53#

179 32 13
                                    

" මචං...අරුන් දෙන්නා කරන්දෙණිය ෂෙඩ් එක ගාවා ඉන්නවා...කිව්වා... හලලා එහෙම යන්ඩ එපා...."

අනුරාධ මගින් නගින ඈයන්ව මතක් කරලා කැගහපු පාරට වෑන් එකේ පිටිපස්සෙම දකුණු කෙරවලේ කොනේම මුල්ලට වෙලා ඉයර්බඩ් දෙකකුත් ගහන් නැග්ග වෙලේ ඉදන් හොඳ නින්දක හිටිය කාශ්‍යප ගැස්සිලා ඇහැරුණා. එවලේ තමා කාශ්‍යප දැක්කෙ පොඩි ශෝටකුත් ගහන් වෑන් එක අස්සෙ ඉන්න විරාග්ව....
දැන් හරි ප්‍රශ්නෙ විරාග් කොහෙන්ද එකපාරට කඩන්පාත් වුණේ කියලා... ඒ මදිවට අනුරාධ තව මගින් නගින එකක් ගැන කියලා කෑගහනවා...ඒත් එයාලා කාශ්‍යපට කිව්වෙ හය දෙනෙක් යන ට්‍රිප් එකක් කියලා...දැන් බලද්දි ඒක නවය වෙලා ඩ්‍රයිවර් එක්ක දහයයි....

" කවුද බන් තව ගන්න ඉන්නෙ..."

කාශ්‍යප තඩි ඈනුමක් යවන ගමන් අහද්දි එහා පැත්ත උන්න කාංචන විරිත්තලා කාශ්‍යපගෙ කැරලි කොණ්ඩෙ කපුටු කූඩුව වෙන්න ඇවිස්සුවා....

" ඔයාගෙ විජ්ජුලතා එනවා ඒයි...."

" මෙ...මිහින්..??...ඇයි ඔයාලා මට කලින් කිව්වෙ නැත්තෙ එයා එනවා කියලා...."

කාශ්‍යප අකුණක් ගහලා වගේ සීට් එකෙන් කෙලින් වුණෙ මිහින්ගෙ නම ඇහිලා....තාමත් කාශ්‍යප හිටියෙ මිහින්ට මූණ දීගන්න තරම් හිතක් නැතුව...එයාට ශටර් එකකින් එලියට පැනලා ගෙදර දුවන්න හිත....

" කලින් කිව්වනම් උඹ එන්නෙත් නෑ.....ඌ එන්නෙත් නෑ.....ඇරත් අපේ විජ්ජුව දාලා ට්‍රිප් යන්න පුලුවන්ද පණේ..."

කාංචන හිනාවෙවී කාශ්‍යපගෙ නිකටින් අල්ලලා හොලවද්දි කාශ්‍යප අත ගසලා දාලා බෑග් එක අවුස්සලා එලියට ගත්ත හූඩිය ඇදපු කමිසෙට උඩින් දාගෙන ඔලුවත් වහන් මූණටත් උඩින් කොට්ටයක් තියාගෙන ගෝනිබිල්ලා වගේ මුල්ලටම වුණේ කාංචන දිහාට අතේ මැදඇඟිල්ල උරුක් කරලා පෙන්නගෙන...

" පාප මිත්‍රයෝ!!"







අන්තිම සාමාජිකයො දෙන්නත් නැග්ගට පස්සෙ වෑන් රථේ දක්ෂිණ අධිවේගියෙන් රජරටට ඇදෙද්දි ගමනෙ තිබුණ ඇල්මැරුණ ගතිය යවන්න පෙරමුණ ගත්ත දෙව්නා එයාගෙ ගිටාර් එක උකුලට අරන් පද දෙක තුනක් ගහලා ලෑස්ති වෙද්දි මිහින් ගෙදරින් උස්සන් ආපු බොන්ගො එක කකුල් අතරෙ වැටෙන් නැතිවෙන්න හිරකරන් ඉස්සෙල්ලම පටන් ගත්තෙ ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයාගෙ ' මී වදයකි ජීවිතෙන්....

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now