51#

129 27 10
                                    

නිවාඩු දවස් දෙක ඉවර වෙලා ආයෙ ඉස්කෝලෙට එද්දි කාශ්‍යප හිටියෙ ආයෙත් පාඩම් කරන්න තරම් හොඳ මනසකින්....
මොකක් හරි පොඩි දෙයකදි තමන්ව වැටුණ තැනින් ආයෙත් රිකවර් වෙන්න සෑහෙන කාලයක් වැය කරන්න වෙන එක ගැන කාශ්‍යප හිටියෙ එයාගැනම අවුලෙන්.

උදේම ගෙවුන combined maths පීරියඩ් දෙකෙන් පස්සෙ විවේක කාලයට කලින් තියන රසායන විද්‍යා පීරියඩ් එකේ පංතියෙ
හැමෝම හිටියේ බැටරි බැහැලා වගේ...
කාශ්‍යපත් සර් කලු ලෑල්ලෙ හුණු කූරකින් ඇඳගෙන ගිය කාබන්දාමෙ දිහා බලන් හිටියෙ කම්මුලට ජැක් එකක් ගහගෙන..

" ස්....ස්.....ඒයි....."

සර් හිටියෙ කලු ලෑල්ලේ ලියන ගමන් නිසා කාශ්‍යප පිටිපස්සට ඔලුව හැරෙව්වෙ එයාට කතා කරන නයා මොකාද බලන්න..

" ඇයි...."

" මේහ්...ඇත්තද බන් උඹ මිහිනගෙ කසින් බ්‍රදර් කියන්නෙ....."

අනුරාධ මේසෙ දිගේ ඉස්සරහට දික් වෙලා පැන්සලකුත් හපාගෙන ඇහුවෙ ඇස් දෙක ලොකු කරන්....

" හ්ම්ම්.....එහෙමනම් තමයි..."

කාශ්‍යප හොඳ හුස්මක් අරන් කලු ලෑල්ලේ ලියපු කාබන්දාමෙ පොතේ ලියාගත්තෙ අනුරාධට උත්තර දෙන අතරෙ

" ඒ කියන්නෙ අපි මෙච්චර කල් කොරපුවා වතුරෙද.....ශිකේ....උඹට මස්සිනාව එපානම් මටවත් දීපන්....මල්ලි වුණාට අවුලක් නෑ......"

" හරි....හෙට මේ පරිවර්තන ටික හැමෝම හදලා තියෙන්න ඕන...නැති උන් ටික පන්නනවා පන්තියෙන්...."

Chemistry සර් පන්තියෙන් යන්න හදනවත් එක්ක ළමයි ඔක්කොම නැගිටින වෙලේ කාශ්‍යප පිටිපස්ස හැරිලා විරිත්තන් ඉන්න අනුරාධට දැම්මෙ අලු කරන බැල්ලමක්.

" ම්ම්.....මැරෙන්න බලන් ඉදපන්...." 

  ඒ එක්කම අනුරාධ කාශ්‍යපගෙ ඉන හරියට ඇනලා පෙන්නුවෙ කොමස් එක පැත්තෙන් පඩිපෙල බැහැගෙන දුවගෙන ගිය කෙනාව.

" ආන්න උඹේ මස්සිනා...."

කාශ්‍යපගෙ මූණෙ ඇදිලා මැකුණෙ පුංචි
හිනාවක්...









කවදාවත් ගෙදරින් කෑම ගේනවා කියලා එකක් කරන්නෙ නැති කාශ්‍යප කැන්ටිමේ තියන දෙයක් කාලා පාඩුවෙ පන්තියට යන්න ගියත් බැට් පිති උස්සන් ආපු ක්‍රිකට් ලෝලී මිතුරු කැල කාශ්‍යපවත් ඇදගෙන පිට්ටනියට ගියේ කාලෙකින් මැච් එකක් ගහන්න....ටීම් එකේ අයට වඩා හිටියෙ වැස්සකටවත් බැට් එකක් බෝලයක් අල්ලන්න වේලාවක් තිබ්බ උන් නෙමෙයි....
හැබැයි ඒ අයත් පිට්ටනියට බැස්සෙ අහස පොඩ්ඩක් පැහැදිලිව සෙල්ලම් කරන්න හොඳ තත්වෙක තිබුණ නිසා....

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now