25#

228 32 14
                                    

" ඕකට ඔක්කොටම ඉස්සෙල්ලා හොඳ ඉංග්‍රීසි කෝස් එකකට යවපන් මල්ලි
බලපන්කො ඉතින් කට ඇරියම වටේ පිටේ උණුත් ඉවරයිනේ....."

යසිරුවා කාශ්‍යප අයියාගෙයි මගෙයි කාඩ් කුඩු කරලා නම්බුව හෝදලා යන්න ගියා..
මෙලහකටත් උගේ ඇඟිලි සීන් එක ටීම් එකම දන්නවා ඇති ඕකා දන්නෙ නැති වුණාට. හතුරෙක්ටවත් මෙව්වා වෙන්න එපා.....අර උගුඩුවට නම් කමක් නෑ කියමු මූ හොඳම යාලුවා වෙච්ච මාවත් කෑවා....
ඇඟිලි නෙමෙයි මට ඕකට රතිඤ්ඤයක් ගහන්න හිතෙනවා....

මලින්ද අයියා ගුලිකාලා වගේ හිනාවෙවී ඉඳලා යසිරුවව ඉංග්‍රීසි කෝස් එකකට යවන්න කියද්දි කාශ්‍යප අයියා සාධාරණ බයක හිටියේ බිග් මැච් එක කවර් කරන්න එන මීඩියා එකයි යසිරුවා ගැනයි.

" මීඩියා එකෙන් ඕකගෙ වොයිස් කට් එකක් ගත්තොත් තමා මරු.....අනේ කියන දෙයක් සිංහලෙන් කියන්න කියපන්...."

කාශ්‍යප අයියා නලලෙ අතගහන් කියද්දි තව මොකක් හරි මරිමොංගල් කුප්ප කතාවක් ඔලුවට ආපු මලින්ද අයියා ඒකට
වක්කඩ වගේ කට ඇරියා..

" අඩෝ ඔන්න බලපන් ඕකට එදාට මාරු වෙන්නෙ ලෙදර් බෝලෙයි අනිකයි ඈ...."

" ඕයි මලින්ද!!!!.... ලැජ්ජ නෑ!!! තොපිට..."

" සූ.......හරි හරි....මූට යන තරහා බලපන්කෝ....."

මලින්ද අයියාගෙ සීගිරි සුකුමාලිට නම් ඒකට හොඳටෝම ඩෝං ගිහින් මලින්ද අයියාටයි මටයි දෙන්නටම බැනලා ගස්සගෙන පද්දගෙන පිටී රූම් එකෙන් එලි බැස්සා විතරයි මලියායි මමයි කදුලු පනිනකම් හිනාවුණා.
ඔය සීගිරි සුකුමාලි සීන් එක මට කිව්වෙ දේව් අක්කා....කාශ්‍යප අයියා හිටපු ගමන් තරහ ගිහින් ගස්සන ගැස්සිල්ලට ක්ලාස් එකේ උන් කියන්නේ සීගිරි සුකුමාලි කියලාලු....මලින්ද අයියා තමයි මුලින්ම ඕක කියන්න පටන් අරන් තියෙන්නෙ....
ඇයි ඉතින් ඌට තියෙන්නෙත් කෙල්ලොත් සෙකන්ඩ් වෙන හෙන ෆෙමිනි ගැස්සිල්ලක්නෙ...

" ඒ මේ හෙට උඹලා දෙන්නා පොඩි සප් එකක් දෙන්න වරෙන් හොඳේ...."

මලින්ද අයියාට ඔර්ගනයිසින් ටීම් එකේ ඔලුවටත් උඩින් වැඩ...ඒක තමා කාශ්‍යප අයියා මටත් හෙට ඉස්කෝලෙ එන්න කියන්න ඇත්තෙ....මළ වදේ ඕක ඉතින් ඌට එන්න බැරිද තනියෙන් මාව ඕනියෑ...

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now