20.My Wolf Prince____🐺🖤🥀

408 67 8
                                    

කුකී නැගිටිද්දි ටිකක් දවල් වෙලා තිබුන.. ඒත් Tae පේන්න හිටියෙ නෑ.. කුකී හෙමිහිට නැගිට්ටත් තාමත් කරකැවිල්ල වගේ නිදිමතක් තදටම තිබුන.. ඇදෙන් නැගිටින්න හදද්දිම මොකක් හරි කුකීගෙ ඇගේ වැදිල බිම වැටුන..😶😶

"මාලයක් එක්ක කොල කෑල්ලක පණිවිඩයක් "
නිදිමතේම මාලෙ අතට ගත්තු කුකී කල්පනා කළා..

ඒ වෘක ලාංඡනය තියන මාලය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ වෘක ලාංඡනය තියන මාලය.. එකපාරටම Tae ට මතක් උනා.. 😳😳 මුලින්ම මාළිගාවෙදි වෘකයෙක් දැක්ක දවසෙ එයාට සිහි නැති වෙලා කවුරු හරි මේ වගේ මාලයක් දාපු කෙනෙක් එයාව ගෙදරට ඇරලෙව්ව හැටි.. ඒක එයාට හීනෙන් වගේ මතක් උනා..

"කරුණාකරල මම එනතුරු ඔහොමම ඉන්න.. මම ඉක්මනින් පැමිණෙනවා.. " ලියල තිබ්බ පණිවිඩයෙ තිබුන.

"එතකොට මේ මාලෙ එතුමගෙමද? " 🥲🤦

කුකීට ලොකු ලැජ්ජාවක් දැනුන ඒ දවස් වල එයා Tae එක්ක හැසිරුණු හැටි මතක් වෙලා.. "මොකක් උනත් එතුම ඒ ඔක්කොම දැනගෙනත් මට ආදරේ කරනවනෙ.ඇත්තටම එතුම කොහෙ ගියාද ? ඇයි අද එලිපහලියෙන් වැඩිය සද්දයක් ඇහෙන්නැත්තෙ?  " කුකී කල්පනා කරන ගමන් හෙමින් කූඩාරමෙන් නැගිටල එළියට ආවත් පොඩි ළමයෙක් ඇරෙන්න කවුරුත් හිටියෙ නෑ.. 

"ඒහ්හ්.. පොඩ්ඩෝ.. ඔයා දැක්කද උස නිල් පාට ඇස් දෙකක් තියන අයියෙක්.. ! නෑ මාමෙක්ව? කුකී හිනා වෙන ගමන් ඇහුව..

"ඔක්කොම ගියා මුහුදෙ බෝට්ටු පදින්න.. බුම්ම්ම්..." පොඩි කොල්ල කුකීගෙ බඩටත් එකක් ගහගෙන එතනින් දුවගෙන ගියා..🤭💜️

මොකද්ද ඒ කතාවෙ තේරුම.. කල්පනා කරන ගමන් කුකී ගම් ප්‍රධානියා ඉන්න කුටියට ගියා..ඒකත් හිස් නිසා කුකී ළග තිබ්බ පොත්පත් අරන් ඔහේ පෙරළ පෙරළ බැලුවෙ කම්මැලි නිසා.. ඒත් එක පාරටම හසුනක් ඒව අතරෙ තිබිල බිම වැටුන..😳😳

My Wolf Prince__🐺🖤🥀  ✅COMPLETED ✅ Taekook ffWhere stories live. Discover now