49#

130 27 7
                                    

අකුරල නැවතුමෙන් බැහැලා රේල්පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ගිය කාශ්‍යප බිම තිබුණ ගල් කැටේකට වේගෙන් පයින් ගැහුවෙ ඈතට විසි වෙලා ගිහින් වැටෙන්න
කේන්තිය වේදනාව පසුතැවීම් ඔය ඔක්කොම එක ගුලියට උගුරෙ හිරවෙලා ඇඩෙන්න ආවත් කාශ්‍යප ආයාසෙකින් ලොකු හුස්මක් ගත්තා....

ඒ කඩාවැටීම හරියට දෙන්නෙක් අවුරුදුගානක් ආදරේ කරලා පුංචි හේතුවකට දික්කසාදයක් තරම් දුරදිග ගිය දෙයක් වගේ කාශ්‍යපට දැනෙන්න ගත්තෙ....ඒත් එච්චර බැඳීමක් එයාලා අතර තිබුණද?.....
තවත් වෙලාවක එයාට හිතුනෙ දැන දැන බොරු බලාපොරොත්තු ගොඩගහගෙන මිහින් වෙනුවෙන් ගත කරපු කාලේ අපරාදෙදත් කියලා....මිහින් ගැන ලොකු උනන්දුවක් ඇතිවුණ කාලේ මලින්ද කිව්ව දේවල් කාශ්‍යපගෙ යටි හිතේ හොල්මන් කරන අතරෙ එයා පාලුවට ගිය රේල් පාලේ සිල්ලර කොටයක් උඩ එහෙම්මම ඉඳගත්තා...

" උඹ ඕකාට නැහෙනකම් නරකද කෙල්ලෙක් ටෝක් කරානම්...."

හොයන්න කරදර නොවුනත් කාශ්‍යපට මංගල යෝජනා නම් ගිය ගිය තැනින් හම්බවුණේ වැහි කාලෙට හතු පිපෙනවා වගේ...ප්‍රසිද්ධ ඉස්කෝලෙක ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් නිසා වගේම රූපසිංහ මන්ත්‍රීතුමාගෙ පුතා කිව්වහම කවුරුත් හිතුවෙ කාශ්‍යප කියන්න ඇවිදින සල්ලි ගහක් කියලා....
ඒත් කවුරුහරි I love you  කිව්වොත් කල් නිකුත් විමේ දිනේ කවද්ද කියලා අහන තරමට කාශ්‍යපට සම්බන්දතා නීරස වෙලා තිබුණේ මන්ත්‍රීතුමාගෙ සන්දානෙට උදව් දෙන බිස්නස්මන්ලා නිතරම අදුන්වලා දෙන දූවරු නිසා. ඩේට් එකකට ඩිනර් එකකට යනවා කියලා තරු පහේ හෝටලේක මිල අධිකම කෑමක් කන ගමන් වල් පල් කියෝනවට වඩා සම්බන්දතාවයක් ඇතුලෙ ඊට වඩා දෙයක් කාශ්‍යප බලාපොරොත්තු වුණා.... දෙන්නට දෙන්නා අතරෙ තියන කායික ආකර්ෂණෙකට වඩා මානසිකව හොඳ තේරුම්ගැනීමක්.... කාශ්‍යපට ඕන වුණේ තමන්ගෙ සුවපහසු කලාපයට...ඕරා එකට මැච් වෙන කෙනෙක්. දේශපාලනික හරි බිස්නස් කන්ටෑක් නිසා ගොඩනැගුණ කිසිම රිලේශන්ෂිප් එකක කාශ්‍යපට කිසිම වෙලාවක එයාට මැච්වෙන චරිතයක් හොයාගන්න බැරිවුණා.

ඒත් හරි අහම්බෙන් නවය වසරට එනකම්ම කිරිහොදියි බෝල්ට් ඇණයි වගේ කිසිම ගැලපීමක් නැතුව නයි මුගටි වගේ දැක්ක තැන පුප්පගෙන යන ක්‍රිකට් ටීම් එකේ එයාට වඩා අවුරුද්දක් බාල පොඩි කටකාර කොල්ලට ටිකෙන් ටික කාශ්‍යප හිත ඇදිලා ගියේ එයාටත් හොරෙන්.... සමහර පුහුණු වීම් තිබුණ දවස්වල ඒ පිරිමි ළමයා දිහා උනන්දුවෙන් සෑහෙන වෙලාවක් කාශ්‍යප බලන් හිටියේ
හිතින් ලොකු යුද්ධයක් කරන ගමන්....
මොකද කාශ්‍යපට මතක ඇති කාලෙක ඉදන් ඒ පිරිමි ළමයා එක්ක තිබුණෙ හොඳ සම්බන්දයක් නෙවෙයි... මොන්ටිසෝරියෙ ඉදන්ම ඉස්කෝලෙදිත් මොනවමහරි දේකට රණ්ඩුවෙලා ගහගෙන අවුරුද්දකට දෙතුන් සැරයක්වත් නෑගම් යනවා වගේ ප්‍රින්සිපල් සර්ව හම්බවෙන්න යන එක එයාලට පුරුද්දක්....

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now