39.My Wolf Prince____🐺🖤🥀

319 63 18
                                    

සටන් වලදි වගේම තමන්ව පොඩි කාලෙ ඉදන් උස්මහත් කරපු මාමණ්ඩි ඇරෙන්න කිසිම කෙනෙක් ඔහුගෙ ඇගට අතක් තියල තියා තියන්න හිතලවත් නැති නිසා යන්තන් ලේ එන්නම වැදුනු ඒ පාරින් කුමාරය ගොඩක් පුදුම උනා..  සාමාන්‍ය මනුස්සයෙක්ගෙ නම් නාස් පොල්ල ගලෝල යන්න තරම් ප්‍රබල උනු මුෂ්ටි ප්‍රහාරෙන් කුමාරයගෙ නම් නාසයෙන් යන්තම් රුධිරය ගලන්න විතරක් ප්‍රබල පාරක් උනා..💔💔

"ඔහ්.. හොඳ සුරතලෙක් නම් තමන්ගෙ  අයිතිකාරය වෙන්න ඉන්න අයට පහර දෙන්නෙ නැහැනෙ..  "  😶😶

ඒ ගමන්ම ආයෙත් ඒ වගේම පාරක් ගහන්න ඉස්සුනු කුකීගෙ අත තදින් අල්ලල බිත්තියෙ උඩට උස්සල තද කරපු soo hyung අනිත් අතින් කුකීගෙ බෙල්ල මුලින් අල්ලල කුකීට හුස්ම ගන්න බැරි ගානටම තද කළා... කුකී තුවාල අතින්ම ගහ ගහ ඒකෙන් නිදහස් වෙන්න හැදුවත් ඒ වැඩකට නැති උත්සාහයක් උනා..💔💔

'' ඔබ මීට පස්සෙවත් ඔබේ අලුත් ස්වාමියාට අවනත වෙන්න පුරුදු වෙන්න ''

ඊට පස්සෙ බෙල්ල ඇතෑරපු කුමාරය අමාරුවෙන් කැහැ කැහැ හුස්ම ගන්න කුකීගෙ කකුලෙ තුවාලය පුළුවන් තරම් තදින් මිරිකන ගමන් කිව්වෙ කුකීගෙ කන ළගටම ළන් වෙලා.. tae ගෙ වගේම ගැඹුරු කටහඬ කුකීගෙ කන ළගින් උණුසුම්ව ඇහෙද්දි කුකීට දැනුනෙ ලොකු අප්පිරියාවක් විතරයි... 🤢😖

කකුල පුපුරු ගහන්න රිදුනත් කෑ ගහන්න කොහොමවත් හිතුවෙවත් නැති කුකී එයාගෙ තුවාල නැති කකුලින් හයියෙන් පයින් පාරක් Soo hyung ගෙ දනිස්සට ගැහුව.. ඒත් අර සොහොන් ලිලී මල් විශ නිසා මේ වෙද්දි කුකීගෙ සාමාන්‍ය ශක්තියවත් එච්චර හොඳ මට්ටමේ ට්බිබුනෙ නැහැ. ඒක දැනෙන්න තරම් පාරක් නොවුන නිසා කිසි ගානක් නැතුව හෙමින් හිනාඋන එයා කුකීව පැත්තකට තල්ලු කරල දැම්ම...🥺💔

" ආ...හ්... "

පුළුන් කොට්ටයක් වගේ විසි වෙලා ගිය කුකීගෙ තුවාල වෙලා තිබ්බෙ වම් අතයි කකුලයි දෙකම හයියෙන් බිම වැදුනම එයාට නොදැනිම කෙඳිරි ගෑවුනා..

" ඔබ එහෙනම් කෙඳිරි ගාන්නත් දන්නවනෙහ්? ඒක නම් අහන් ඉන්න මිහිරියි.. ඒ තරම් ඔබට අපහාස කරලත් නිහඩව ඉදල ඔබේ අයිතිකාරයාට වචනයක් කීව ගමන් පහර දෙනවද? කීකරු බලු පැටියෙක්නේ... අපි පසුව හෙමිහිට විනෝද වෙමුකො.. ඔබ මම හිතුවටත් වඩා ඇත්තටම රසවත්.. මතක තියා ගන්න පුංචි සුරතලෝ දැන් සටන ආරම්භ කළේ ඔබයි..  "  💔

My Wolf Prince__🐺🖤🥀  ✅COMPLETED ✅ Taekook ffWhere stories live. Discover now