උදේ හයට ප්‍රැක්ටිස් පටන් ගත්ත වෙලේ ඉදන් මන් හිටියෙ සීගිරි කස්සපයව අල්ල ගන්න වෙලාවක් හොය හොය....දහය හමාරට කෑම කාලා එන්න විනාඩි දහයක් දුන්න කෝච් අපිව අර මර අව්වෙ මරෝපු නැති ටික විතරයි....
හැබැයි ඉතින් මෙච්චර පණ කඩාගෙන ප්‍රැක්ටිස් කරලත් මේ පාර අපි පැරදුණොත් හරි මැච් එක ඩ්‍රෝ වුණොත් හරි අම්මපා මන් පිට්ටනිය මැද්දෙ වලක් කපාගෙන කැප්ටනයා එක්කම වැලලෙනවා.....
ඌ එයිද දන්නෑ මාත් එක්ක සමාදානයේ සැතපෙන්න....අහලා බලන්න ඕනි.....එක්කෝ එපා මිහින්.....ඕකා මහ අසහනකාර වල් උගුඩුවෙක්...සමාදානයේ
සැතපෙන්න කියලා වෙන මඟුලක් හිතුවොත් එහෙම.....වල අස්සෙත් මරාගන්න වෙන්නෙ....හවස පහට ප්‍රැක්ටිස් ඉවර වෙද්දි ඉන්ඩෝ එකේ තැනින් තැන කට්ටිය මැරිලා වැටිලා වගේ....මාත් එක හුස්මට වතුර බෝතලයක්ම ඉවර කරලා වෙට් ටවල් එකකින් දාඩිය පිහද ගත්තා.
අර උගුඩුවා අල්ල ගන්න ඕන...ඌ ඉවර වුණ වෙලාවෙ ඉදන් ඉන්ඩෝ එක අස්සෙ පේන්නවත් නෑ.....මාව ගන්න තාත්තා එන්නත් තව පැයක් විතර යයිනෙ...
කොහොමත් එනවා කිව්වෙ සයිට් එකටත් ගිහිල්ලා...
කෝච් සරුත් කලින්ම යන්න යද්දි මන් කාශ්‍යප අයියාව හොයාගෙන පරණ ෆැමිලියන් එකට ආවා....හිතුවා වගේම මේකා ඉන්නෙම මහ පාලු තැන් වල....
හරියට නිකන් මිනිස්සු ඇලජික් වගේ...
පන්තියෙත් එහෙමනේ අර මුල්ලකට වෙලා හොර උගුඩුවෙක් වගේ ඉන්නවා....අඩෝ මූ ෆෝන් එක ඉස්කෝලෙ අරන් ඇවිත්...දහතුනෙ එව්වො ඔක්කොම එකයි
කොහොම හරි එකක් හංගගෙන උස්සන් එනවා....නැත්තම් අඩුම ළඟ බුක්ශොප් එකේ අක්කාට හරි එකහමාර වෙනකම් බලාගන්න කියලා තියලා එන්නෙ....කාශ්‍යප අයියා ෆැමිලියන් එකේ උඩම පඩියට වෙලා එයාපොඩ් දෙකත් කනේ ගහන් පිට්ටනිය දිහා බලාගෙන මනෝපාරක් ගහනවා...මන් එනවා දැකපු කාශ්‍යප අයියා එයා ඉන්න පඩියට අතින් තට්ටුවක් දාලා මටත් එන්න කියන ගමන් හිනා වුණා.....
හිනා තමයි මගෙ කුජීත ෆොටෝ එකක් උගෙ එකවුන්ට් එකේ දාගෙන....ඩැහි අඬුවක් ගෙනල්ලා උගුල්ලනවා දත් ඇදි දෙක....එතකොට දත් නැති කට මට පෙන්නාලා සීයා හිනාවෙලා වගේ ඉදියි.....
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantasySlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...