හොසොක් හදපු time table එකට අනුව ඔක්කොම වැඩ කරන්න ගත්තෙ ටිකක් පරක්කු උනාට කමක් නෑ කියලා.සොජන් කිම් පාක් හොසොක් හතර දෙනා එකතු වෙලා වෙන්න යන දේ ගැන හරියටම දැනගන්නකම් කාටවත් මේ ගැන නොකියන්න ගත්ත තීරණයත් එක්ක හතර දෙනාගෙන් එක්කෙනෙක් වත් ඒ ගැන වචනයක්වත් කිව්වෙ නෑ.ළමයිත් සාජන්ලාට කීකරු වෙලා පලවෙනි දවස සාර්ථකව ඉවර කලේ නිකන් ඉන්න තිබුන පොඩි වෙලාවේ බිලට් තුනේම ඉන්න ඔක්කොම අංක 1 බිලට් එකට එකතු වෙලා ඔක්කොටම ඇති වෙන්න කන්න කෑම හදාගෙන කද්දි.පලවෙනි දවස අමාරුයි තමයි ඒත් විනොදෙන් ගත වුනේ ළමයි 10ක් විතර එයාලාගෙ ගෙවල් වලින් උදව් ගන්න පුළුවන් වෙයි කියලා ඒ ගෙවල් වලට කොල් කරලා විස්තරේ කියද්දි.වෙලාවේ තරම කියන්නෙ කතා කරපු ගෙවල් 10යෙම මිනිස්සු කිසිම අකමැත්තක් නැතුව උදව් කරන්න කැමති උනා.ඒත් එක්කම එයාල දෙන්නම් කියපු බඩු වල ප්රමානාත් එක්ක කාර් දෙකක් යන්න තීරණය කලේ එක කාර් එකක් බඩු එකතු කරද්දි අනික් කාර් එක යුංගිව ගෙනියන්න යනවා කියලා එක තීරණයකට එද්දි.හරියටම රෑ 10 වෙද්දි ළමයි සේරම බිලට් අංක 1කට එකතු වුණෙ හොසොක් කිම් දෙන්නා බඩු එකතු කරන්න යනවා යන නිසා ළමයි තැන් තුනක ඉන්නවාට වඩා එක තැනක ඉන්න එක අදට ආරක්ෂිතයි කියලා හිතුන නිසා.
හොසොක් කිම් දෙන්නා පාක්ටයි සොජන්ටයි ළමයිටයි පරිස්සමින් ඉන්න කියලා හරියටම රෑ 10.30 වෙද්දි එලියට බැස්සෙ සොජන්ගෙයි කිම්ගෙයි කාර් දෙකෙ යතුරුත් අරගෙන.හොසොක් කිම් දෙන්නා පරිස්සමින් සද්ද නොකර කල්පනාවෙන් පාක් එක පැත්තට ආවෙත් ගන් දෙක already set කරගෙන.පුළුවන් උපරිම වේගෙන් දුවගෙන පාක් එකට ආව හොසොක් කිම් දෙන්නා කාර් එකකට කවර් උනේ කවුරුත් ඉන්නවාද කියලා ශුවර් නැති නිසා.
Kim:පොඩ්ඩො~එහෙනම් පරිස්සමින් ගිහින් පරිස්සමට කිරිපුතා එක්ක එන්න.අප්පා කිව්වා medical බඩු ටිකකුත් එවන්නම් කියලා ඒ ටිකත් අරගෙන මං කියපු තැනට එන්න මම බඩු ටික අරගෙන පුළුවන් ඉක්මනට එන්නම් තේරුනාද?
කිම් රහසෙන් එහෙම කිව්වෙ හොසොක්ගේ ඔළුවත් අතගාන ගමන්
Hoseock:තේරුනා හියොන්~ඔයා යුංගි සර්ට කොල් කරලා කියන්න හරිද?