°|01/01|°(01)

173 20 19
                                    

"ජනවාරි පලමු දිනක් වු අද දින සියලුම ජනාවාසි සියලු දෙනාම සමරන අලුත් අවුරුදු දිනයක් උවත් අප සතුටින් සිටිම වෙනුවට අද දැකගත හැක්කෙ සියලුම දෙනාගෙ විලාපයන් සහ ශොකය පමණයි! එයට හේතුව උතුරු කොරියාව විසින් අප ඉලක්ක කරගනිමින් අද දින එල්ල කරන ලද නිලේජ්ජ ත්‍රස්ත ප්‍රහාරයයි ! හමුදාපති ෆිල්ඩ් මාශල් කිම් බොග්ය්‍යොන් දන්වා සිටියේ කිසිම කෙනෙකුට කිසිම හේතුවක් මත නිවසින් හො ඔබ රැදි සිටින ස්ථානයෙන් පිතටත නොයන ලෙසයි.දැනටමත් මියගිය පුද්ගලයින් හා අතුරුදන් වූ පුද්ගලයින් පිලිබද කිසිදු තොරතුරක් සදහන් කර නොමැති අතර නැවත දනුම් දෙන තෙක් හදිසි ඇදිරි නිතිය රට පුරා ක්‍රියාත්මක වේ."

ඔය විදියට කොරයාවේ හැම ටිවි නාලිකාවකම හදිසි ප්‍රවෘත්ති විකාශ පටන් ගත්තෙ අලුත් අවුරුදු දවසේම උතුරු කොරියාව විසින් දකුණු කොරියාවේ තැන් කීපයක් ඉලක්ක කරගෙන කරපු ත්‍රස්ත ප්‍රහාර කිපයක් නිසා මුළු දකුණු කොරියාවෙම හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇදිරි නීතිය පනවා හමුදා පොලිස් අංශ වැටලිම් හා ආරක්ෂක කටයුතු වලට පෙලබෙද්දි. සැරින් සැරේට එක දිගට එල්ල වෙන ත්‍රස්ත ප්‍රහාර දැනටමත් ද.කොරියාවෙන් භාගෙට භාගයක්ම සුන්නද්ධූලි කරලා අවසන්.ප්‍රහාර වලින් මැරුණ මිනිසුන් බලන බලන තැන.ඒ අතර ජිවත් වෙන්න හුස්ම අදින පොඩිවුන් මහාවුන් සේරම විලාප තියනවා.මුළු දකුණු කොරියාව මලගෙයක් වෙලා.හමුදාපති යුද හමුදා, ගුවන් හමුදා,නාවික හමුදා, පොලිස් නිලධාරීන් හැමකෙනෙක්ම හිටියෙ ගොඩක් කලබලෙන්.එකපාරටම ඌ.කොරියාවෙ උන් නොහිතපු විදියට ද.කොරියාවෙ හමුදා කෑම්ප් වලට එකදිගට ප්‍රහාර එල්ල කරන්න ගද්දි.හමුදාවෙ හිටපු නිලධාරින් සංඛාවෙන් භාගෙට භාගයක් විතර මැරිලා ගියා.හමුදාපතිට කරගන්න දෙයක් නැතිවුනත්.යටත් වෙන්න කිසිම කෙනෙක්ගෙ හිත පෙලබුනෙ නෑ.හැම දකුණු කොරියානුවෙක්ගෙම ඇගෙ දුවන ලේ මේවකොට රට වෙනුවෙන් රත්වෙලා ඉවරයි.හමුදාපති උනත් තමන්ගෙ රට පාවලා දෙන්න තියා ඒ අදහසවත් හිතට ගත්තෙ නෑ.ඔය අතරෙ ආරක්ෂක අංශ වල සියළුව නිල ලද් ඉහල නිල ලද් නිලධාරීන් එකතු වෙලා පැය ගානක සාකච්ඡාවෙන් පස්සේ එක තීරණෙකට ඇවිත් ඒවා ජන මාධ්‍යට මුදා හැරියා

01/01Where stories live. Discover now