🍂•🍂•🍂•🍂
" මොනවද ඔබ මෙහෙ කරන්නෙ..!? "
Tae පුදුමෙන් මින්ග්‍යු ගෙ මූණට එබිල ඇහුව... ඒත් කට බැදල නිසා එයා කෙදිරි ගෑව විතරයි.. 😶
tae කට බැදල තිබ්බ රෙදි කෑල්ල අයින්කරාම මින්ග්‍යු වේගෙන් හුස්ම ගත්ත..
" ම..මං මේ කි..කිසි දෙයක් දන්නෙ නෑ.. ඔහු කිව්වෙ හසුන ගිහින් දෙන්න විතරයි.." මින්ග්‍යු ගොත ගැහුව..
" කවුද ඔහු කිව්වෙ?? මොකාට ද ගිහින් දෙන්න කිව්වෙ? " ජිමින් ඇහුවෙ මින්ග්‍යු ගෙ කොන්ඩෙන් අල්ලල පස්සට අදින ගමන්.. 😶😶
" ඔහුට රිදවන්න එපා.. "tae කිව්වෙ ජිමින්ගෙ අත හෙමින් වළක්වන ගමන්..
" කු..කුමරුනි.. ඔ..ඔහු.. හ..හන්සෝ.. ම..මගේ මිතුරෙක්.. මම කලින් හිටි සංවිධානයේ මිතුරෙක්. ඔහුව නායකතුමා ඒ සංවිධානයෙන් නෙරපුව වැසියන්ට බෙදන්න දුන්නු මුදල් වංචා කරල.. ම..මම දැන් ඒ සංවිධානයෙන් ඉවත් වෙලා හිටියත් ඔහු මට කිව්ව උදව්වක් විදිහට මේ හසුන ගිහින් වැඩිමල් කුමරුගෙ කුටියෙන් තබල එන්න කියල.. ම.. මට රන්කාසි දෙනව කීව.. මට ඕනෙ උනේ මම සංවිධානයෙන් අයින් වෙන නිසා ඒ මුදල් අපේ නායකතුමාට දීල සතුටින් එතුමට සමුදෙන්න.. " මින්ග්‍යු කියවගෙන ගියා.
" උඹව විශ්වාස කරන්නද කියන්නෙ? උඹ දන්නවද උඹේ ඒ මිතුර හානි කළේ කාටද කියල.. " ජිමින් ආයෙත් වියරු හඩින් කෑ ගැහුව.. 💔
ඇත්තටම මේ සහෝදරයන්ට මොනව වෙලාද කියල ජිමින්ට හිතා ගන්න බැරි උනා.. එයාට ඒ ගැන හිතලම ගොඩක් තරහ ගිහින් තිබුන.. ඇයි මෙහෙන් tae ගෙ අයියණ්ඩි එකපාරට ඇවිත් වද දෙනව. එහෙන් කුකීගෙ මල්ලිගෙ මිතුරෙක් කුකීට තුවාල කරල.. ජිමින්ට මේ වෙන විකාර බලල ඇති වෙලා තිබුන.. එයාගෙ හොඳම මිතුර වෙච්චි tae ගෙ පළවෙනි ආදරේ මේ තරම් විදවීමක් වෙන එක දැක්කම එයාට දරාගන්න බැරි උනා.. 🥺🥺
" ඔබට ඔහු ඉන්න තැනක් කියන්න පුළුවන් ද? ඔහුට කරදරයක් කරන්නෙ නැහැ.. ඒ ගැන පොරොන්දු වෙනව.. " tae කිව්වෙ මින්ග්‍යු කියන්නෙ බොරුවක් නෙවේ කියල දැනුනු නිසා..
'' ඔ..ඔව්..ඔහු ඉන්නෙ මෙ.. මම හිටපු ගමේමයි.. වෙරළ ළග... ඔහු දඩයමේ යනව..අනිත් වෙලාවට ඔහු ඉන්නව..'' මින්ග්‍යු කිව්වෙ ජිමින් දිහා බයෙන් බලන ගමන්..
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Hombres Loboමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...