" කිව්වනෙ සැරයක්...ප්ලීස් මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න..."
" අම්මාත් එක්ක එයාපෝට් ඇවිත් ඉන්නවා එච්චරයි!! මන් ඩිලාන්ව එවන්නම්..."
කාශ්‍යපගෙ කටහඬටම දෙවෙනි නැතිව එහාපැත්තෙන් කෑගැහුවෙ එයාගෙ මාමා.
කාශ්‍යපගෙන් ආපිට නොලැබුණ ප්‍රතිචාර එක්ක රූපසිංහගෙ කේන්තිය රතු කට්ට පැනලා කියන්න කාශ්‍යපට තේරුණත් එයා කලේ සද්ද නැතුව අහන් හිටපු එක..." අනික අද කවුන්සිල් එකෙන් ආවෙ තමුන්ව හම්බවෙන්න!!!!....මන් මොනවද උන්ට කියන්නෙ!!! කාශ්‍යප.....කාශ්‍යප.......this is the last warning!!!!! උඹ කවුරු එක්ක සෙල්ලම් කලත් මාත් සෙල්ලම් කරන්න එපා!!.....විනාඩි පහක් දෙන්නම් ඔක්කොටම කලින් ඩිලාන් එක්ක මෙහෙට එනවා..."
" I don't want the f*cking leadership!!!!! මට පාඩුවෙ ඉන්න දීලා ඕකට වෙන එකෙක් හොයාගන්න.... ඔයා ළඟ ඕන තරම් කැම්බියන්ලා ඉන්නෙ....."
කාශ්‍යප ෆෝන් එක කට් කරලා දාලා සෝෆා එකෙන් ඉඳගත්තෙ අත් දෙකෙන්ම කොණ්ඩෙ ඇදගෙන.... ගෙවුන දවස් ගානෙ වුණේ එහෙම් පිටින්ම කාශ්‍යපගෙ ජීවිතේ කනපිට ගස්සන දේවල්..... හදිසියේම එයාගෙ අම්මා ලංකාවට ආව එකත් බලෙන්ම ඇගේ ගහන්න යන කොලනිය...ඒ මදිවට ඔක්කොම ම් නතර කරලා අම්මා එක්ක යන්න කිව්වහම....
කාශ්‍යප හිටිය මොනම තීරණයක්වත් ගන්න පුලුවන් තත්වෙක නෙවෙයි.... එක සැරයක් විසිරිලා ගිය හිත ආයෙත් පලුදු වුණ තැන් වලින්ම කැඩිලා විසි" head Arch මට කිව්වෙ මේ දැන්ම එක්කගෙන එන්න කියලා....."
' Arch' කියන වචනෙ ඇහුන හැටියෙ කාශ්‍යපට යන්තම් හිනාවක් ආවෙ කට කොනට....කැම්බියන්ලා කොලනියෙ නායකයාට කතා කලේ ඒ නමින්.... එහෙම කතා කලේ ඒ ග්‍රීක වචනෙත් ලොකු තේරුමක් තිබුණා....මුලු කොලනියම තුනට හතරට නැවීගෙන head arch පස්සෙන් වැඳ වැටිලා හිටියට කාශ්‍යප ඇහෙද්දිත් ඔලුව විකාර වෙන ඒ වචනෙ සතපහකට ගනන් ගත්තෙ නෑ.... මොකද එයාට ඊට වටින දෙයක් වෙනුවෙන් ලොකු කැපකිරීමක් තිබුණා....
ඊටත් ලෝකවටේ ඉන්න කැම්බියන්ලා නියෝජනය වෙන්න ලෝක සමුළුව වගේ හැම රෙද්දටම රැස්වෙන කවුන්සිල් එකයි....ඒකෙ ඉන්න අමුතු සත්තු ටිකයි..උන්ගෙ අමුතු නිතී ටිකයි කාශ්‍යපට මේ ලෝකෙ පේන්නම බැරි දේවල්...ඒත් රූපසිංහට ඕන වුණේ කොහොම හරිම කාශ්‍යපට කොලනිය භාරදෙන්න...එහෙම වුණොත් කාශ්‍යපත් අනිවාර්යයෙන්ම කවුන්සිල් එකේ සමාජිකයෙක් වෙන්න වෙනවා.....
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantasíaSlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...