26.My Wolf Prince____🐺🖤🥀

413 67 16
                                    

🦋🦋🦋🦋🦋🦋🦋

කුමරිය පැමිණි නිසා රාත්‍රී භෝජන සංග්‍රහය කටයුතු සැරසිලි කටයුතු සේරම සංවිධානය tae ට සෘජුවම අධ්‍යයනය කරන්න රජු නියෝග කළ නිසා දහවල් වෙලාවත් කුකී බලන්න යන්න බැරි උනා..ඒ ගැන ගොඩක් දුකින් හිටියත් පියාගෙ අණ අහකදාන්න බැරි නිසා Tae ට උත්සව සංවිධාන භූමියෙන් අයින් වෙන්න බැරි උනා..🥺🥺🥺

ඒ නිසා කිකීට කෑම ගෙනයන වැඩේ Tae ලොකුම විශ්වාසවන්තය උනු  ජිමිනට පැවරුව..ජිමින කෑමයි අලුත් ඇදුම් ටිකකුයි අරන් කුටියට යද්දි කුකී කම්මැලිකමේ පොත් කියව කියව හිටිය..

''ඔබ නම් පුදුම තරුණයෙක්.. මාලිගාවට එන්න ඔබ වෙස්වලාගත් හැටි ආරංචි උනා.. මගේ නැගනියන් ඔබට දීල තිබුනෙ ඔවුන්ගෙ හොඳම සළුපිළි.. ඉතින් අනිවාරෙන් ඔබ හොඳ පෙනුමට ඉන්න ඇති.. " ජිමින හිනා වෙන ගමන් ඇහුව.. 🐣🐣

" ඔබට දැන් සුවයි නේද? tae කිව්ව ඔබට උන කියල.. " ජිමින ලග පුටුවකින් ඉද ගන්න ගමන් කිව්ව..

"අනේ ඔබේ පවුලෙ අය හරිම කරුණාවන්තයි.. විශේෂයෙන් ඔයාගෙ නංගිලා.. මට මගේ මල්ලි මතක් උනා එයාල එක්ක ඉද්දි.. කුමරිය ව දැක්ලද? ඇය මොන වගේද? ලස්සනයි ද? කුකී ප්‍රශ්න වැලක් ඇහුවෙ ජිමින් ප්‍රශ්න වල අග මුල ගලපන්න හදද්දි..🥲🥲

"අහ්හ් ඇදුම් මේ වංශවත් අයගෙ ඇදුම් නේද? දැන්ම මේව ඇදල බලන්න ද?"  කුකී ඇහුවෙ ඇදුම් ටික දැක්ක ගමන්..

"කුමරිය නම් ඉතාම ලස්සනයි.. ලස්සනයි කියනවට වඩා කඩවසම් වගේ කියනව නම් ගොඩක් ගැළපෙනව.. ඇය ලාමක නම් නැහැ..හරිම තද ගතිගුණ තියන කෙනෙක් වගේ..මාළිගාවෙ කට්ටිය ඇයට දැනටම කියන්නෙ කැළෑ කුමරිය කියල.. සහෝදරයා ගැන කියනව නම්  මමත් ගම් පිරිසත් සේරම ඔහුව සොයනව... අනිවාරෙන් ඔහුව හමු වේවි.. අනික් ගම්මාන වල පිරිස ගොඩක් කදුකරයට පළා ගිහින්ලු.. ඒ නිසා ඔහු අනිවාරෙන් පැනගන්න ඇති.. "

ජිමින කිව්වෙ  කොර ගහ ගහ එයා ලගට ඇවිත් ඇදුම් ටික උදුරන් ගිහින් කිසි ලැජ්ජාවක් නැතුවම එයා ඉස්සරහටම වෙලා ඇදුම් මාරු කරන කුකී දිහා පුදුමෙන් බලන් ඉන්න ගමන්..

" මොහු නම් ඉතා අමුතුයි.. හරිම ඉක්මනින් හැමෝවම මිතුරු කර ගන්නව.. " ජිමින හිතුව..

My Wolf Prince__🐺🖤🥀  ✅COMPLETED ✅ Taekook ffWhere stories live. Discover now