27.My Wolf Prince____🐺🖤🥀

384 65 8
                                    

"Taeri...!? "

Tae ට ඇස් අදහගන්න බැරි උනා..සේවකයො ඇවිත් Tae ව ඔසවගෙන ඉක්මනින් රාජකීය ආරෝග්‍ය ශාලාවට එක්ක ගියා...

Tae ව පරීක්ෂා කරල බලපු වෘක වංශික රාජකීය වෙදැදුරුවරු Tae ඔවුන්ට කලින් කියල තිබ්බ විදිහට කිව්ව.. 🙂🙂

"එතුමට සටනෙදි විශ හී තල පහරක් වැදුණු නිසයි මේ තත්වය ඇති වෙලා තියෙන්නෙ.. කමාකරන්න කුමරුනී මෙසේ පවසනවට.. එතුමට නැවත ස්වරූපය වෙනස් කරන්න බැරි වේවි..ඒ නිසා මනුෂ්‍යයෙක් ලෙසම ඇතැම් විට මනුෂ්‍යයෙක්ටත් වඩා දුර්වලව ඉන්න සිදුවේවි.. " Tae කියන්න කිව් විදිහටම කටපාඩමින් වගේ ඔවුන් කිව්ව

මේ මුළු වෙලාවම Tae හිටියෙ නිශ්ශබ්දව Taeri දිහාම බලාගෙන.. ඒත් ඇය tae ව නාදුනන ගානට අහක බලන් හිටිය..

"මේකද Jimin ගෙ මටවත් නොකිව්ව සැලසුම..? ඇයි ඔහු මට කිව්වෙ නැත්තෙ? " Tae කල්පනා කළා..

"මේ වෙදැදුරු තුමිය සිල්ලාවේ අයෙක්.. අප එන අතරමග නවාතැන්ගන්න නැවතුම්පොලක නැවතුනාම අපේ සේවකයො සියල්ලටම වසංගතයක් වගේ චර්ම රෝගයක් වැළදුනා.. ඇය තමයි ඒ සියල්ලන්ම දිනයක් ඇතුළත සුව කළේ.. ඒ නිසා ඇයටත් කුමරුන්ව පරීක්ෂා කරන්න දෙන්න.. " කුමරිය ඉල්ලා සිටිය..

රාජකීය වෙදැදුරුවරු මුලින් ඊට අකමැති උනත් කුමරියගෙ පෙරැත්ත නිසා පසුව අකමැති වෙන්න බැරි උනා..

"කුමරුනී ඔබතුමාව පරීක්ෂා කිරීමට මට අවසර ද? "Taeri හෙමින් Tae ලගට ඇවිත් ආචාර කරල ඉල්ලා සිටියා.. Tae කතා නැතුවම ඔලුව වැනුව..🥺🥺

tae ගෙ මූණ දිහා නොබලම Tae ගෙ අත අරන් නාඩි බලපු Taeri ගෙ ඇස් උඩ යනව Tae දැක්ක.. අයෙත් පාරක් බය වෙලා වගේ නාඩි පරීක්ෂා කරල බැලුව Taeri ඇත්තටම ලොකු දුකකින් Tae දිහා බැලුව.. Tae ඒත් මුකුත් නොකිය හිස වැනුවෙ ඔව් කියන්න වගේ.. ජිමින්ට ඒ ගැන පවසන්න එපා.. " Tae Taeri ට පමණක් ඇහෙන්න හෙමින් මිමිණුව.. 🥺🥺

" මෙ..මෙතුම පැවසුව දේ ඇත්ත... මේ වි..විශේ බලපෑම නිසා.. එතුමන්ගෙ බලයන් අහිමි වෙලා.. " Taeri ඇත්තටම ගොත ගහන ගමන් කිව්ව.කුමරිය Tae දිහා දුකින් බලන් හිටිය..

"ඔබතුමා විවේක ගන්න.. අනිවාරෙන් ඔබතුමා ට ඉක්මනින් ම සුව වේවි..."

My Wolf Prince__🐺🖤🥀  ✅COMPLETED ✅ Taekook ffWhere stories live. Discover now