යුංගි ඔය විදියට නිදාගෙන ඉන්න අතරෙ කැඩිච්ච ජනෙලෙන් එලිය බලාගෙන හිටියෙ මහා පාළුවක් වගෙම මොකක්දො අමුතු මූසල හැගිමක් දැනෙද්දි..ඒත් යුංගිට ඒ හැගිම ඇතුලෙ ඉන්න ලොකු ආසාවක් නොදැනුන නිසා...යුංගි ඒ අවදානෙ කඩලා හෙමින් සැරෙ මෙසෙ උඩ නිදාගෙන ඉන්න හොසොක් දිහා බැලුවෙ කැඩුන ජනෙලේ අතරින් එන හුලග හොසොක්ගෙ කෙන්ඩේ වැදිලා හොසොක් කොච්චර නිහඩ උනත් හොසොක්ගෙ දගකාරකම තාමත් තියෙනවා කියලා පෙන්නන්න වගෙ...යුංගි හෙමින් සැරේ නැගිටලා හොසොක් ලගට කිට්ටු වෙලා හොසොක් දිහා බලාගෙන හිටියෙ යුංගිටත් නොදැනිම යුංගි හොසොක්ගෙ කොන්ඩේ අතරින් හෙමින් සැරේ ඇගිලි ගෙනියද්දි...යුංගි හොසොක් දිහාම බලාගෙන හිටියෙ කරුවලට මොදු වුන හද එලිය පාළු ගෙදර හිල් වහලෙ සිදුරු අතරින් හොසොක්ගෙ මූණට වැටිලා හොසොක්ව දෙවතාවක් වගෙ ලස්සනට යුංගිට පෙනෙද්දි යුංගි හොසොක්ගෙ රූපෙ අතරෙ අතරමන් උනෙ තාපසයෙක් තවුස්දම් පුරනවා වගෙY:හොසොකා~ගොඩක් රිදෙනවා නේද?හුම්ම්?ඔයා ඔහොම ඉන්න එක ඔයාට ගැලපෙන්නෙ නෑ..
යුංගි හොසොක්ගෙ මූණෙ තිබුන සිරුන පාරවල් ලාවට අත ගාන්න ගත්තෙ හරිම පරිස්සමට..යුංගිගෙ හිතෙ තිබුණෙම හොසොක්ට මෙහෙම වුනෙ තමන් නිසා කියලා..ඒත් ඇත්තටම හොසොක්ට මේ ඉරණම ලැබුනෙ ඇත්තටම යුංගි නිසාද? නැත්තං?
යුංගි ගොඩක් වෙලා නිශ්ශබ්ද හොසොක් එක්ක මහා බර විදියට කතා කලේ කවියෙක් කවි ලියනවා වගෙ...ඔය විදියට ඒ දවස ගෙවිලා ගියෙ යුංගිටත් මහන්සියට නින්ද යද්දි...
යුංගි පහුවදා උදෙන්ම පුරුදු විදිහටම පාන්දර 3 වෙද්දි නැගිට්ටාත් හොසොක්ට ඒ වෙනකොටත් සිහියක් තිබුනෙ නෑ...මේ ගෙවෙන දවස් ග්රිස්ම කාලෙක දවස් වුනෙ මේ යුද්ධය නිසා සෙබාවදහමත් කම්පා වෙද්දි..ඒත් සොබාදහමත් එන්න එන්නම දරුණු කලේ රශ්මිය මිසක් සිතල නෙවෙයි මොකද මේ ගෙනෙන්නෙ ග්රිස්ම කාලය නිසා
ඔය විදිහට ඒ දවසෙත් දවල් වෙනකම්ම කාලෙ ගත වුනත් තවමත් හොසොක්ට සිහිය ආවෙ නෑ..යුංගි උදේ ඉදන් එහෙ මෙහෙ පාළු ගේ ඇතුලෙ කරක් ගගහා ඉදලා ඉදලා හොසොක් ලගින් වාඩිවෙලා පොන් එක අතට ගත්තාත් පොන් එකෙ බැට්රි ගාන දැකලා යුංගි උඩ ගියෙ ලයිට් එකක්වත් නැති මේ පාළු බංගලාවෙ කෙහෙන් කරන්ට් එක හොයන්නෙ කියලා...යුංගි පොන් එකත් පැත්තකට කරලා තිබ්බෙ අතේ තිබ්බොත් බැට්රි බැහැලා ඕෆ් වෙනකම්ම ඕක ඔබන්න වෙනවා කියලා දන්න නිසා..යුංගි හෙසොක්ගෙ ලගින්ම චූට්ටක් හොසොක්ව එහාට කරලා ඇල වුනෙ ඇගෙ මහන්සියට වුනත් විනාඩියක් යන්න කලින් හොසොක්ට හොදට නින්ද ගිහින් තිබුනෙ..හොසොක් වැටෙයි කියන බයට යුංගි නින්දෙන්ම හොසොක්ව තමන්ගෙ ඇගට තුරුල් කරගද්දි...ඔය විදිහට යුංගි හොසොක්වත් තුරුල් කරගෙන නොදැනිම පැය ගානක ලොකු නින්දක් ගිහින් නැගිට්ට වුනෙ රෑවෙලා...යුංගි හෙමින් සැරේ නැගිට්ටෙ තමන්ගෙ තුරුලෙ ඉන්න හොසොක් දිහා බලාගෙන අමුතු හැගීමක් හිතට දැනෙන්න ගත්තෙ යුංගිගෙ පපුව එකසිය ගානට ගැහෙද්දි..යුංගිට පුදුම හිතුනෙ මීට කලින් ජීවිතෙ එකම එක දවසක්වත් නොදැනුන විදියට යුංගිගෙ පපුව අද ගොඩක් හයියෙන් ගැහෙන්න ගත්තා නිසා..යුංගි දන්නවා ඒ බයක් නෙවෙයි කියන්න ඒත් යුංගිට තාම අවබොධයක් තේරුමක් නෑ මේ මොකක්ද කියන්න