💜️💜️💜️💜️"මම ඇත්තටම ඔබතුමා ලගින් ඉන්න ගොඩක් ආස කළා..ඒත් ඒක මොනවගේ හැගීමක්ද කියන්න මට තේරුනේ නෑ.. ඒත් ඔබතුමා ළග ලොකු ආරක්ෂාවක් දැනුන.. මම නිකන්ම නිකන් හැමදේම විහිලුවට ගන්න සාමාන්‍ය කොල්ලෙක් වගේ පොඩි කාලෙ ඉදන්ම හිටියෙ.. එහෙම ඉද්දි දෙමාපියො ජපන්නු අතින් මිය ගියාම..මට මං ගැනම තරහක් ආව..ඒකයි මුලදි සිහිය ආව දිනවල ඔබතුමාට නරක විදිහට සැලකුවේ.. මට හිතුනෙම මං එක්ක ඉන්න හැමෝටම මැරෙන්න වෙනව කියල.. ඒකයි ඔබතුමාව ඈත් කරල හිටියෙ.. ඒ කාලෙ ඇත්තටම මම මොකෙක්ද කියල මමවත් දැනන් හිටියෙ නෑ.. මගේ ඇත්තම අම්මල තාත්තල මරා දාපු එක , මාව හදාවඩා ගත්තු දෙමාපියො මරා දමපු එක මේ හැමදේම මට හීනයක් වගේ.. මට තාම මම මොනවද කරන්න ඕනෙ කියලවත් හිතා ගන්න බෑ.. මින්ගු මගෙ මල්ලි හොඳින් ඉන්නවද නැද්ද කියලවත් මම දන්නේ නෑ.." 🥺🥺🥺
කුකීගෙ ආයෙත් කදුළු පිරුන ඇස් හංගගන්න ගමන් කිව්ව.. 🥺🥺
"ඔබ ආයේ හඩන්නෙ නැහැ.. මින් පස්සෙ ඔබ මගේ.. මගේ කිසිම කෙනෙකුට මම හඩන්න දෙන්නෙ නෑ.. ඔබයි මගෙ පවුල.."
Tae කදුළු පිහින කුකී නැගිටුවල තදින් වැලදගන්න ගමන් කිව්ව.. ඒත් එක්කම කුකීගෙ බඩේ තිබුන තුවාලෙට දාල තිබුන ශාකසාර බෙහෙත් Tae ගෙ ඇගේ ගෑවුනා.
"අහ්හ් ඒ බෙහෙත්.. අනේ ඒව ඔබතුමාට අප්පිරියත් වෙන්න ඇති.. සමාවෙන්න.. " 🥺🥺
කුකී ඉක්මනට ඒ බෙහෙත් පිහදාන ගමන් කිව්ව.. 🥺🥺
"ඔබේ කිසිම දේකින් මට අප්‍රසන්නතාවක් දැනෙන්නෙ නැහැ... ඔබ කොහොම මොන තත්වෙ හිටියත් මට දැන් ඔබව දැනෙන්නෙ එකම විදිහටයි..ඔබ තමයි මම මෙතෙක් දැකල තියෙන සුරතල්ම කෙනා.. " 🥺💜️💜️
Tae පහත් වෙලා වෙළුම්පටි වලින් ඔතල තිබ්බ කුකීගෙ බඩට හාදුවක් දෙන ගමන් කිව්ව.. ඒත් එක්කම tae කුකීගෙ කකුලෙ ඔතල තිබ්බ වෙලුම් පටිත් එක්කම කුකීගෙ කකුලටත් හාදුවක් දුන්න... 🥺🥺
කුකීට Tae ගෙ මේ හැසිරීම දරාගන්න බැරි උනා.. මනුස්සයෙක් ට එච්චර ආදරේ කරන්න පුළුවන් ද? කොයිතරම් වද දුන්නත් අණුවන වැඩ කළත් , තුවාල වෙලා කොච්චර අවලස්සන වෙලා කැලැල් එක්ක හිටියත් ඒ සේරම එක්ක එයාව එයා විදිහටම පිළිගන්න කෙනෙක් හම්බෙයි කියල කුකී කවදාවත් හිතුවෙ නෑ..අනික ඔහු කුමාරයෙක්.. දෙපාරක්ම කුකීට පවුලෙ අය අහිමි උන හින්ද ලෝකෙන්ම තනි වෙලා වගේ එයාට දැනෙමින් හිටිය. එහෙම හිටපු කුකීට Tae ගෙ මේ ආදරේ දරාගන්න පුළුවන් පරාසෙක තිබුනෙ නෑ..
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Hombres Loboමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...