" අර ඈත පුවක් ගස් පේලියට එනකම් අයිතිය ඒ කාලෙ මුත්තාටලු තිබුණෙ දැන්නම් කොහොමද දන්නෑ..."අපි හිටියේ කුඹුරු යාය මැද්දෙන් නියරක් දිගේ ඇවිදින ගමන්... ජලස්නානයෙන් පස්සෙ කුමාරෝත්තමයට නියරක ඇවිදින්න දොළදුකක් පහළ වුණානේ...
දැන් ඒක සංසිදෝනවා..." සීරියස්ලි....මේ ඔක්කොම එයාගෙද "
කාශ්‍යප අයියා ඇස් දෙක ලොකු කරන් මන් අත දික් කරලා පෙන්නුව දිහා බලන ගමන් තාලෙට කටින් විසිල් එකක් ගැහුවා.
" ඉතින් මේවාගෙ ඔයාලාද වගා කරන්නෙ.."
" නෑ....ඕවා ඔක්කොගෙම අඳේට වැඩ කරන්නේ...."
කාශ්‍යප අයියා මහ පගයා වගේ අහන අහන එකට උත්තර දිදී මාත් ඒකා පස්සෙන් නියරෙ ඇවිදන් ගියා... හැබැයි ඒකෙත් අමුතු ගතියක් තියනවා සීතල හුළඟ වැදි වැදි ටිකක් ඇවිදින එක....
හොඳට හුළඟ තියන එකේ සරුංගලයක් තිබ්බා නම් සුපිරි....
සාමාන්‍යයෙන් අගෝස්තුවේ හරි සැප්තැම්බරේට හරි යසිරුවයි මායි ගමේ මල්ලිලා දෙන්නෙකුත් එක්ක තඩි නයි සරුංගලයක් ගහලා වෙලට ඇවිත් යවනවා....සරුංගල් යවන එකට හොඳට ට්‍රේන් වෙලා කරන්න ඕන වැඩක්....හිතන් හිටියට ලේසි කියලා එකටත් මෙතඩ් එකක් තියනවා....
ලොකු හුළඟක් එද්දි අහසට නග්ගන සරැංගලේ උඩු හුළඟට අහුනොවී පරිස්සම් කරගෙන ටිකෙන් ටික තමයි උඩටම යවන්නෙ....බැරි වෙලාවකවත් උඩුහුළඟට අහු වුණොත් කූරියා ගහලා නූලත් කඩාගෙන යන්නෙ...
බලන් ගියහම අපිත් හරියට සරුංගල් වගේ....නූල අම්මලා තාත්තාලා අතේ තියනකම් අපි උඩුහුළඟින් පරිස්සම් වේවී නූල එයාලා අතින් අතැරුණ දවසට අපිත් හරියරට අර කඩාගෙන යන සරුංගලේ වගේ....එහෙම නොවෙන්න නම් අපේ නූල තවත් හසුරුවන්නෙක් අතට යන්න ඕන...
හරිම කෙනා අතට ගිය දවසට අපිටත් ජීවිතේ උඩටම යන්න පුලුවන් වේවී...." මීහී....."
" ම්ම්...."
" who's your first kiss..."
අහස දිහා බලන් සරුංගලයක් යවන්න හීන මව මව ආව මන් කාශ්‍යප අයියා අහපු එකට එකතැනම නැවතිලා ඉස්සරහින් යන අයියා දිහා බැලුවා...මන් නැවතුන බව දැනිලා කාශ්‍යප අයියාත් නැවතිලා මා දිහා බැලුවා.
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantasiaSlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...