මල් නෙමෙයි මට මල් වතු පැන්නා. ඒ පාර අර කොහෙවත් යන උගුඩුවා අපෙ තාත්තාගෙ පුතා වෙලා.....මන් මොකාද එතකොට.....
තරහ වෙලා ගස්සගෙන මන් ගියේ සීයලගෙ ගෙදරට. ඒක තියෙන්නෙත් අපේ ගේ එක්කම තමයි ඒත් වෙනම...එයාලා කැමති වෙනම ඉන්න නිසා අප්පච්චි පරණ වෙද ගෙදර ඉතුරු කරලා තමයි අපේ ගේ හදලා තියෙන්නෙ...දැන් පරණ කෑල්ලෙ ඉන්නෙ සීයලා දෙන්නා.
මන් යද්දි සීයා තාත්තා මැද සාලෙ කොනක එයාගෙ දිග හාන්සි පුටුවට වෙලා පොත් කියවනවා. අපරාදේ කියන්න බෑ අපේ පවුලෙ උදවිය නම් ගිය ආත්මේ පොත් ගුල්ලොද කොහෙද.....මෙයාලට පොතක් තියේ නම් කන්න ඕනෙත් නෑ බොන්න ඕනෙත් නෑ....
අර අපෙ තාත්තා පේන්නෙ නැද්ද....
මල්ගුඩියයි....සෙංකොට්ටං....නිල් කටරොළු....ලොවීනලා නැති එකක් නෑ සරසවියම ගෙදර.....
අර කාශ්‍යපයා ගාවත් මන් දැක්කා රැක් එකක් පිරෙන්න හෙන පොත් තොගයක් තියනවා.....
මන් අහන්නේ ඔව්වා බදාගෙන කියවන්න පුලුවන්ද අප්පා......සීයා තාත්තා අතේ තිබ්බ පොතේ සයිස් එක දැකලා මට තඩි ඈනුමකුත් ගියා..... 'රණ මඟ ඔස්සෙ නන්දිකඩාල්'....... යුද්ධෙ කාලෙ එකක් නේහ්.......අපේ ගෙදර මිනිස්සු පොත් ගුල්ලො වුණාට මට නම් ඔය පොත් කියන සබ්ජෙක්ට් එක දිරවන්නෙම නෑනෙ....වද කරලා බල කරලා කියෙව්වොත් අච්චු පොතක් තමා....ආ....තව බැංකු පොත නම්
හරිම ආසාවෙන් කියෝනවා....ගෙදරින් කන්න දෙනකම් ඒක හැප්පි හැපී....
ගෙදරින් දොට්ට දැම්ම ගමන් ඒක සෑඩ් එන්ඩින්...." සුදුමහත්තයා.....මොකෝ මේ මූණ එල්ලන්.....මගෙ කොල්ලා...."
මන් ගිහින් හාන්සි පුටුවෙ පාමුල වාඩි වෙද්දි සීයා තාත්තා කෙලින් වෙලා මගෙ ඔලුව අතගෑවා. ඉස්සර වගේ දුවලා ගිහින් උකුලට පනින්න බෑනෙ මන් දැන් ලොකුයිනෙ....වෙලාවකට හිතෙනවා සීයලා එක්ක හවසට සරම් බොක්කට වෙලා පැද්දි පැද්දි කතා අහපු චූටි කාලෙටම ගිහින් කාලෙ නතර කරලා තියාගන්න. ඒ දවස් හරියට පාට මැකුණ පරණ චිත්‍රපටියක් වගේ.... ඉස්සර තාත්තායි අප්පච්චියි වැඩ ඇරිලා හවස ගෙදර එනකම් සීයලා එක්ක ගෙවුන කාලෙ....පහළ ළිඳ....ඕවිට එක්ක තියන කුඹුක් ගස් පෝලිම...මගෙ ජීවිතේ ලස්සනම සමරු සටහන්....ඇයි ඉස්සර හවසට ටී.වී එකේ ගිය කාටුන් ටික...
සෙල්ලම් ගෙදර...ඉඟුරු පාන් මල්ලි... කූබිච්චි...දඟරවලිග.....
මම ආසම එක අර අපේ පුංචි බලු පැටියා..
මට මතකයි ඕක බලලා මන් අප්පච්චිත් එක්ක වලියකුත් දාගත්තා බලු පැටියෙක් ඕන කියලා....අන්තිමට රණ්ඩු කරලා බලු පැටියෙක් ගෙනල්ලා දවස් දෙකයි මූ අක්කාගේ සපත්තුවකුත් කාලා කැලේ පැන්නා.... එතනින් එහාට නෝ බල්ලෝ හැදිලි.....
දැන් ඉතින් ඉන්නේ මාසෙට සැරයක් ගෙදර මතක් වෙන ඉතුරු දවස් විසි ගානම හතර වටේ කෙල්ලො බලන්න රෝන්දෙ ගහන නාහට නාගන හම්පඩ ගැහිච්ච පූස් නාම්බෙක්.
තාත්තාගෙ හුරතල් සූකිරි බෝලෙ වුණාට මට පේන්න බෑ ඔය ගෙරි පූසාව. ඕකා මාත් එක්ක තියන තරහටමද කොහෙද මගෙ කාමරේටම ඇවිල්ලා චූ ගහලා යන්නෙ....චික්....
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantasíaSlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...