" ගමේ ලස්සනම ලේලි අපේ තාත්තාගෙ වේවී.....නුඹ මන් එක්කලා ඉද්දි තව හැඩට පෙනේවී.....
අපේ අක්කාට ගොඩක් ඉරිසියා හිතේවී...."" අනේ ඕයි!!!!!"
මැච් එකට පස්සෙ අපේ සෙට් එකට එක්දින නිවාඩුවක් දුන්නනේ ඉස්කෝලෙන් එක් දින නෙවේ අප්පා හරිනම් සතියක්වත් ඕන රෙස්ට් කරන්න... ඒකෙන් පස්සෙ මැච්
එක බලන්න ආපු එව්වො පොලු උස්සන් ඇවිත් අපිට ගැහුවා වගේ ඇගේ අමාරුවක්නෙ අප්පා තියෙන්න......මන් යනින් ගමන් කෑම මේසෙට වෙලා පණ දාගෙන එසයිමන්ට් එකක් කරන අක්කාගෙ කෙස් ගහකින් ඇදලා දිව්වා.
ස්ටඩී ලිව් එකක් හම්බෙලා මල කරදරේ ගෙදර...ඊයේ සෙනූ අයියා එක්ක හතර වටේ ඇවිද ඇවිද ලව් කරලා දැන් පුප කඩාගෙන පරක්කු වෙච්ච එසයිමන්ට් කම්ප්ලීට් කරනවා.
තාත්තායි අප්පච්චියිත් වැඩට ගිහින් නිසා මගේ වැඩේම අක්කාව අවුස්සන එක....දන්නෝ දනිති... සහෝදර පාර්ශවේ අවුස්සා ගැනීම ඒක වෙනම ආතල් එකක්." දේවසිංහ පවුල මුලු ගමේම වැජඹේවී...දරුවන්....ඉපදී......."
" කට වැහුවෙ නැත්තන් මන් තවුසෙට බබ්බු හම්බවෙන්න ගහනවා හොදේ!!!! "
" බයොලොජි නේද හලෝ කලේ... එලෙස කෙලෙස....."
අක්කා කට ඉරක් කරගෙන මහසොන් යක්සනී වගේ මන් දිහා බැලුවා....
" තමුසෙ මෙතනින් යනවද.......මන් යවන්නද....!"
" කෝමලියා!!!!....සිකුරුලියා!!!! කුමරියෙ අපි හෙට බඳිමු සුදා...!!! "
" මිහින්!!!!.."
පියාඹගෙන ආව සෝස් පාට සෙරෙප්පුවක් නූලෙන් මගෙ ඔලුව උඩින් යද්දි මන් පස්ස වනලා දිව්ව පාර අක්කා අනිත් සෙරෙප්පුවත් ගලවලා අතට ගත්තා.
" කෝමලියා!!!...සිකුරුලියා!!!! බැන්දට පසු.....මෙන්න ගහනෝ!!!!!!!"
" තවුසෙගෙ අද කෑලි ගලෝගා පංචිකාවත්තට යවනවා......බූරුවා!!!!!"
අක්කා සෙරෙප්පුව උස්සන් අංගුලිමාල වගේ දුවන් එද්දි මන් සෝෆා එකට උඩින් පැන්නා විතරයි ගෙදර ලෑන්ඩ් ලයින් එක රින්ස් වෙන්න ගත්තා.
මන් අනිත් අතට අක්කාවත් තල්ලු කරගෙන ෆෝන් එක අරන් කනේ තියාගත්තා.
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantasiSlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...