✅ END - My Wolf Prince ( part 2)_🐺🖤🥀

875 73 52
                                    

අහ්.. ජින් හ්‍යුන්ග් නම්ජුන් හ්‍යුන්ග්, යොන්ගි හ්‍යුන්ග් , හෝසියොක් හ්‍යුන්ග් ඔයාල ජිමින් හ්‍යුන්ග්.. අනේ මම ඔයාල හැමෝටම ගොඩාක් ආදරෙයි... මින්ග්‍යු දැන්ම මැරෙන්න එපා... සෙන්පති තුමාට කරදර කරන්න ඔයා ඉන්න එපායැ.. කුකි tae ගෙ තුරුළෙන් එළියට පැනල මිතුරො ලගට දුවන් ගිහින් එයාලව ආදරෙන් වැලදගත්ත.. කැහැ කැහැ හිටපු මින්ග්‍යුගෙත් මූන මිරිකල මිරිකල පස්සෙ වැලදගත්තු කුකී සතුටින් හිනා උනා..
" ඔහු ආයෙත් හිනා වෙනව.. එපමණයි මට අවශ්‍ය... ඒ හාවෙක්ගෙ වගේ හුරතල් පිස්සු හිනාව.. "

Tae පැත්තකට වෙලා මේ හැමදේම හරි ආසාවෙන් බලන් ඉන්න ගමන් හිතුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Tae පැත්තකට වෙලා මේ හැමදේම හරි ආසාවෙන් බලන් ඉන්න ගමන් හිතුව..

පස්සෙ හැමෝම එකතු වෙලා කෑම හදල කාල සවස් වෙනකන්ම සෝජු පානය කරන ගමන් ආගිය තොරතුරු කතා කළා.. ප්‍රදානීතුමා මේ වෙද්දි හිටියෙ මාලිගාවේ.. කලින් සිදු වෙච්ච මුකුත් මව්බිසව ට කීවෙ නැති නිසා අයියණ්ඩි චීන දේශයේ ඉදන් ආව කියල මව්බිසව හිතාගෙන හිටිය. හරි සතුටින් වසර ගානකට පස්සෙ දැක්ක අයියණ්ඩි එක්ක ඇය කාලය ගත කරන්න ආස කල නිසා සාදයට ඔහුට එන්න බැරි උනා.. කට්ටියම ඒ තරම් නරක මට්ටමට මත් වෙලා නොහිටි හින්ද සවස් වෙද්දි කට්ටිය ගිනි මැලේ සූදානම් කරා..
පස්සෙ හරිම සතුටින් හිනා යන විදිහට නට නට විනෝදෙන් ගීත කිව්ව කට්ටියට වෙලාව යනව දැනුනෙවත් නෑ.. tae නම් නටන්න සින්දු කියන්න නොගියට අනිත් අය දගලන දිහා බල බල අත්පුඩි ගහමින් ගිනිමැලේ ලග කොටයක් උඩට වෙලා ඉදගෙන හිටිය.. කුකී නම් පිස්සෙක් වගේ බාගෙට මත් වෙලා යාලුවො එක්ක නට නට හිටිය.. එතන හිටපු එකම ගැහැනු පරානෙ taeri උනත් එයත් හරි සතුටින් මේ නටන පිස්සො එක්ක සින්දු කියන්න එක් උනා.. ඒ අතරෙ ජිමින් නම් පුළුවන් තරම් එයාට ලං වෙලා කරන හැමදේටම උදව් කර කර taeri පස්සෙන්ම රැදුන. අනිත් අයට ඒ උත්සාහය ඉව වැටුනත් කවුරුත් ඒකට හිනා වෙන්න ගියේ නැත්තෙ ඔවුන් එකට ඉද්දි හොඳටම ගැළපෙන ලස්සන ජෝඩුවක් වගේ පෙනුන හින්ද.. මින්ග්‍යු නම් මෙලෝ සිහියක් නැතුව තියන තියන හැම කෑම ජාති සේරෝම කටේ ඔබාගෙන සාදයෙ රසවත් භාවෙ නම් හොඳටම වින්ද..

My Wolf Prince__🐺🖤🥀  ✅COMPLETED ✅ Taekook ffWhere stories live. Discover now