යුංගියා~🗣️🗣️
වරෙන් යකො ඉක්මනට~🗣️ලී මර හයියෙන් කෑහගෙන ගේ ඇතුලට කඩාගෙන බිදගෙන ආවෙ කලබලෙන්
ලී එහෙම කියාගෙන ගේ ඇතුලෙ කබලෙන් දගලන්න ගත්තෙ යුංගිත් ආවේ කවුද කියලා දැනගත්තාම පස්සේ යුංගි හෙමින් සැරේ නැගිට්ටෙYoongi: මම මෙහෙ බං...
Lee: අහ් උබ ඔතනද...
ලී එහෙම කියාගෙන යුංගි ලගට දුවගෙන ඇවිත් යුංගිටත් වචනයක්වත් කියන්න ඉඩ තියන්නෙ නැතුව යුංගිව ඇදගෙන ටිකක් එහාට ගියෙ ගොඩක් කලබලෙන්..හොසොක්ට මොකුත්ම හිතාගන්න බැරුව ඒ දිහා බලාගෙන හිටියෙ ඒ මොකක්ද ඒ උනේ වගෙ මූඩ් එකකින්..ඒත් හොසොක්ට වෙන්න යන්නෙ එච්චර හොද දෙයක් නෙවෙයි කියලා තේරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ...
යුංගිව පැත්තකට ඇදගෙන ගිය ලී එකපාරටම යුංගිව බලාගත්තෙ යුංගිටත් මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව
Yoongi:ම්-මොකද බං-🙂මොකක් හරි අවුලක් ද?🙂
Lee:උන් කොහොමද බං මෙහෙම තීරණයක් ගත්තෙ~😭
Yoongi:ම්-මොන තීරණය ද බං-🙂
යුංගි ලීගෙන් ඇහුවෙ හිත ඇතුලෙන් මොකක්දො අමුතු බයක්..නෑ..නෑ..ඊටත් වඩා අමුතු හැගීමක් හිත නොසන්සුන් කරද්දි
Lee:මම කොහොමද උබට මේක කියන්නෙ බං~😭අනේ මට සමාවෙයන්..මට මොකුත්ම කරන්න බැරිවුනා...😭
යුංගිට ටිකෙන් ටික කේන්ති යන්න ගත්තෙ යුංගි කීප පාරක්ම ලීගෙන් මොකක්ද උනේ කියලා ඇහුවත් ලී කලේ අඩන එක විතරයි නිසා...ඉවසලා ඉවසලා යුංගි බැරිම තැන යුංගි ලීව ඈත් කරලා කේන්තියෙන් කෑගහන්න ගත්තෙ හිතෙ නොසන්සුන් කමත් එක්ක යුංගිගෙ කේන්තිය පාලනය කරගන්න බැරි වෙද්දී
Yoongi: ලී..තො මට කියනවාද-?මැරුම් කනවාද?😠මගෙ මාරයා ආවේස නොකර කියපන් මොකද උනේ කියලා...😠🗣️
ලී යුංගි දිහා බලාගෙන හිටියෙ හරියට ආනන්තරිය පාප කර්මයක් කරපු එකෙක් වගෙ
Yoongi:තො කියනවාද? නැත්තං මගෙ මේ අත තොගෙ ඔය මූනෙ තියෙයි...!😠
ඔය අස්සෙ ඉස්සරහින් ඇහෙන ලොකු කතාබහ නිසා හොසොක් හෙමින් සැරේ නැගිටලා පරිස්සමින් ඉස්සරහට ආවාත් කළුවර නිසා හොසොක්ව කාටවත් පෙනුණෙ නෑ.