💔💔
හිස් බැල්මෙන් ගඟ දිහා බලන් හිටපු Tae ගෙ ඔලුවට එක එක සිතුවිලි ගලාගෙන ආව..
"මම ඇත්තටම ඔහුට මං ගැන කිසිම දෙයක් කියල නෑ..ඔහුට මාව දැනෙනව ඇත්තෙ තවත් එක් ආගන්තුකයෙක් ලෙස පමණයි. මටවත් ඔහු ගැන මගේ හැගීම වැටහෙන්නෙ නැතිව ඔහු කොහොම වටහ ගන්නද? ඇත්තටම මම ඔහුට ආදරේ කරනවද? ඇයි මට දැනෙන්නෙ ඔහු අසළින්ම ඉන්න අවශ්‍යයි වගේ.. ඒත් ඔහුට එහෙම මාව අවශ්‍ය නැත්නම් කරදර කරන එක ඔහුට වදයක් වෙන්න ඇති.. ඔහුට සුව උනාම මං නැවත මාළිගයට යනව.මං ගැන ඇත්ත නොකියම මම ඔහුගෙන් සමුගෙන යනව.. Tae ගලාගෙන යන ඟං දිය දිහා බලාගෙන කල්පනා කළා.. 😞😞😞
"ඔබතුමා කුමක්ද ඔතන කරන්නෙ? " ගම් ප්‍රධානියා Tae පිටිපස්සෙන් ඇවිත් ඇහුව.
"කිසිවක් නෑ.. ඔහුට දැන් සුව නිසා මං ආපසු මාළිගාවට යන්නයි හිතුවෙ.." Tae කිව්ව.
"ඔබතුමා ට ඇත්තටම ඇය කිසිවක් පැවසුවෙ නැද්ද ? Taeri ? " ප්‍රධානිය ඇහුවෙ Tae ලගින් බිම ඉදගන්න ගමන්..
"ඇය ඔබතුමාට කැමැත්තක් දක්වනව..ඔබතුමා කුමාරයෙක් කියල දැන ගන්නත් කලින් ඉදන් ඔබතුමා දරුණු තුවාල ලබල මෙහෙ ගෙනාව කාලෙ ඉදන්ම ඇය ඔබතුමා ගැන පැහැදීමෙන් ඉන්නව.. මම දුටුව ඔබතුමා අර තරුණයාගෙ ඇද ළග රාත්‍රියේ නිදන් ඉද්දි ඇය ඔබතුමාගෙ හිස අතගාල පොරෝනාවක් පෙරවල යනව.. මං ඒ සිද්ධිය ගැන ඇයගෙන් ඇසුවම ඇය මට සත්‍යම පැවසුව.🥺🥺
ඇය ඔබතුමා තුවාල වෙලා ඉන්න කාලෙ නොකානොබී ඔබතුමා වෙනුවෙන් ගොඩක් වෙහෙසුනා.. දැනුත් ඇය පැවසුවෙ මේ අසනීපයෙන් ඉන්න කෙනා ඔබතුමාට ඉතා වැදගත් අයෙක් නිසා ඔහුව කෙසේහෝ සුව කරන බව.." ප්‍රධානියා මේ විස්තරය කිව්වම tae ට මතක් උනා කුකීට සිහිය ආව උදේ Tae රාත්‍රියේ කිසිම පොරෝනාවක් නොතිබ්බත් උදේ පොරෝනාවක පැටලිලා වැටෙන්න ගිය හැටි. 😶😐
"එහෙනම් ඇය තමයි එය පොරවල තියෙන්නෙ..ඒත් ඇයි එහෙනම් ඇය ජන්ග්කුක් ව වැළදගෙන හිටියෙ.. Tae කල්පනා කළා. 😶😶
"ඔබතුමාට හැකිනම් ඇය ගැන සලකා බලන්න..ඒත් ඔබතුමාගෙ මාපියන් ඒ වගේ සබඳතාවක් ගැන මොනවගේ අදහස් දරනවද කියන්න මම දන්නෙ නැහැ.. ඒත් ඇය ඉතාම අහිංසක යහපත් තරුණියක්..වංශවත් කුමරියක් නොවුනත් ඇය ඉතාම කරුණාවන්තයි.. ඇය ඔබතුමාට මේ ගැන කියන්න නැතිව ඇත්තෙ ඒක ඔබතුමාට අපහසුවක් වේවි කියල වෙන්න ඕනෙ.. එහෙනම් මම පිටව යනව කුමරුනි.. කරදරයක් උනා නම් සමාවෙන්න.. "
YOU ARE READING
My Wolf Prince__🐺🖤🥀 ✅COMPLETED ✅ Taekook ff
Werewolfමේකෙ මගේ පළවෙනි TK කතාව. 🔞 කොටස් සහිතයි..ඒ නිසා කැමති අය විතරක් කියවන්නෝ..මේ චරිත අපේ ඇත්තම idols ල එක්ක කිසිම සම්භන්ධයක් නෑ.. Taekook Story වලට කැමති අය මේ කතාව කියවලා ඔයාලගෙ අදහසුත් කියන්න...