හැමෝම පෝලිමට කොච්චිය වගේ අඹේවෙල ෆාම් එකේ ඇවිදිද්දි අපේ සෑර් තියන අඩියක් ගානෙ ඉස්කෝලෙ විනය රැකපාන් කියලා මරන් කෑවෙ නැතුව විතරයි....අපිට ඉස්සරහින් යන කෙල්ලන්ගෙ කිචි බිචියෙ සද්දෙ නවත්තන්න මන් බලාගෙන කමනි මිස් සාරි පොට ඉනේ ගහගෙන දිව්වා....
මන් හිතන්නෙ කෑගහන්න එපා කියලා බැනුම් අහපු නැති එකම දෙන්න කාශ්‍යප අයියයි මමයි වෙන්නැති....ඌත් ආව වෙලේ ඉදන් බුම්මගෙන මාත් පැත්තක් බලන් ඔරවගෙන....අනිත් උන් අත් අල්ලන් වන වනා යද්දි අපේ අත් සාක්කු වල.....ෆාම් එකේ හරක් ඉන්න ටිකේ එන අමුතු ස්මෙල් එකට නම් මට උදේ කාපුවා නිකන් උගුරට එන්න වගේ....දවසම තණකොලයි පුනක්කුයි කෑවට මුන්ගාව තියෙන්නෙ එසේ මෙසේ ජීවන සුවඳක් නෙමෙයි.... නහය කඩාගෙන යනවා සුවඳට...
නිකිණියා නම් මාස්ක් එකක් දාගෙන කලින්ම සුදානම් පිට ඇවිත් තියෙන්නෙ....
ශික් මන් ළඟ ලේන්සුවක්වත් නෑනේ...
කෙල්ලො නම් අඩුම කුඩුම දාගෙන යන යන තැන පොඩි මල්ලක් උස්සන් ගියාට අපි ගාව තියෙන්නෙ ඉතින් පර්ස් එකයි ෆෝන් එකයි....හරිම සරලයි.....
සීගිරි කස්සපය නම් ගානක් නැතුව යනවා.එක්කො මූට නහයක් නෑ... නැත්තම් මුගේ සංවේදි ඉන්ද්‍රියන් අකර්මන්‍ය වෙලා.....
අහ්....අමතක වුණා.....උගුඩුවන්ට මේ ගඳවල් හුරු ඇති...එළදෙන්නු මොක්කුද අයර්ෂයර් එව්වොලු තව තඩි පට්ටි ගොන්නුත් බැලුවනෙ....
එයාලගෙ නහයට ලොකු කරාබුත් දාලා අයියො....මට මතක් වෙන්නෙම අර නහය විදලා කරාබු දාලා පාරෙ යන ඇන්ටිලාව...මැෂින් වලින් කිරි දොවන හැටිත් බලලා අපිව එක්කන් ගියේ හාවොයි එලුවොයි ඉන්න පැත්තට....
එලුවො නම් කතා කරලා වැඩක් නෑ පට්ටම නෙගටිව් මයින්ඩඩ් සත්තු ජාතියක් කොච්චරවත් බෑ..හ් ගාගත්ත ගමන්....
කාශ්‍යප අයියා යනින් ගමන් කූඩුවෙන් එලියට බෙල්ල දාන් උන්න එලුවෙක්ගෙ සුදු පාට රැවුලකින් ඇදලා...බෑ නෙමෙයි පුලුවන්..කිව්වහම අර මෝඩ එලුවා කන් බීරි වෙන්නම බෑ.....හ් ගාලා අරකගෙ අත හැපුවා.....කාශ්‍යප අයියගෙ මන් නොදැකපුම සයිඩ් එකක්....හැමදාම මාත් එක්ක රවාගෙන බැනගෙන ගහන්න ආවට මන් කවදාත්ම හිතුවෙ නෑ එයාට මේ වගේ සොෆ්ට් සයිඩ් එකක් ඇති කියලා....අර එයාගෙ අත හපපු එලුවගෙ ඔලුවත් අතගගා කාශ්‍යප අයියා ලාවට හිනාවුණා.....ඒ හිනාවත් මන් වෙනදට දකින මදාවි හිනාව නෙවෙයි....
හරි සැහැල්ලු පියෝ හිනාවක්....
ළමයි වැඩිය ගැවසෙන්නෙ නැති තැන්වල එයා සමහර සත්තුන්ගෙ ඔලුව අතගගා තනියම කතා කරනවා.....හෙන නපුරුයි
අලි ඔලුව කියලා ඉස්කෝලෙම ලේබල් කරන් හිටිය එකෙක්ගෙන් ඒ වගේ පර්සනැල්ටි එකක් දකින්න මටත් පුදුමයි...
කතාවට කියන්නෙ පොතේ පිටකවරෙ බලලා ඇතුලෙ කතාව තීරණෙ කරන්න එපා කියලා....මට හිතෙන්නෙ කාශ්‍යප අයියත් එහෙම කෙනෙක් වෙන්නැති....
පිටකවරෙට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් තියන පොතක් වගේද......
යෝ....හ් තාත්තෙ...පුතාට පරම හතුරා ගැන පොඩි ඉන්ටරෙස්ට් එකක් පහල වෙලානෙ....
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantasySlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...