• 🦋🦋🦋 •
"වාහ්...මේව ලොකු මුදලකට විකුණන්න පුළුවන්.. ඔයා මීට පස්සෙ හැමදාම මං බේත් පැළෑටි හොයන දවසට එක්ක එන්න ඕනෙ.. මං ඔයාට ඒ වෙනුවට රෑ කෑම සංග්රහහයක් දෙන්නම්.. අනිවාරෙන් එනව නේ...ද? "
හිතුවට වඩා ගොඩක් ජින්සෙන් අල ගොඩක් හම්බුණාට ගොඩක් සතුටින් හිටපු කුකී හාරන එක පැත්තකට දාල එකපාරටම ළග හිටන් හිටපු Tae ගෙ කකුල් දෙක බදන් පූසෙක් වගේ මූන අතුල්ලන ගමන් උඩ බලන් ඇහුව..🥺🥺
"මං පුළුවන් හැම දවසට අනිවාරෙන්ම පැමිණෙන්නනම්.. බළල් පැටියෝ..." 😽💜️
වෙනද වගේ අහකට පනින් නැතුව හෙමින් නැවිල එයාගෙ කකුල් දෙක බදන් හිටපු කුකීගෙ කෙස් අතරින් එයාගෙ ඇගිලි යවල කුකීගෙ ඔලුව හෙමින් අතගාන ගමන් කිව්ව.
ඒ වැඩේට නම් කුකීව හෙලිලා ගියා.. හදවත මොකද්ද වෙලා යනව එයාට දැනුන... ගැස්මත් වැඩි වෙනව වගේ එයාට දැනුන.. නිකන් ඇග ඇතුලෙ ඉටි පන්දමක් එකපාර දිය වෙලා යනව වගේ සමනල්ලු පියාඹනව වගේ එයාට තේරුනා...🤤🕯️🦋
තත්වෙ සාමාන්‍ය කරන්න කුකී හිනාවක් දාල ඉක්මනට Tae ගෙ කකුල් දෙක වටෙන් අත් අයින් කළා..
"ඔ..ඔයා විහිලු කරන්නත් ඉගෙනගෙනනේ වැන්ගෝ Hyung.." කුකී කිව්වෙ වැඩිය හිටන්නැතුව..🥲🥲
"මේ මනුස්සය මේ තරම් ආකර්ෂණීය උනේ කොහොමද ඇත්තටම.. ඇත්තටම ඕනෙ තරම් වෙලාවක් ඒ මූණ දිහා බලන් ඉන්න පුළුවන්.. කටහඬත් හරිම ගාම්භීරයි..අනික ඇස්.. ඔච්චර නිල් පාට ඇස් තියන කවුරුත් මම මේ සිල්ලාවෙ දැකල නෑ... අර සුවඳ විළවුන් අරන් එන කොණ්ඩෙ තඹ පාට පිටරට වෙළෙන්දන්ගෙ උනත් නිල් ඇස් තිබුණට මේ තරම් ලස්සන නැහැනෙ.. අනික එයාගෙ අත් ගොඩක් රස්නෙයි.. " ඉක්මන් සිතුවිලි ගොඩක් එකපාරටම කුකීගෙ ඔලුවට ආව..
"Hyung මේ දැන් ඔබ කිව්වෙ එහෙමද ? නැතිනම් ඇහුන ආකාරයද? ඔව් ඒක මට ගැළපෙනව.. මං ඔබට වඩා අට වසරක් වැඩිමහල්.. අනික මම ඔබට වැඩිය අගල් ගනණක් උසයි.. 😌😌 Tae බිමට වෙලා අල හාරන මුල්ලුව අත ගගා ඇස් බෝල කරන් එයා දිහා බලන් හිටපු කුකීට කිව්ව.. 🥺🥺
ඒ වචන් ටිකෙන් කුකී ආයෙත් සැබෑ ලෝකෙට කඩන් වැටුන..💔🥲" අහ්හ්.. පෝඩ්ඩක් උස උනා කියල ඕක ඔච්චර කියවන්න ඕනෙයෑ.." 😒
ලැජ්ජාවෙන් රතු උනු කූකී එහෙම කියන ගමන් ආයෙත් අල හාරන වැඩේට බැස්ස.. වෙනද වගේ දහගුණේක විතර බේත් වර්ග වෙනදටත් කලින් වේලාසනිනම හොයා ගන්න හවස් වෙද්දිම Tae ගෙ උදව්ව හින්ද කුකීට පුළුවන් උනා.. වෙනද රෑ වෙනනකන් හෙව්වත් කූඩයක් පිරෙන්නවත් බේත් පැළෑටි හම්බුනෙ නෑ.. ඒ ගැන කුකී හිටියෙ ගොඩක් සතුටින්.. ඒ අතරේ පුළුවන් හැම තැනම Tae අර වෘක කොල්ල ගැන හෙව්වත් කිසිම ඉවක්වත් හෝඩුවාවක්වත් ඒ ගැන ලැබුනෙ නෑ..දුවපු පාරක් ගම්මානෙක සලකුණක් තියා මිනිස් වාසෙක සළකුණක්වත් තිබුණෙ නෑ.. 🤷
"කැලේ මිනිස්සු නොයන පැත්තෙ ද එතකොට ඒ දරුව ඉන්නව ඇත්තෙ?" tae ආපහු එන්න හැරෙද්දි කල්පනා කළා.. 🤷🤷
බරටම කූඩ පිරෙන්න බේත් පැළෑටි උස්සගෙන Tae කුකී එක්ක ටිකක් රෑ වෙන්න ළං වෙද්දි ගම්මානෙ සීමාවට ආව..
ඒත් මොකද්ද ලොකූ කලබලයක් ගම්මානෙ පැත්තෙන් ඇහුන.. ගැහැණු මිනිස්සු ළමයි ළතෝනි තියන හඩවල් එක්ක ලොකු ගිනි ජාලාවක් දුර තියාම දෙන්නට පෙනුනා.. මිනිස්සු හිස් හැරුණු හැරුණු අතේ දුවනව එයාලට පෙනුන..
"ජපන්නු ඇවිල්ලා...! " 😳😳
ළතෝනි අස්සෙන් මිනිස්සු කෑ ගහනව ඇහුන.
තුශ්නිම්භූත වෙලා ටිකක් වෙලා මේ භීෂණේ දිහා ටිකක් වෙලා බලන් හිටපු කුකී මුලින්ම හොඳ සිහියට ආව..
" දෙයියනේ අම්මයි තාත්තයි.. "
බෙහෙත් කූඩ විසි කරල දාපු කුකී සෙනග අස්සෙන් පිස්සුවෙන් වගේ එයාගේ ගෙදර දිහාට දුවන්න පටන් ගත්ත.. හොඳ සිහියට ආපු Tae ත් වෙන දේ හිතා ගන්න බැරුව එයා ගෙනාව බේත් කූඩෙ බිම දාල කුකී පස්සෙන් දුවන්න උනා...
"අම්මා.. තාත්තා.. දෙන්නම අනිවාරෙන් හොදින් ඉන්න ඕනෙ.. එයාල හොදින්... කරුණාකරල ආරක්ෂා වෙලා ඉන්න.." පිස්සුවෙන් වගේ දුවන ගමන් කුකී මිමිණුව..
මතුසම්බන්ධයි... 🥀🍂🥀🍂🥀🍂🥀🍂
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Перевертніමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...