01. My Wolf Prince____🐺🖤🥀

2.1K 128 26
                                    


🖤❤️ 01. පළවෙනි කොටස ❤️🖤

Jungkook - ගොවියෙකුගෙ පුතෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook - ගොවියෙකුගෙ පුතෙක්.වයස අවුරුදු 20 යි. විනෝදෙන් ඉන්න කුතුහලේ හින්ද හැම වෙලේම කරදරේ වැටෙන කෙනෙක්. 🥲💜️

Tae - නර වෘක පරම්පරාවෙ ඔටුන්න හිමි රජ කුමාරය. වයස 28 යි. තනියම නිදහසේ ඉන්න කැමති. නිහඩ චරිතයක්. කේන්ති ගියාම ටිකක් දරුණුයි.🖤🐺

----------------------- 01සිල්ලාවෙ තවත් එක රාත්‍රියක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

----------------------- 01
සිල්ලාවෙ තවත් එක රාත්‍රියක්. තානායම ළග ගිනි මැළයක් දල්වල තිබුන. ලොකු පොඩි ගොඩක් අය ගිනි මැලේ ලග ඉදගෙන ආගිය තොරතුරු කතා කරමින් හිටිය..
''දැං මේ...මෙහෙමයි හරිද? '' කුකී ගිනි මැලේ වටේට ඇස් ගෙඩි ලොකු කරන් එයා දිහා බලන් ඉන්න පොඩි උන් හතර දෙනාට කතාවෙ හොඳම හරිය කියන්න පටන් ගත්ත.
''මං මගෙ මුවහත් පොරව අරන් පිටිපස්ස හැරුන..අර ලොකූම ලොකු වෘකය හිටපු පැත්තට..එයා බෙක්ඩුක් කන්ද වගේ මගෙ ඉස්සරහ හිටන් හිටිය.. " කුකී කතාවට බැහැලම කියන්න පටන් ගත්ත. 🧓''මේ මේ " හිටපු ගමන් එක පොඩි එකෙක් මැද්දට පැන්න.
'' කුකී hyung ඔයාගෙ ජීවිතේ ලොකූ..ම ආස එක මොකද්ද? " පොඩි එකා වයසට වඩා හෙන ප්‍රශ්නයක් කතාව මැද්දට අතෑරිය. 😑 ඒක ඇහුන කුකී අතරමං වෙලා ගියා. එයාගෙ මූන එකපාරටම හැගීම්බර උනා..
''ඔයාල දන්නවද මං මගෙ ජීවිතේ ආ..සම දේ මොකද්ද කියල..මං ආසම 🥺🥺 පීනට් බටර් සැන්ඩ්විච් එකක් කකා මුහුදු වෙරළක ඉන්න. මං වැඩීයෙන්ම ආදරේ කරන කෙනා එක්ක.. සීතල සුළං හමද්දි.. '' 😂💔 කුකී ඔහේ කියන් ගියා.. ''මේ මොනවද hyung පීනට් බටර් කියන්නෙ? " 🥲 පොඩි එකා අයේ මැද්දට පැන්නම කුකී ආයෙත් මේ ලෝකෙට ආව. " ඒව පෝසත් මිනිස්සුන්ගෙ කෑමක්ලු. මාත් කාල නම් නෑ. මැරෙන්න කලින් කන්න ඕනෙ. ඒහ්... කෑවනෙ මගෙ වික්‍රමාන්විත කතාව. ඔයාලට ආයෙ කතා කියන්නෙ නෑ. මං යනව යන්න..'' කුකී මූණ දෙක කරන් නැගිටල ගියේ තානායමේ යාලුවො ඉන්න පැත්තට..
"මං කිව්ව මැදින් පනින්නැතුව ඉන්න කියල..පණ්ඩිතයා..'' පොඩි උන් කෑ ගහන සද්දෙ කුකී තානායමට යද්දි යාන්තමට ඇහුනත් කට ඇද කරල පොඩි උන්ට ඔච්චම් කරල එයා යන්න ගියා.. 😏💜️

............ මේ අතරෙ මාළිගය 👑
" කුමාරය කොහේ යන්න ඇතිද? දෙයියනේ මව් බිසව දකින්න කලින් හොයා ගන්න ඕනෙ.. " සේනාධිපති වගේම කුමාරයගෙ හොඳම යාලුව උනු jimin අශ්වය සූදානම්කරන ගමන් බෙරිහන් දුන්න. එයාගෙ සඳ එලියට ලස්සනට දිලිසෙන සුදු පාට අශ්වය පදවගෙන ආතතිය හින්දම බෙරිගෙඩියක් වගේ රතු උනු මූන පිහ දාන ගමන් කල්පනා කළා..

'' මේ මනුස්සය හින්ද මං ළගදිම නහරයක් පුපුරල මැරෙනව ඉන්සගි..මේ ඇත්තමයි... "
අශ්වයට නෝක්කඩු කිය කිය jimin මාළිගා ද්වාරයෙන් පිට උනේ මේ මුරණ්ඩු කුමාරය හොයන්න පටන් ගන්න ඕනෙ කොහෙන්ද කියලවත් නොදැන.. 🥲💔

........ තානයම
කුකී ටිකක් වැඩි වෙන්නම සෝජු බිව්වත් තාම කෙළින් ඉන්න පුළුවන් මට්ටමේ හිටිය. '' ඇත්තටම එයාල කියන්නෙ නම් මාළිගාවෙ බිම් මහලෙ පාවිච්චි කරන්නැති රත්තරන් ගොඩ ගහල තියේලු. නිධානයක් වගේ තමා කොල්ලෝ... හොයා ගන්නව නම් ගොඩ.. " ජින්, කුකීගෙ හොඳම යාලුව , කරට අත දාන ගමන් කිව්ව.. '' ඕව මොන බොරුද? '' කුකී ලාවට හිනාවක් දාන ගමන් කිව්ව.

''ඒ පැවසෙන කතාව ඇත්ත.මම එය දැක තිබෙනවා...''

පිටිපස්සෙන් ගැඹුරු කටහඩක් ඇහුන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පිටිපස්සෙන් ගැඹුරු කටහඩක් ඇහුන. ඇටකටුත් සීතල වෙලා යන්න තරම් ඒ ගැඹුරු වැදගත් තාලේ කටහඩ කගෙද බලන්න.. කුකී බෙල්ල තුන්සිය හැටටම කරකෝල බැලුව.
🥲💔 මුණ නොපෙනෙන්න ඔලුවෙ ඉදන් වැහෙන ලෝගුවක් දාගෙන , එයාගෙ දිගු ඇගිලි වල ලස්සන මුදු දාගෙන තානායමේ කොනටම වෙලා පොතක් කියව කියව ඒ පුද්ගලය හිටියෙ පොත දිහාටම ඇස් යොමු කරන්.. ?! 🙇
''කොන්ඩෙ පේනවට වඩා දිගයිද? ඇගිලි වල දිග! මුදුත් දාල. පොත අල්ලන් ඉන්නෙ නාට්ටියක වගේ.. (soo dramatic 😒) අනික මෙච්චර මේ සද්ද බද්ද තියන, නැටුම් සංගීත තියන තැනක , අනික සෝජු තියන තැනක මොකාද මේ පොත් කියවන්නෙ..?! '' 😑🧐 කුකී ඇස් ලොකු කරන් එක දිගට කල්පනා කරන ගමන්ම නැගිට්ටෙ අමුත්ත ළගට යන්න.

ඒත් එක්කම හයියෙන් දොර ඇරගෙන තවත් ඒ වගේ ලෝගුවක් දාපු කෙනෙක් ඇතුළට ආව..

ඒත් එක්කම හයියෙන් දොර ඇරගෙන තවත් ඒ වගේ ලෝගුවක් දාපු කෙනෙක් ඇතුළට ආව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

------------ මතුසම්බන්ධයි.

( මේ මං ලියන පළවෙනි TK කතාව. අඩුපාඩු තිබ්බොත් කියන්නෝ... 🥺💜️

My Wolf Prince__🐺🖤🥀  ✅COMPLETED ✅ Taekook ffWhere stories live. Discover now