19#

225 33 32
                                    

" මූට මොකද කරන්නෙ අයියේ...දාන්නද රිසව් වලට...."

මන් හිටියේ කාශ්‍යප අයියාගෙ ඇඳ බදු ඇරගෙන ඒකාව පොත් මේසෙට එලවලා..
මන් ඇඳේ පෙරලිලා පස්සත් උඩදාගෙන කකුල් දෙකත් වන වන කෝච් සර්ටයි සෙටිෆිකේට් වලටයි දාන අන්තිම නම් ලිස්ට් එක හදද්දි ටෙඩියා හිටියෙ මගෙ කොන්ද උඩ ඌ හෙන ආතල් එකේ වැනි වැනි අපි කරන වැඩ දිහා බලන් ඉන්නවා.

කාශ්‍යප ‍අයියා ලැප් එකේ මේ පාර අලුතින් ඕන කිව්ව සෙටිෆිකේට් වලට ඩිසයින් හදනවා..එයාට හොඳට ග්‍රැෆික් ඩිසයින් වැඩ පුලුවන්...

" එපා "  කාශ්‍යප ගත්ත කටටම එපා ගාද්දි
මන් වැලමිට ඇඳට තියලා ඉස්සිලා අයියා දිහා බැලුවා. අද උදේ ටීම් එකේ ඉන්නවද අහන්න මූණත් බෙරි කරන් ආව මල්ලි...
ඒ  ළමයට ප්‍රැක්ටිස් මදි තමයි ඒත් මට ඒකාව රිසව් වලටවත් රිංගවන්නමයි හිතෙන්නෙ...මොකද මටත් දැනිලා තියනවා ටීම් එකෙන් අයින් කරපු වෙලේ ඒ දැනෙන දුක.
" පව් ඕයි එයා...."

" ඇයි මල්ලිලාගෙ දුක අහන අයියට අමාරුද මල්ලි බබාව අයින් කරාම..."

කාශ්‍යප අයියා ඔෆිස් චෙයා එකේ මගෙ පැත්තට කැරකෙන ගමන් ඇහුවෙ නලල යන්නම් රැලි කරගෙන..එහෙම බලද්දි එයාගෙ ඝන කලු ඇහි බැමි එකට යා වෙනවා...

" ඒ මඟුලක් නෙමෙයි හලෝ....තමුසෙ ඔහොම අර පොඩි උන්ට බනින්න එපා අයියෙ....පව්නෙ..."

" මන් බනින්න උන්ව හරි ට්‍රැක් එකට අරගන්න...මිහින් ක්‍රිකට් කියන්නෙ ටීම් වර්ක් එකක්...දක්ෂ දෙතුන් දෙනෙක් හිටියා කියලා මැචස් වින් කරන්න බෑ....
ඒකට මුලු ටීම් එකේම එෆෝඩ් එක ඕන..
හැම කෙනාම ඒ දේට උපරිමෙන් කැපවෙන්න ඕන අපිට කණ්ඩායමක් විදිහට හොඳ ටාර්ගට් එකක් තියෙන්න ඕන....ඔය හැමදේම එක්කයි අපේ සක්සස් එක තියෙන්නෙ.....කෙනෙක්ට අනුකම්පා කරන්න කලින් තව පාරක් හිතන්න ඒක අනිත් අතට නොහිතන විදිහකට භූමිකම්පාවක් වෙලා එන්නත් පුළුවන්..."

කාශ්‍යප අයියා මගෙ නහයට ඇඟිල්ලකින් තට්ටුවක් දාලා ආයෙත් ලැප් එකට එබුනා.
කතාවෙ ඇත්තක් තියනවා...මම මේ මල්ලිට දැන් බැටින් හොඳ නිසා අනුකම්පා කරලා රිසව් වලට දාලා හදිස්සියෙවත් ඒකාට ප්ලේ කරන්න වුණොත් හරියට ට්‍රේනින්  ඇවිල්ලත් නැතුව අන්තිමට මැච් එක ගැස්සුනොත් කෝච් සර් බනින්නෙ කෙලින්ම අපි දෙන්නට තමුසෙලා ටීම් එක හරියට හදාගත්තෙ නැද්ද කියලා.

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now