" අඩෝ ටයිම්ටේබල් දාලාද බන්....."
" අර තියෙන්නෙ බැබළි බැබළි...."
යසිරුවා මගෙ කෑම පෙට්ටියට එබිලා බැදපු අල කෑල්ලක් උස්සන ගමන් කියද්දි රියාසයා පපුවත් අල්ලගෙන පුටුවට හේත්තු වෙලා ඉස්සරහ පේලියෙ ඉන්න විශ්ව දිහා බලන් හූල්ලන්න ගත්තෙ මායා බලේකින්වත් උන්ගෙ මොළ දෙක මාරු වෙනවනම් කියලා කෙඳිරිගගා....
විශ්ව කියන්නෙ අපේ ක්ලාස් එකේ සිරිත් මල් දම අකුරටම පිළිපදින පට්ටම නර්ඩ් සිරිමත් ළමයා....ගිය ටර්ම් එකේ පොර පන්තියෙත් පළවෙනියා....ඔව් ඉතින් උගෙ මොලේ මාරු වුණා කියන්නෙ ඉතින් ගොඩේ ගොඩ....
සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේ ටයිම්ටේබල් නෝටිස් බෝඩ් එකේ දැම්මත් එක්ක අපෙ සමහර උන් හිටියෙ සතර පෙරනිමිති දැකලා කලකිරුණු ගානට....මාත් ඇතුලුව
මේ පාර ජාමේ බේරගන්නත් ඕන... නැත්තම් අපේ සෑර් බනින්න පටන්ගෙන නවත්තන්නෙම මුලු ක්‍රිකට් කවුන්සිල් එකටම බැනලා.මන් අන්තිම බත් කටත් කාලා අත හෝදන්න යසිරුවා එක්ක එලියට ගිහින් ඒ ගමන්ම පීටී රූම් එක පැත්තෙ ගියේ ටර්ම් ටෙස්ට් අස්සෙ අපේ ස්පෝට් ක්ලබ් එකේ උත්සවේත් වැටිලා නිසා සර්ලා එක්ක කතා කරලා පුලුවන් නම් දින වෙනස් කරගන්න බලාගෙන.
අපි දෙන්නා යද්දි කාශ්‍යප අයියායි දේව් අක්කායිත් හිටියේ ඉන්ඩෝ එකේ...
කාශ්‍යප අයියා මට පිටට තට්ටුවක් දාගෙන ඊළඟ පීරියඩ් ටික උගන්නයි කියලා ඉන්ඩෝ එකෙන් එලියට යද්දි අපි දේව් අක්කා එක්ක ගිහින් සර්ට කතා කරලා ඒ වැඩෙත් ටෙස්ට් එකෙන් පස්සෙ සතියට කොහොමහරි කල් දාගත්තා.ගිය සතියෙ ලයිබ්‍රි ගියාට පස්සෙ උදේ එසෙම්බ්ලියෙදි කාශ්‍යප අයියාව දකිනවා විතරයි....වැඩත් එක්ක මැසේජ් එකක්වත් දැමෙනවා අඩුයි...ඉඳලා හිටලා ගහෙන් ගෙඩි එන්න වගේ කාශ්‍යප අයියා හිතුනොත් එකපාරම කෝල් එකක් අරන් මගෙ දුක සැප අහනවා එච්චරම තමා.
මට සාමාන්‍ය තියන නරකම පුරුද්ද තමයි කොච්චර වෙලාව තිබ්බත් පාඩම් කරන්න පටන් ගන්න විභාගෙ කට ළඟටම ආවහම ඒක ඕලෙවල් වලට සෙට් වුණාට ඒලෙවල් වලදි නම් ලෙසටම කෙල වෙනවා.
ඒකනෙ අර උගුඩුවත් මුහුදට හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන් පාඩම් කරන්නෙ...
වැඩේ කියන්න මන් හිතලා කලින් පාඩම් කරන්න ඕන කියලා ගත්තාට මොළේට කිසිම උනන්දුවක් නෑ....ඌ ඇක්ටිව් වෙන්නෙ විභාගෙට කලින් දවසෙ රෑට...
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantasySlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...