45#

205 36 24
                                    

" come on මිහී....ඔයාද මේ ඔක්කොම කෑවේ...."

අතේ පාර්සලයකුත් එල්ලන්න් ගෙදරට ආව කාශ්‍යප අයියාගෙ ඇස් උඩගියේ  මේසෙ උඩ තිබ්බ හිස් කෑම පෙට්ටි ටික විතරක් ඉතුරු වෙලා කෑම අතුරුදහන් වෙලා තියෙනවා දැකලා.....මේකා ඉතින් මාව ගේ අස්සට දාලා කාංචන අයියා එක්ක එලියට ගියානෙ...නිකම්මවත් ඇහුවද මිහින් බඩගිනිද කියලා...

" හුම්...තවුසෙ නවතින්න කිව්වට මට ඩිනර් එකවත් දුන්නද නෑනෙ නෑනෙ.....
මට බඩගින්නක් ආවා....ඉතින් කෑවා ආහාර අපතෙ දාන්න හොඳ නෑනෙ..."

" කෑම ගේන්න තමයි බන් ගියේ....."

අයියා අතේ තිබ්බ කෑම පාර්සලේ උස්සලා පෙන්නද්දි මම කෑල්ලක් ඉතුරු වුණ ඩෝනට් එක එහෙම්මම කටට ඔබාගත්තා. ඇත්තටම ආහාර නාස්තිය හරිම නරක දෙයක්...

" අහ්...no problem බඩේ තව ඉඩ තියෙයි.."

" God, why did you give me such a cute piggy?"

කාශ්‍යප අයියා මගෙ කම්මුල් දෙකම මිරිකලා අතඇරලා කොණ්ඩෙත් අවුස්සන් කිචන් එකට ගිහින් පිඟන් දෙකක් ගෙනත් ගෙනාපු රයිස් එක බෙදලා රෑට කන්න ගත්තා කන ගමන් මන් කල්පනා කලේ කාංචන අයියායි කාශ්‍යප අයියායි කතා කරපුවා...

" මේහ් දැන් අරුන් ටික වුල්ෆ්ලාලු සම්පත් අයියා වැම්පියෙක්ලු.... එතකොට තව මොක්කුද අපෙ ඉස්කෝලෙ ඉන්නෙ.....අපේ පිනා මොකෙක්ද දන්නෑ...."

අයියා හිනාවේවී මගෙ පිඟානත් අරන් හෝදන්න යද්දි මන් එයා පස්සෙන් ගිහින් අත හෝදගෙන කිචන් අයිලන්ඩ් එකට හේත්තු වුණේ පපුව ඉස්සරහට අත්දෙකත් බැදගෙන...

" කාංචන Nephilim කෙනෙක්.....විරාග් නම් මනුස්සයෙක් he knows every secrets...."

මන් මෙච්චර කාලෙකට අහලා තිබුණෙ වුල්ෆ් වැම්පයර් පැක් වගේම කැම්බියන් Nephilim කොලනි එකක්වත් සාමදානයෙන් හිටපු එව්වොනම් නෙවෙ කියලා ඒත් මෙතන වෙන්නෙ අබුද්දස කාලෙ ලබුත් තිත්ත වෙන සීන් නෙ අප්පා මිනිස්සුයි අරුන් මුනුයි ඔක්කොම බර්ත්ඩේ පාටිත් තියනවා.... පුදුම සමාදානෙන් ඉන්නෙ....

" එතකොට ඔහේ මොකෙක්ද....."

භාජන හෝදන ගමන් හිටිය අයියා ඇදන් උන්න ඒප්‍රන් එකේ අත පිහඳ ගන්න අතරෙ මගෙ නහයට පොඩි පෙක් එකක් තියලා මගෙ බෙල්ල වටේ අත්දෙක  දා ගත්තා....

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now