වල හැපිල තුවාල උනත් ඒව ගනන් නොගත්තු Tae කෝපයෙන් ඇස් දිලිසෙද්දි... කදුකරේ පැත්තට දිව්ව.. 🥀
කදුකරේ ගස් ගොන්නක් මැද ජපන් ආක්‍රමණිකයො එයාලගෙ කූඩාරම් ගහල තිබ්බ... වටේට කූඩාරම් තුනක් ගහල මැද ලොකු ගිනිමැළයක් ගහල තිබ්බ.. ඒ ළග අශ්ව කරත්ත වල තිබ්බ කූඩු වල අල්ලන් ආව ගැහැණුනව ළමයින්ව රදෝල තිබ්බ.. ගස් ගොන්න අස්සෙන් බලන් හිටපු Tae එක පාරටම ප්‍රධාන කූඩාරමට පැන්න.. ප්‍රධානියා විනාශ කළාම අනිත් උන් විනාශ කරන්න ලේයියි කියල එයා දැනන් හිටිය.. ඒත් කූඩාරම හිස්.. 💔😶
ආපසු හැරෙනවත් එක්කම ජපන් සෙබලු 10 ක් විතර මේ කූඩාරම ඇතුළෙ හිටපු ලොකු වෘකයව වට කළා.. වැඩිය හිතුවෙ නැති Tae එයාගෙ උල් නිය වලින් දත් වලින් කොනක ඉදන් පහර දෙන්න පටන් ගත්ත.. සෙබලුන්ට හැරෙන්නවත් වෙලාවක් තිබුනෙ නෑ.. සෙබලු ටික කීතු කීතු වලට ඉරල දාපු Tae ලේ පෙරාගෙන බාගෙට ඉරිල ගිය කූඩාරමෙන් එලියට ආව.. 💢
ලේ පෙරාගෙන හති දාමින් එළියට ආව වෘකය දැක්ක කූඩු වල හිටපු අසරණ ගැහැණු ළමයි තවත් බය වෙලා මර ළතෝනි දුන්න..
ඒත් ඒව ගනනකට නොගෙන කරත්ත ළගට ගිය Tae එයාගෙ ශක්තිමත් හනු වලින් අඹරල කූඩු වල අගුල් කඩල දැම්ම.. ඊට පස්සෙ හෙමින් පස්සට ඇදුනෙ ඒ කූඩු වල ඉන්න අයට එයාගෙන් කරදරයක් නැති බව පේන්න.. ඒත් බයටම කවුරුත් කූඩුවලින් හෙළවුනේ වත් නෑ.. 😖😖
ඒ නිසා ඒ මිනිස්සු සන්සුන් කරන්න හෙමින් කැළේ පැත්තට යන්න හැරුණු Tae ගෙ ඉදිරියෙන් කැළේ පැත්තෙන් ආව හීයක් එයාගෙ පපුව පසාරු කරගෙන ගියා.. 🥀💔
"උඹ හිතුවද මගේ සෙබළු මරල යහතින් ඉන්න.. අනුවණ සිගාලයා.... " 💢
කැලයෙන් මතු උන ජපන් සෙබළුන්ගෙ නායකය හිනා උනා.. 💔
මතුසම්බන්ධයි... 🥀
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Người sóiමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...