04. My Wolf Prince____🐺🖤🥀

613 86 16
                                    

හතරවන කොටස 🔅 🔅 🔅

උදෑසන මාළිගය__ 👑
නිදිවැරීම කුමාරයට අහඹුවක් නොවුන හින්ද උදෑසනම අවදි වුනු කුමාරය දිනේට නියමිත ලිඛිත අධ්‍යයන කටයුතු , යුධ පුහුණු ඉවර කරල රාජ සභාවෙ කටයුතුත් අවසන් කරල අභියාචනා පරීක්ෂා කරන්න පොත් ගුලට යන්න පිටත් උනා..
"අර තරුණයට කරදරයක් නැතුව ඇතිද ? මං ලබා දුන්නු ආහාර ඔහුට ප්‍රමාණවත් වුනාද? ඔහුගෙ නමවත් දන්නව නම් සොයා බලන්න තිබුන.. " tae නළල රැලි කරන් කල්පනා කරා. 🤔🤔
"ඔබට ගැටලුවක්ද කුමරුනී.. " ප්‍රධාන පාලක යෙවොන් යටහත්ව විමසුවා. 🙇
" නැහැ කිසිදු ගැටලුවක් නැහැ. මං වැනි රාජ කුමාරයෙගෙ මනස වියවුල් කරන්න කිසිවෙකුට හැකියාවක් නෑ. " 😌😌
tae ඇවිදන් යන ගමන් පිළිතුරු දුන්න.

"එසේය කුමරුනි...නමුත් මා සිතුවේ ඔබතුමා පොත්ගුලට යන බවයි. මේ මාර්ගය වැටී ඇත්තේ මුළුතැන් ගේ හා ගබඩාව වෙතටයි කුමරුනී.. ඔබතුමාට අතිරේක ආහාර අවශ්‍ය නම් මට පවසන්න කුමරුනී.. මා ගොස් රැගෙන එන්නම්.. " 😅🤷 යෙවොන් පාලකතුමා ඔලුව නවාගෙනම පැවසුව.

"ඔහෝ..හ්..මං මේ ඔව්..ඔබ ගොස් පවසන්න. මෙවන් සුළු කටයුතු වලට මා යා යුතු නෑ. මා පොත් ගුලට පිටත් වෙනව. පැණි දැමූ බිස්කට් සමග ඔබ එහි පැමිණෙන්න.. " 🤦 😶‍🌫️ Tae ලැජ්ජාවෙන් රතු උනු මූණෙ අහංකාර පාටක් අමාරුවෙන් මවාගෙන මූණ දික් කරන් ආපසු යන්න හැරුන.

" ඇයි මං ඒ කටකාර කොලුව ගැන වද වෙන්නෙ? අහ් ඔව් ඔහු මගෙ යටත් වැසියෙක්.. එය සාමාන්‍යයි. කොහොම උනත් අදත් රෑට මම තානායමට ගොස් පරීක්ෂා කර බැලිය යුතුයි.. එය කුමරෙක්ගෙ යුතුකමක්..😌"

කුමාරය තව ටිකක් අහංකාර බැල්ම තද කරගෙන පොතගුලට යන්න පය ඉක්මන් කරා. සේවක සේවිකාවො පුදුමෙන් කසු කුසු ගගා කුමාරය පස්සෙන් ඇදුනෙ, මේ වගේ නොසන්සුන්තාවක් කවදාවත්ම කුමාරයගෙන් එයාල දැකල නොතිබුණු හින්ද..

සන්චොන් ගම්මානය_____🔅🏡️
කුකී ඔලුව රිදුම් දිදී උදේම ගෙදර ගියත් අම්ම තාත්තා ගොවිපළට යනකොට ඒ පස්සෙන් ගියේ උදව්වට. මොන අමාරුව තිබ්බත් දෙමව්පියො වෙහෙසෙනව බලන්න කුකී අකමැති උනා. මහා ලොකු පෝසත්කමක් නොතිබුනත් කුකීගෙ පවුලෙ අය සාමාන්‍ය ජීවිතයක් ගත කළා. පිටස්තර ගම්මානෙක ඉගෙනගන්න නැවතිලා උන්නු කුකීගෙ මල්ලි මින්ග්‍යු උනත් පවුලට බරක් නොවී වෙළදපළේ ගිනුම් ලේඛන සකසල මුදල් ඉපයුව. කුකී උනත් ලියන්න කියවන්න දැනගෙන උන්නත් රජයේ සේවා විභාග ලියන්න නොගියෙ දෙමව්පියො නිසයි.

My Wolf Prince__🐺🖤🥀  ✅COMPLETED ✅ Taekook ffWhere stories live. Discover now