අප්පච්චි මාව දිහා කණ්ණාඩි දෙකට යටින් ඔරවන් බලන් ඉදලා දොරත් වහගෙන කාමරේට යද්දි ගල් පිළිමෙ වගේ හිටපු තාත්තා හොඳ හුස්මක් ගත්තා." කවුද ඔය ළමයා....."
තාත්තා ඇහුවෙ කම්මුලකට අත ගහන් අනිත් අතින් ෆෝන් එක බල බල...මන් දපලා සෝෆා උඩට වැටිලා ඇස් දෙක පියාගත්තා.
" අනුරාධ කියලා...දහතුනේ ඩයල් එකක් "
" සුදුමහත්තයා ඇඟේ හයිය පෙන්නන්නද ඒ ළමයව උස්සලා වතුරට දැම්මෙ..."
" අනේහ්!!!! තාත්තේ ඒ ගොන් වස්සා කියපුවට ඉතින් මට තරහා ගියේ..."
මන් ඔලුව උස්සලා තාත්තා දිහා බලද්දි තාත්තා ෆෝන් එක දිහා බලන් හිනා වෙන්න ගත්තා...දැක්කනෙ මේ ගෙදර මිනිස්සුන්ට මාව තනිකරම විහිළුවක්....
අර ගොබ්බ අනුරාධයා ඌව පූල් එකට තල්ලු කරා කියලා ගිහින් අපෙ කෝච් සර්ට කියලා සරුත් හැටි දැන දැනම කියලා අප්පච්චිට...
වයි දෙයියෝ වයි ඔබ වහන්සේලා උඩ ඉදන් ඇට බෝල ගහනවද...මට වෙන මේ උවදුරු පේන්නෙ නැද්ද සෙද්ද.... ඊළඟ පාර ඔය අනුරාධයාව තල්ලු කරන්නෙ එවරස්ට් වලින් පහළට....පුටු කොට්ටයක් අස්සට මූණ ඔබන් මම දෙයියන්ටත් බැන බැන ඉද්දි ස්ටූල් එක උඩ තිබ්බ අප්පච්චිගෙ ෆෝන් එක ටින් ගාලා සද්දයක් එක්ක ඒෂියන් මිරර් එකේ නිව්ස් ඇලට් එකක් ආවා.
' අරක්කු මිල පහළට ' අරේහ් වාහ්.... අප්පච්චිටත් මරැ නිව්ස් ඇලට් තමයි එන්නෙ...මන් ෆෝන් එකත් උස්සන් තාත්තාට පෙන්නන්න උඩ පැනගෙන යද්දි ආයෙමත් රින් වෙන්න ගත්තා....ඒ පාර නම් පුචේ කෝල් එකත් ඒකත් unknown number එකක්.....
අප්පච්චි නාන්න ගිය නිසා මන් හෙන ගෞරව පූර්වකව ඔලුවටත් උඩින් ෆෝන් එක අල්ලලා තාත්තාට දෙද්දි තාත්තා ගලවපු කණ්ණාඩි දෙකත් දාගෙන ස්ක්රීන් එකට එබුනා...ඒ දරුවට දැන් හතළිස් ඇඳිරිය ලබලනෙ...ඇහැ චුට්ටක් පේනවා හොරයි....බලන් ගියහම දැන් අපෙ ගෙදර මිනිස්සු ඔක්කොම පොට්ටද කොහෙද....ආ....නෑ අපෙ අක්කණ්ඩි නම් කණ්ණාඩි දාන්නෙ එකිගෙ ඇති ඇහේ දෝසෙකට නෙවෙයි...පොස් වෙන්න කියලනෙ.... මට නම් ඔය මඟුල එපා වුණා දවස් දෙකෙන්ම....මළ කරදරේ... කොච්චරවත් නහය දිගේ ලිස්සනවා...
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantasySlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...