කැලැන්ඩරේ පිටු හරි ඉක්මනට ගැලවිලා ලැබුවෙ අලුත්ම අවුරුද්දක්....උසස් පෙළට ලියපු මලින්දලා අනුරාධලා ඉස්කෝලෙන් අස්වෙලා එයාලගෙ ජීවිත වල තව අඩියක් ඉස්සරහට තියද්දි මිහින් හිටියෙ අවුරුදු දහතුනක් ඉස්කෝලෙ ජීවිතේ ගෙවන අවසානම පන්තියෙ....
හැමෝමගෙම හිත් වලට මාස ගානකට උඩදි යන්න ගිය කාශ්‍යප මතකයක්.. එහෙමත් නැත්තම් ගැලරියෙ පරණ පින්තූරයක් වෙලා.... මලින්ද පවා තමන්ගෙ ඉස්සරහ කාශ්‍යපගෙ විභාග අංකෙට හිස්වුණ මේසෙයි පුටුවයි දිහා බලන් පේපරයක් ලියන වාරයක් ගානෙ මතක් කලා... කොහේ ඉන්නවද මොනවා කරනවද කියලා දැනගන්නවත් එයාලට කාශ්‍යපව සම්බන්ද කරගන්න විදිහක් නෑ....කොටින්ම කාශ්‍යපගෙ කලින්
ෆෝන් නමබර්ස් වලට එක දිගට ඇමතුම් ගත්ත මිහින්ට හම්බුණෙ එක්කෝ ඇමතුව ග්‍රාහකයා ආවරණ කලාපයෙන් බැහැරව ගිය හරි භාවිතයේ නොමැති ප්‍රතිචාර විතරයි..." අයියේ...ඔන්න නම් ලිස්ට් එක හරි....."
" කෝ...දෙන්න...මන් කෝච් සර්ට යන ගමන් දෙන්නම්...."
ආයෙත් ඇවිත් තිබුණෙ ක්‍රිකට් ලෝලින්ගෙ බිග් මැච් වසන්තෙ....ඉතින් සතියෙ දවස් කියලා නෑ හවස් වෙනකම්ම පුහුණු වීම්....වයිස් කැප්ටන් ගිහාන් පිට්ටනියෙ ඉදන් දුවගෙන ආවෙ අතිරේක ක්‍රීඩක ලැස්තුවෙ නාම ලේඛනේ එයාලගෙ ටීම් එකේ අලුත් කැප්ටන් අතට දෙන්න.....ගිහාන් දුන්න කොල කෑල්ල අරන් හතරට පහට නවාගත්ත මිහින් ඒක සාක්කුවට ඔබා ගත්තෙ ගෙදර යන්න බෑග් එකත් කරට දාගන්න අතරෙ....
එයාගෙ බැල්ම දුවන් දියේ ඉර බැහැගෙන යන තැඹිලිපාට අහස යට ලස්සනට එක හැල්මේ පේන හිස්වුණ පිට්ටනියට.....
ඒ තණකොල ගොල්ලෙ මොන තරම්නම් මතක ඇතිද....ඒ හැම මතෙකටම මිහින්ට හවුල්කාරයෙක් හිටියා....හරියට එයාටත් මිහින්ගෙ මතක වලින් සෑහෙන ගොඩක් අයිති කියන්න වගේ.....කලින් වතාවෙදි කණ්ඩායම් නායකයා විදිහට එයා කල කැපවීම භාරගත්ත වගකීම් මොනතරම්ද කියන්න මේ ගෙවුන දවස් ටිකට මිහින්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනි වුණේ නෑ...
මිහින්ට දැනුනෙ හිත කීරි ගැහෙන තරම් පාලුවක්...ගිහාන් උප නායකයා විදියට ඉන්නවා තමයි....ඒත් කාශ්‍යපගෙ අඩුව මිහින්ට තදින්ම දැනුනා...කාශ්‍යප හිටියනම් කොහොමත් මේ අවුරුද්දෙ ඉස්කෝලෙන් අස්වෙලා ටීම් එකට නොඑන බවත් ඇත්ත.....ඒත් කාශ්‍යප තවත් ටීම් එකේ සාමාජිකයෙක් නෙවෙයි කියලා පිළිගන්න මිහින්ගෙ හිත කොහෙත්ම ලෑස්ති නෑ.....
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantasySlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...