යුංගි හොසොක් ගැන දහස් වාරයක් හිතෙන් දුක් වෙන ගමන් එන මග දිගට දෙවියන්ගෙන් යාච්ඤා කරෙ හොසොක්ව පරිස්සම් කරලා දෙන්න කියලා.යුංගි ඩ්රයිව් කරන අස්සෙ එහෙන් මෙහෙන් ඇහෙන්න ගත්ත අමුතු සද්ද නිසා යුංගිගෙ හිත ගැස්සුනාත් හොසොක් කියපු දේ කරන්න යුංගි පොරොන්දු වුනා.අනික යුංගි හොසොක් කියන්නෙ තාමත් ආදරෙයි කියලා මූණට නොකියපු ඒකපාර්ශ්විකව ආදරය කරන දෙන්නෙක්.ඒ වගේම දෙන්නාම යුධ හමුදාවේ උසස් නිලධාරීන් දෙන්නෙක් හොසොක්ටයි යුංගිටයි තමන්ගෙ ජිවිතේට වඩා බාර දෙන වැඩේ හරියට කරන එක වගේම මහජනතාව ආරක්ෂා කරන එක පලවෙනි රාජකාරිය උනා.යුංගි හැම හැගීමක්ම හිතේ හංගගෙන උපරිම වේගයෙන් හොසොක් යන්න කියපු තැනට ආවේ හරියටම පාන්දර 2 විතර වෙද්දි.යුංගි එතනට එද්දි කිම්ත් එතනට ඇවිත් හිටියා.යුංගි කාර් එක නවත්තලා එලියට බැහැලා ඒ කාර් එක පැත්තට එද්දි කිම්ත් ඉක්මනට කාර් එකෙන් එලියට ඇවිත් යුංගිව බදාගත්තෙ අවුරුද්දකට විතර පස්සෙ යුංගිව දැක්ක නිසා.
Kim:අනේ මගේ කිරිපුතේ~උබ මෙහෙම ඉන්නවා දැක්ක එකම මට ඇති දෙයියො~😩
යුංගි මොකුත්ම නොකියා කිම්ව බදාගත්තෙ යුංගිටත් කිම්ව දැක්ක එක හිතට ලොකු සතුටක් ගෙනාවත් හොසොක්ව මතක් වෙද්දි යුංගිගෙ හිත යකාගේ කම්මල වගේ වුන නිසා. කිම් යුංගිගෙන් ඈත් වෙලා කාර් එක දිහා බැලුවේ යුංගිත් එක්ක තමන් බලාපොරොත්තුවෙන් හිටපු කෙනා පේන්න නැති නිසා.
Kim:යුංගියා- කො මගේ පොඩ්ඩා~🙂එයා උබව ගන්න ආවා නේ?🙂
Yoongi:එයා ආවා-
Kim:කො~? 🙂
Yoongi:එ-එයා- ඉක්මනට ඒවී කිම්-
Kim:උබ මොනවාද මේ කියන්නෙ?මෙච්චර දුරක් ආවේ අපි තුන් දෙනාම ආයෙත් කෑම්ප් එකට එනවා කියලා පොරොන්දු පිට
කිම් ටිකක් සද්දෙට කියාගෙන කියාගෙන ගියෙ හිතට ආව ආවේගෙට වඩා දැනුන දුක නිසා.යුංගිත් මොකුත්ම නොකියා බිම බලාගෙන හිටියෙ යුංගිගෙ හිතෙත් කියාගන්න බැරි තරම් ලොකු දුකක් තිබුන නිසා.කිම් යුංගිට බැන්නා වගේ කෑගැහුවාට යුංගි දිහා බලලා ආයෙත් ලොකු හුස්මක් අරගෙන කතා කලේ හොසොක් කියන දේ කරන කෙනෙක් නිසා හොසොක්ව තමන්ටත් වඩා විශ්වාස කරන ගමන්.