🥺🥺🥺 ඇගේ නූල් පොටක්වත් නැතුව කතිරයක්වගේ නිදාගෙන ඉන්න කුකී දිහා ටිකක් බලන් හිටපු Tae දිග හුස්මක් පිට කරල පොරෝනාව අරන් කුකීගෙ ඇගට දැම්ම.. ඊට පස්සෙ අර ටිකකට කලින් රස්නෙයි කියපු කුකිය අර පොරෝනාව ඇතුළට අත් කකුල් හතරම අරන් Tae ඉදගෙන හිටපු පැත්තට හැරිල වකුටු උනා..
" ඔහු හරිම සුරතල් හා පැටියෙක් වගේ... Tae හෙමින් කුකීගෙ කම්මුල පිරිමදින ගමන් හිතුව.. 🐰😘
"අහ්හ් මම මේ මොනවද හිතන්නෙ.. මට මේ මොනව වෙලාද? අනික මොහු පිරිමි පුද්ගලයෙක්.. කිම් ටේහ්‍යුන්ග්.. ඔබ කුමාරයෙක්...එය මතකේ තබා ගන්න.. "
එක පාරටම Tae ට මතක් උනා එයා තමයි රටේ කුමාරයා කියල.. 😞😞____ඇත්තටම ටිකක් හරි හදවතට ඇහුම්කන් දෙන එක වැරදිද? කොච්චර කාලයක් තමන්වම තමන් ඇතුළෙ හිර කරන් ඉන්නද?____🥀🥀🥀🥀
Tae එයගෙ පපුවට අත තියල බැලුව.වෙනදට වඩා හයියෙන් හද ගැස්ම වේගවත්ව එයාට දැනුන... ඇත්තටම කුකී එක්ක ඉන්න හැම වෙලේම එයාට එහෙම දැනුන.. 💓💓
"ඇත්තටම මම සෑම විටම කළේ මගේ මනසට අවනත වෙලා හදවතක් නැති අයෙකු වගේ ජීවත් වීම.. " Tae දිගටම කල්පනා කළා.. ❤️🩹
මේ අවුරුදු ගානටම එක එක රටවල කුමාරිකාවන් ගොඩකට Tae ව මුණ ගස්වල තිබුණ. ඒත් ඒ කිසිම කෙනෙක් ළගදි Tae ට කතාබහ කරන්නවත් කෙළින්ම " බෑ " කියන්නවත් නොසන්සුන්තාවක් පැකිලීමක් දැනුනෙ නෑ...ඒ කිසිම කෙනෙක් එක්ක දෙමාපිය බල කිරීමට සිද්ද වුණු පළවෙනි හමුවීම ඇරෙන්න ආයෙත් උනේ නෑ.. කුමරියන්ම නැවත හමුවීම් ඉල්ලුම් කළත් Tae ඒව සීතල විදිහට ප්‍රතික්ෂේප කළා..ඒත් මේ වෙද්දි තත්වෙ වෙනස් කියල Tae ට දැනුන. කුකී ළගදි එයාට වචන ගළප ගන්න හරි අමාරු උනා..අනික එයා සුරතල් විදිහට අහන කිසි දේකට බෑ කියන්න එයාට බැරි උනා.. ඒ වගේම කොහොමත් තද ගතිගුණ තිබ්බ tae ට කුකී ඉස්සරහ එහෙම ඉන්න බැරි උනා.. ඉතිං එයා කරේ තමන්ව පාලනේ කර ගන්න එක නේද කියල Tae කල්පනා කරා.. කුකී එයාව අල්ලද්දි.. හදවත කිව්වෙම ඒක නවත්තන්න එපා කියල උනත් මනස කියන දේ අහල ඇගේ එල්ලිලා හිටපු කුකීව ගලෝල දාපු අවස්තා එයාට මතක් උනා..
ඇත්තටම Tae කුකී එක්ක හිටපු හැම මොහොතෙම කළේ තමන්ගෙ සිතුවිලි , තමන්ගෙ හැඟීම් එක්කම සටන් කරපු එක... 🥀🍂
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Wilkołakiමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...