🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃
" සහෝදරයා ?? ඔබතුමා පොඩි කාලෙ ඉදන් ඔහුව දකින්න ආසාවෙන්නෙ හිටියෙ? ඉතින් ඇයි එයාව හමු වෙන්න යන්නැත්තෙ? මට ඔබතුමාගෙ කුටියට යන්න පාර මතකයි.. මම තනියම යන්නම්.. ඔබතුමා දැන්ම එතුමව හමු වෙන්න යන්න.. එතුමත් ගොඩක් ආස ඇති ඔබතුමාව දකින්න.. කුකී ආයෙත් අර පරණ අහිංසක පාට ඇස් බෝල ලොකු කරගෙන කිව්ව... 🥺🥺
" ඔබේ ඔය මුහුණ කුණාටුවක් වගේනේ... ඒ තරම් ඉක්මනින වෙනස් වෙන හැටිනම්...ඇත්තටම.. " tae මාළිගයේ අනිත් අය බලන් ඉන්නව කියලත් අමතක් කරල කුකීගෙ කම්මුලෙන් හෙමින් අල්ලන ගමන් කිව්ව..
කුකී මුකුත් නොකිය හිනා වෙලා බිම බලා ගත්ත..
( ඇත්තටම එයා ඉස්සරහ විතරක් මේ පොඩි දරුවෙක් වගේ ඇස් ලොකු කරන් දපනෙ වැටුනට කුකීට හැගීම් පාලනය කියන එක ගොඩක් අඩුවෙන් පිහිටල තිබ්බ හැකියාවක් කියල Tae ටත් තේරිලා තිබුන... ඒ නිසා ඉක්මනින් හිනා වෙනව , ඉක්මනින් අඩනව වගේම තරහ ගියාම Tae ටත් වඩා භයානක යක්ශයෙක් එළියට පනින්න බලාගෙන කුකී ඇතුළෙ හිර වෙලා ඉන්නව කියලත් tae අත්දැකීමෙන් දැනගෙන හිටිය.. ඒ වගේම Tae ඒ ගැන ආඩම්බර උනා.. මොකද කුකීගෙ හිතේ එකම අයිතිකාරයා උනේ එයා නිසා.. )
" නැහැ.. අපි එකටම යමු.. මම ඔබව ඇරලවලම යන්නම්.. ඔය තුවාල වලට අලුතින් ඖෂධ ගල්වන්නත් ඕනනේ.. " tae කිව්වෙ කුකීගෙ කකුලෙ කලව වල තුවාලෙන් ආයෙත් ලේ ගලල ඇදුම් තෙත් වෙලා තියන දිහා බලාගෙන..
මේ ඉන්නෙ මගේ අමුත්තෙක්..ඔහුගෙ නිදහසට බාධා නොවෙන්න ඔබල සියලු දෙනාම කටයුතු කරන්න ඕනෙ.. ඒ වගේම කිසිවෙක් දැනුම් දීමකින් තොරව කුටියට පැමිනීම තහනම්.. ඒ වගේම අපිට අවශ්‍ය ආහාර ලයිස්තුවක් පිළිවෙළ කරල දන්වන්නම්.. පරීක්ෂා කිරීමෙන් තොරව කිසිම දෙයක් කුටියට ගැනීම තහනම්.. tae පාලකතුමා ඇතුළු පිරිසට නියෝග කළා..
පස්සෙ සේවකයන් ගෙන්වල නාන තටාකය සූදානම් කරවල රාජකීය වෙදැදුරුවරු ගෙන්වල කුකීට හොඳින් පිරිසිදු වෙන්න උදව් කරල හී පාරින් ඉරිල තුවාල වෙලා තිබ්බ අතටත් කකුලෙ කලවා වලටත් වැටෙද්ද්දි තුවාල උනු සුළු තුවාලත් සේරටම අලුතින් ඖෂධ ගැල්වුව.. tae මේ හැමදේම කරනතුරු ඇදන් ආපු ඇදුම් පිටින්ම මොහොතකටවත් කුකීව තනි නොකර ප්‍රවේශමෙන් පස්සෙන්ම හිටිය.. අන්තිමට කුකී රාත්‍රී කෑමත් ගත්තට පස්සෙ tae ට යන්තන් සැනසීමක් දැනුන.. එහෙනම් දැන් හොඳින් විවේක ගන්න.. හොඳින් නිදා ගන්න.. මට මෑණියන්ව හමු වෙන්න යන්න අවශ්‍යයි.. ඒ වගේම මගේ සහෝදරයාවත්.. ඒ නිසා දැන් නිදා ගන්න මෙතන ආරක්ශිතයි.. කුකීගෙ ඔලුව අතගාන ගමන් Tae කිව්ව..
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Werewolfමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...