Episode 12

81 15 17
                                    


ටේයුන්ග් ඒ හිරු එලිය දෙස බලාගෙන සිටියේය...වේලාව උදෑසන 6.45 ලෙස ඔරලෝසුවේ සදහන් විය....ජිමිනා ඇහැරුනු අතර තාමත් යූන්ගි ගොරවමින් නිදිය....

🐥 : සේරටම කලින් යූන්ගිගෙ සීනි චෙක් කරන්න වෙයි වගේ....මාර නින්දක්නෙ යන්නෙ...

ටේයුන්ග්ට තාම නින්දක් නැත....හිරු එලිය දෙස බලමින් සිටියි....

ජිමිනා නැගිට නානකාමරය වෙත ගියේය....

ඉන් විනාඩි කිහිපයකට පසු යූන්ගි අවදි වූවාය...

🐱 : ජිමිනා...

නානකාමරය දෙසින් ජලය ගලා යන හඩ ඇසුනේය...

🐱 : ආහ් බාත්රූම් එකේද....

තවත් විනාඩි කිහිපයකට පසු ජිමිනා නානකාමරයෙන් එලියට පැමිනියේය...

🐥 : සීනි චෙක් කරොත් මොකද...යූන්ගි....

🐱 : ඇයි ඒ....

🐥 : නැහැ...නින්ද යනවා වැඩියිනෙ....

🐱 : ඇත්තට....

යනුවෙන් පවසමින් ජිමිනා අසලට ලං විය...

🐥 : යූන්ගි.....දත් මැදන් එනවා....කටේ ගද...

🐱 : ඇත්තද...ඉදපන්කො...මම එනකම්....

🐥 : කටවහන් යනවා...

යූන්ගි නානකාමරය වෙත ගියේය....

මේ අතර ජංකුක් කුස්සියේ පැන්ට්‍රියට හේත්තු වී කල්පනා කරමින් සිටියේය...ජින් නැගිට කුස්සියට පැමිනියේ සියල්ලටම තේ සෑදිමටය....

ජංකුක් ජින් පැමිනෙන බව නොදුටුවත් ඔහු ‍කෝප්ප ගන්නා ශබ්දය නිසා පියවි සිහියට පැමිනියේය....ජින් ජංකුක්ව ගනන් නොගෙන තමන්ගෙ වැඩ කටයුතු කලේය....

ජංකුක් ජින් දෙස බලා ජින් අසලට පැමින ජින්ව බදාගත්තේය....

🐭 : මේ මොකද මේ....ජංකුක් මොකද මේ කෝ.....

🐰 : අනේ ලොකු බ්‍රෝ ටිකක් මට මෙහෙම ඉන්න දෙන්න....

ජංකුක් හරි අහිංසක ලෙස පැවසුවේය....

🐭 : කුක්කො....මොකද මේ....

ජංකුක් කිසිම දෙයක් නොපැවසු අතර ඒ විදිහටම සිටියේය....

එය හරියට දුකක් දැනුනාම පොඩි ලමයෙක් අම්මාගෙ තුරුලට වී සිටින ලෙසය....

The restart of our love ❤️‍🩹Where stories live. Discover now