32.My Wolf Prince____🐺🖤🥀

385 67 19
                                    

🌻🌿🌻🌿🌻🌿🌻🌿

Tae ට කුකී ගැන ඇත්තටම දුක හිතුන.. කුකී ගැන තරහ ගත්ත වැඩියි කියල Tae ටම තේරුනා.. එයා ඇතිරිල්ල අරන් කුකී ළගට ගිහින් නිශ්ශබ්දව ඒක කුකී ලගින් එළල නිදන් ඉන්න කුකීව හෙමින්ම ඔසවල ඇතිරිල්ලෙන් දිගා කෙරෙව්ව.. කුකී ලගිනම ඇලවුනු Tae කුකී තෙමුන නිසා උණද කියල අත තියල බැලුව.. ඒත් ඇග රත් වෙලාවත් තිබුණෙ නෑ..  💗🤗

"ඔහු දැන් බලයන් ආපසු ලැබුන නිසා කලින් වගේ ඉක්මනින් අසනීප වෙන්නෙ නෑ.. ඒත් ඇයි ඔහු මේ තරම් බොළඳ ? ඇයි ඔහු කුණාටුවක් වගේ එකවරම වෙනස් උනේ" tae එයාගෙ ගෙ සිපගැනීමේ සැරට පැළිල රතු වෙලා තුවාල වෙලා තිබුන කුකීගෙ දෙතොල් හෙමින් එයාගෙ දිගු මහපටැගිල්ලෙන් පිරිමදින කල්පනා කළා..

ඒත් එක්කම Tae ට මතක් උනා කුකී කලින් කියපු කතාවක්.. ඒ Tae ලගදි එයාට පාලනයක් නැති වෙනව කිව්ව කතාව.. ඔහු කෙතරම් වයසින් වැඩුනත් ආදරය ගැන හිතද්දි ඔහු ක්‍රියා කරන්නෙ ළදරුවෙක් වගේ.. ඒක ඇත්තටම ඔහුගෙ වරදක් නෙවේ.. ඔහු ගොඩක් සංවේදී වැඩියි.. කල්පනා කරනව වැඩියි.. එනිසා මම ඔහුට බැනල කෝප අරගෙන ඵලක් නෑ.. මමම තමයි ඔහුව තේරුම් අරගෙන ඔහුව ආදරෙන් බලා ගන්න , දරාගන්න ඕන..මේ කෙටි කාලයේදි ඔහුට අමුතු , දරා ගන්න බැරි අත්දැකීම් ගොඩකට මුහුණ දෙන්න සිද්ද උනානෙ.. ඔහුට ඒව දරා ගන්න අමාරු වෙන්නැති.." Tae කුකීගෙ කෙස් අතරින් හෙමිහිට අතැගිලි යවල ඔලුව අතගාන ගමන් හිතුව.. 🥺💗 

"ඔව්..නැවත කිසිදාක ඔහු ගැන කෝප වෙන්නෙ නෑ.. ඔහු කුමක් කළත් ඔහුව තේරුම් ගන්න උත්සාහ කරනවා.. වරදක් කළොත් ආදරෙන් පැහැදිලි කර දෙනව.. කිසි දාක ආයෙ ඔහුට රිදවන්නෙ නෑ.. " අන්තිමට තීරණේකට ආපු Tae කුකීගෙ නළලට හාදුවක් දීල එයාව තුරුල් කරන් නින්දට වැටුන.. ❤️‍🩹🫂

• ~ (Ps - over sensitive හැමෝටම එයාලව ආදරෙන් බලා ගන්න Over caring මිනිස්සු හමු වෙන්නෙ නෑ.. ඉතින් ඔයාලටත් Tae වගේ Over protective , Over caring  අය හමු වෙලා තියේ නම් පරිස්සමින් රැක ගන්න..එහෙම අය අඩුයි.. 🙂❤️‍🩹 ) ~ •

🌻💤🌻💤🌻💤🌻💤🌻💤🌻

උදේ මුලින්ම ඇස් ඇරියෙ කුකී.. Tae එයාව තදින් තුරුල් කරන් ඉන්න විදිහ දැකල ගොඩක් සතුටු හිතුන..එයාට සමාව දීල ඇති කියල.. ඒත් එක්කම Tae අවදි වෙනව වගේ දැක්ක නිසා කුකී ආයෙත් ඇස් තද කරල පියාගෙන නිදි වගේ හිටිය..

My Wolf Prince__🐺🖤🥀  ✅COMPLETED ✅ Taekook ffWhere stories live. Discover now