එසැනින් ක්ශනිකව Tae පිටුපස හැරිල බැලුවත් කවුරුත් හිටියෙ නෑ.. 😶😶 ඇත්තටම tae ට දැනුන මාළිගයෙන් එළියට ආව හැමදාම , දවස් ගානක ඉදන් එයාව කවුරු හරි හොරෙන් ලුහුබැඳන් එනව කියල.ඒත් කාටවත්ම නොකිව්වෙ.. එයාට තර්ජනයක් වෙන්න තරම් බලසම්පන්න දෙයක් තියෙන්න විදිහක් නැති නිසා.. ( අධිතක්සේරුව කියන්නෙ ඒකට. සරලවම කිව්වොත් ලොකුකම 🤷🤦)"ජිමින්..ඔබ කොහෙද මේ..? අහ්හ් මේ මගෙ ගැණුම්කරුවෙක්. මං කිව්වෙ පොත් ඔව් පොත් ගන්නෙක්.." 🐣🤷
Tae ඉක්මනට ඉක්මනට කියාගෙන ගියේ තක්බීර් වෙලා ඉද්ද ගැහුව වගේ එයා ඉස්සරහ සොල්දාදු ඇදුමින් හිටන් ඉන්න ජිමින්ට ලාවට ඇහැක් ගහල ඉගි කරන ගමන් කිව්ව.😉"පොත් ! මං අන්තිමට කියවන්න කියල පොතක් අතට ගත්තෙ රාජ්‍ය සේවා පර්යේෂණ කාලෙ.. " 🐣🐣
ඊට පස්සෙ යුධ වාර්තා , මිනී මැරුම් අපරාධ ගැන වාර්තා ඇරෙන්න වෙන පොතක් ඇහැට දැක්ක කාලයක් ජිමින්ට මතකෙට ආවෙම නෑ.
"ඔව් උතුමා... නෑ මේ ඔව්. පොත් ගන්නෙක් හරි මොකක් හරි.. ඔබ කවුද ? මම පාර්ක් ජිමින්. මම සිල්ලාවේ සේනාධි...අහ් නෑ සෙබලෙක්. " ජිමින් කුමාරය දිහා නොබලම කුකීගෙන් ඇහුව.
🐣"පා..ර්ක් ජිමින්.. ඔහ්හ් හරිම හුරතල් නමක්.. ඔබේ මූණත් හරිම සුරතල් පාටයි. අහ්හ්.. එතකොට මේ සන්නාහ ඇදුමට උස බූට් දානවද? ඇත්තටම ඔබේ උස කොහොමද ? මටත් වඩා මිටියි වගේ. ඇත්තටම කෝමද හමුදාවට බැදුනේ.. "🐥
🤔 කුකී දොඩවගෙන දොඩවගෙන ගියා..
කේන්තියට ජිමිනගෙ මූණ රතු වෙලා තාරා හොටක් වගේ තිබ්බ පොඩි කට වෙවුල වවුල තද කරන් , අසිපතට අත යවන විදිහ Tae බලන් හිටිය. 🤬🤬"ඇත්තටම ජන්ග්කුක් තරුණයා..අපි දැන් යන්න ඕනෙ. අපි ආයෙත් පසුව හමුවෙමු.."
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Loup-garouමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...