❤️🩹❤️🩹❤️🩹
"ඔබේ අත දෙන්න.." මුහුද වගේ නිල් පාට ඇස් දෙක එයා දිහාටම යොමු කරන් Tae එයාගෙ ගැඹුරු කටහඩින් කිව්ව.. "කොහෙද අපි මේ යන්නෙ..? " කුකී ප්‍රශ්නාර්ථ බැල්මෙන් ඇහුව..
"අපි යන්නෙ වෙරළට.. දැන් ඇස් විවර කරන්න.. කරුණාකරල.." Tae ගෙ කටහඬ කිව්ව.. 🥺🥺කුකී අමාරුවෙන් ඇස් ඇරිය.. වටේ පිටේ හැම දෙයක්ම එයාට බොඳ වෙලා පෙනුන.. ඔලුව ගසල දාල.. ඇස් තද කරල පියාගෙන ආයෙත් විවර කළාම එයාට වටේ පිටේ තිබ්බ දේවල් පෙනුන..
එයාව කණුවක බැදල තියෙන්නෙ කියල එයාට දැනුන.. අත් දෙක උඩට කරල එකට ගැට ගහල කණුවටම බැදල තිබුන.. අත් දෙක හොලවන්න හැදුවත් එකම විදිහට ඉදල අත් දෙක නොදැනෙන ගානට හිරි වැටිල තිබුන.. එයා ඉදිරියෙන් සෙබළු එහාට මෙහාට යනව බොඳ උනු ඇස් වලින් එයාට පෙනුන.. ඒ අතරෙ එක සෙබළෙක් කුකී හෙලවෙන විදිහ දැක්ක.. ඔහු ජපන් භාශාවෙන් මොකක්ද කියාගෙන කූඩාරම් දිහාවට දිව්ව... 😶😶
උඹද අපේ උතුම් නායකතුමා ව මරා දැම්ම අවජාතකය ?"
ටික වෙලාවකින් ප්‍රධානියෙක් කියල හිතන්න පුළුවන් ජපන් සෙබළෙක් ඇවිත් කිනිස්සක් කුකීගෙ බෙල්ලට තියල කැඩුනු කොරියානු භාශාවෙන් ඇහුව..
කුකී කතා කරන්න කට ඇරියත් මුළු ඇගෙන්ම දැනුනු ඇටකටුත් හිරි වැටිල වගේ දැනෙන වේදනාව හින්ද කටහඬවත් එළියට ආවෙ නෑ.. "මට මම ජීවත් වෙනවද මැරිලද කියලවත් දැනෙන්නෙ නෑ.. කුකී අවසිහියත් සිහියත් අතර ඉදන් කල්පනා කළා..
"දැන්ම මම උඹව මරන්නෙ නෑ.. උඹට අපා
ය මොන වගේද කියල මම පෙන්වන්නම්.. "එහෙම කිව්ව සෙබළ කුකීගෙ ඉරිල තිබුන උඩ ඇදුම ඉරල දාල පපුවට පහළින් කිනිස්සෙන් කුකීගෙ සම උඩින් කිනිස්ස අරන් ගියා.. වේළිලා තිබ්බ කුකීගෙ උගුරෙන් ගොරහැඩි හඩක් පිට උනත් කුකීට ඇත්තටම සිහිය තියනවද නැද්ද කියලවත් නොදැනෙන ගානට කුකී අඩපණ වෙලා හිටිය..
ලේ වැක්කෙරෙද්දි ඒ අමානුෂික සෙබල කුකීගෙ බඩේ ජපන් අකුරක් කුරුටු ගාල තිබුන..
උඹ දන්නවද මේ මොකද්ද කියල ඒකෙ තේරුම තමයි " අපාය " ඒ අමනුස්සය දත් විළිස්සල හිනා වෙන ගමන් කිව්ව.. " මූට මැරෙන්න දෙන්න එපා වතුර එකක් ගහපන්.. " ලේ වැගිරෙමින් ආයෙත් සිහිසුන් උනු කුකීගෙ කකුලට පයින් පහරක් එල්ල කරන ගමන් තවත් සෙබළෙක්ට අණ දුන්න..
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Hombres Loboමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...