52#

154 30 19
                                    

ගෙදරට අඩිය ගහපු ගමන් මිහින් බෑග් එකත් බිම අතඇරලා දිව්වෙ ඉස්සරහට ආව යුගාන් ළඟට...

" අනේ මගෙ කොල්ලා..."

මිහින් මූණත් බෙරි කරන් කෙඳිරිගාගෙන ගිහින් යුගාන්ගෙ බෙල්ලෙ එල්ලෙද්දි යුගාන් මිහින්ගෙ නලළට වැටුණ කොණ්ඩෙ පස්සට කරලා තුවාලෙට හිමීට පිඹින්න ගත්තෙ මේඝ මූණත් දෙක කරන්
බෙල්ල මුලටම හිරවුණ ශර්ට් එකේ බොත්තම් වලින් නිදහස් වෙන අතරෙ...

" තව ටිකක් ඕකව හුරතල් කරන්න...
එච්චරයි අඩු...."

" මගෙ කොල්ලව මන් හුරතල් නොකර වෙන කවුරු හුරතල් කරන්නද....නේද සුදුමහත්තයා...."

මිහින් සුරුස් ගාලා නහය උඩට ඇදලා යුගාන්ව අත් දෙකෙන්ම බදා ගනිද්දි මේඝ මහන්සියි කියාගෙන වැටුණෙ සෝෆාවට..

" අප්පච්චි....ඔය මන්ත්‍රීයටයි...පුත්‍රයටයි දෙකක් කතා කරානම් හරිනේ...."

කාමරේ ඉදන් සාලෙට ආව යුවනිත් කතාවට එකතු වුණේ පූස් පැටියා වගේ එයාලගෙ තාත්තා වටෙ දැවටෙන මිහින්ගෙ කොණ්ඩෙ අතකින් අවුල් කරගෙන...ඒත් ඒ අදහසට නම් යුගාන්ගෙ කිසිම කැමැත්තක් තිබුණෙ නැති පාටයි...

" නෑ නෑ....ඔය ප්‍රශ්න මෙතනින් ඉවර කරන්න.."

" එහෙම කියලා ඌ කවුද අපෙ එකාට ගහන්න..."

මේඝගෙත් කතාව හරහටමයි.

" ඉතින් අපේ එකත් කවුද එයාට ගහන්න...එයත් කාගෙ හරි දරුවෙක්නෙ...."

යුගාන්ගෙ කතාවට මිහින් කර ඉරක් වගේ හදාගත්තෙ ඉබේටමයි...

" ඔයා මගෙ පැත්තෙද එයාගෙ පැත්තෙද.."

බලන් ඉදපු යුගාන්ටයි යුවනිටයි හිනාගියේ ගස්සගෙන කාමරේට දුවන එයාලගේ වසවර්ති පැටියාව දැකලා... මේඝ උගුර පාදලා නැගිට්ටෙ හිනාව තදකරන්...

" පේනවනෙ ගෙදර පොඩිඑකා වුණහම..හරහට අරන් නලවන්න..."







" white skin-u boy-u.... boy's heartර් blackeර් ම්හම්...eyes-u eyes-u meet-u  මයි future darker....! "

පදමට වැදිලා උන්න කාශ්‍යප බූට් කාපු ප්‍රේමවන්තයගෙ චරිතෙට උපරිම සාධාරණයක් කරන අතරෙ යාලුවගෙ හිත හැදෙන්න භාගයක්ම අරන් දීපු මලින්ද හිටියේ හිට්ලර්ගෙ ආච්චි වැහිලා...

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now