46#

185 31 27
                                    


" සුදු අරලියා....මල!!!!! තනිවී ඇයි alone ලෙන්ගතු ඇසුරකට....just now අවස-

" කටවහන් පලයන්කො....මගෙ ඔලුව රිදෙනවා...."

යසිරුවාට මළ පැනලා පාරෙන් අහුලන් විසි කරපු ළඟ වෙලාවට වැදුණේ බෑග් එකට.....මිනිහා අද උදේ ඉදන් ඉකෝන් ක්ලාස් එකේ හිටියේ ලොකු අවුලක...

" අනේ....මන්දා උඹටත් අපෙ ගෙදර උන්ට වගේ කිසිම රසාස්වාදයක් ගෑවිලාවත් නෑ.....මනුස්සයෙක් වුණාම පොඩි රසාස්වාදයක් කියලා එකක් තියෙන්න ඕන.."

" අනේ උඹේ රසාස්වාදේ තියාගෙන ඉදගනින්....මන් මේ නැට්ට ගිනි අරන් ඉන්නවා....."

" ඇයි උඹේ නැට්ට රාවණා ගිනිතිබ්බද."

" විහිළු නෙවෙ පගෝ!!!"

" හරි හරි මොකෝ සීන් එක...ක්ලාස් එකෙත් උඹ හිටියෙ මූඩ් ගහලා මූඩ් ෆික්ස් කරගන්න ඉඟුරු බික්කට් එකක් දෙන්නද...."

යසිරුවා බිම බලන් යන ගමන් කකුලෙන් ගල් කැටේකට ඇනලා ආයෙත් බුම්බගෙන ටික දුරක් ගිහින් කලිසම් සාක්කුවලට අත්දෙකත් ඔබන් ආපස්සට හැරිලා නැවතුණා...

"අනේ විහිළු නෙවෙයි බන්....අරූ අපෙ ගෙදර යන්න එන්නත් පටන් අරන්..... මට ඌ එන පොට එච්චර දිරවන්නෙ නෑ....."

" කවුරු විරාග් අයියා..."

යසිරු තොලත් හපාගෙන අහක බලන් ඔලුව උඩ පහළට වැනුවා...පෙරේදා කාශ්‍යප අයියාගෙ උපන්දිනෙන් පස්සෙ ඉදන් යසියායයි විරාග් අයියායි මොකක් හරි හුටපටයක්....අද ටවුමෙ ක්ලාස් ඉවර වෙලා අපි එලියට එද්දි බස් හෝල්ට් එකේ ඉදපු විරාග්ව දැකලා යසිරුවා ආයෙම ක්ලාස් එක ඇතුලට දිව්වා...

" ඌ උඹට අයුතු යෝජනාවක් එහෙම කලාද....."

මූණ එල්ලගෙන හිටපු යසිරුවාට ඒ පාර නම් ගියේ මහ බලුම බලු හිනාවක්...

" ඒ උඹේ කාශ්‍යප අයියානෙ....."

මාත් පැනලා එයාට කරවටේ අතදාගෙන මූණට එබුණා...

" ඌ.. යෝජනා නෑ....කෙලින්ම වැඩේ...only action...."

"අඩෝ....අඩෝ....ඒ වගෙ මිනිස්සු තමයි බන් අපෙ රටට ඕනා...යමක් ක්‍රියාවෙන් කරලා පෙන්නන මිනිස්සු......ඒ මේ කොහොමද කාශ්‍යප අයියාත් උගේ තාත්තා එක්කම ඡන්දෙ ඉල්ලුවනම්.... මන්ත්‍රී කාශ්‍යප....කෝමද ගැම්ම..."

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now