**KBS BREAKING NEWS**.... ලැබුන පුවතක්..සොවුල්හි පැරණි අතහැර දැමු කන්ටේනර් ඇති ප්රදේශය පිටුපස මීට සුළු මොහොතකට පෙර ගිනිගැනිමක් සිදුව ඇති බව වාර්තා වන අතර මෙය කුමන සිදුවීමක් නිසා සිදු . යන්න තවමත් අනාවරණය වී නැති අතර කිසිවෙකුට අනතුරක් නැති බවයි පවසන්නෙ.කෙසෙවෙතත් මේ පිලිබදව තව දුරටත් පරික්ෂණ පැවැත්වීම පිලිබදව තවමත් තීරණයක් ගෙන නොමැති බව පොලිස්පති දැනුම් දි තිබෙනවා.මෙන්න නැවතත් එම පුවත...
ඔය විදිහට හැම චැනල් එකකම වගෙ මේ ගින්න ගැන තොරතුරු විකාශනය වුනත් හැම චැනල් එකක්ම කියපු දේවල් වලින් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වුනෙ අත ඇරලා දාපු තැනක උන ගින්නක් නිසා මේ ගැන රජය වුනත් වැඩි අවදානයක් නොදෙන බවයි.
අප්පා කාර් එක ඩ්රයිව් කරන්න ගත්ත නිසා කිම්ත් පිටිපස්සෙන් ඉදගත්තෙ ලී එක්ක ඉන්න ඕනි උන නිසා.ඒත් ලී වෙනදා වගෙ වැඩිය කතා කරෙ නෑ.ලී ඉන්නෙ වේදනාවෙන් වගේම ලොකු මානසික පීඩනයක මේ හැමදේම එකක් අද උන මහන්සිය ලීව ගොඩක් තෙහෙට්ටුකලා.ඒ නිසාමද කොහෙද කිම් ආවත් හරි ලී කිම්ගෙ උකුලෙන් ඔළුව තියාගෙන නින්දට වැටුණා.ලීගෙ සද්දයක් නැති නිසා කිම්ත් ටික වෙලාවක් අප්පා එක්ක කතා කර කර ඉදලා ඉබේම නින්දට වැටුනෙ අප්පා විතරක් ඇහැරිලා ඩ්රයිව් කරද්දි.අප්පා ඩ්රයිව් කරන අතරෙදි සැරින් සැරේ පිටිපස්ස හැරි හැරි බැලුවෙ තමන්ගෙ ළමයි ඉන්න විදිහ දිහා.අප්පා කිම් ලී දෙන්නා දැකලා සතුටු උනත් අප්පාගෙ හිත ඇතුලෙ යකාගෙ කම්මල වගෙ වෙලා තිබුණෙ මොනවා උනත් තව කීප දවසකින් කපිතාන් අතුරුදහන් කියලා කට්ටිය දැනගද්දි දෙකක් නෑ මුළු කොරියාවම දෙක වෙනවා කියලා දන්න නිසා.අප්පා ඔය දේවල් ගැනත් කල්පනා කර කර ගියෙ.සැරින් සැරේ කාටද මන්දා කොල් ගන්න ගමන්.ඒත් අප්පා තවත් බය වුනෙ ගත්ත කොල් එකක්වත් ආන්ස්වර් එකක් නොලැබුන නිසා.ඔය විදිහට පැය දෙකක් තුනක් ගෙවිලා ගියෙ වටපිටාව එන්න එන්න ඇදුරු වෙද්දි.කොහොමහරි හරියටම පැය 3ක් ගෙවෙද්දි සොල්වලින් ටිකක් දුරට වෙන්න තිබුන කිම්ලාගෙ ගෙදර ඉස්සරහින් අප්පා කාර් එක නතර කලේ ලොකු හුස්මක් පාතට දාලා කාර් එකෙ දොර අරින ගමන්.ඒත් ගේ දිහාම අප්පාට තේරුනා මග දිගට කොල් ගත්තාත් අන්ස්වර් එකක් නාවෙ මොකද කියල.කිම් අප්පා කාර් එකෙන් එලියට බැහැලා අත පයේ හිරි ඇරියෙ ටිකක් එහාට මෙහාට ඇවිදින ගමන්.ටික වෙලාවක් එලයෙම ඇවිද ඇවිද හිටපු අප්පා ගේ දිහා බලලා හුස්මක් පාතට දැම්මෙ