14#

238 33 17
                                    

මන් ඉස්කෝලෙ ගේට් එක ළඟට වෙලා නියපොත්තක් හපන්න ගත්තා...තාත්තා
තාම නෑ...හතට කාලත් වුණා...මන් සිකුරිටි අන්කල්ට හිනාවක් දාලා ගේට් එකෙන් ඇතුලට එබිලා ආයෙත් නියපොත්ත හප හප ඉස්සරහ බලා ගත්තා....
දෙයියනේ අර මනුස්සයා මෙතනට එන්න කලින් තාත්තා ආවොත් හොඳයි....මන් ඒකව තල්ලු කර පාරට යහතින් ඉන්නවද දන්නෑ....ඌත් ඉතින් මොන එහෙකටද මගෙ චේන් එකෙන් ඇද්දෙ....
තව මොකක්ද කනට කරලා hard to explain ගෑවා....ආව දෙන්කො ගහනවා ඕකට සපත්තුව ගලවලා....

" අංකල් මේ යතුර....ඉන්ඩෝ එකේ..." 

" හරි පුතා...."

කාශ්‍යප අයියාගෙයි සිකුරිටි අංකල්ගෙයි කටහඬ ඇහෙනවත් එක්ක මන් අපෙ ඉස්කෝලෙ පාර අයිනෙම තියන බස් හෝල්ට් එකට රිංගගෙන මුල්ලකට වුණා එතන සයිඩ් එකේ ලොකු වතුසුද්ද ගහක් නිසා එකපාරට කවුරුත් ඉන්නවා කියල පේන්නෙ නෑ...

කාශ්‍යප අයියා  බෑග් එකත් එල්ලන් සාක්කුව වලට අත් දෙකත් ඔබාගෙන ගේට් එකේන් එලියට ඇවිත් වටපිට බලලා පාර දිගේ අම්බලන්ගොඩ ටවුන් එක පැත්තට ඇවිදගෙන ගියා...

කාශ්‍යප අයියා පේන්න නැති වෙද්දි මන් බස් හෝල්ට් එකෙන් එලියට ඇවිත් හිට ගනිද්දි සිකුරිටි අංකල් එතන පාර අයිනෙ ලයිට් එක පත්තු කරලා මේන් ගේට් එක වහලා දැම්මා...
ඇයි දන්නෑ අද තාත්තා පරක්කු....

දැන්නම් හපලාම හපන්න නියපොතුත් අතේ ඉවරයි..මන් අර බැට්...පෑඩ් විකට් පොලු උස්සන් යන තඩි බෑග් එක බිමින් තියලා තාත්තා එනකම් වතුසුද්ද ගහේ කොල කඩන්න පටන් ගත්තා...
දැන් නම් ලා වට කලුවරත් වැටීගෙන එනවා ළඟ පාත කඩවල් වල ලයිට් එලියයි පාරේ යන වාහන වල එලියයි නිසා මන් හිටපු තැන හොඳටම එලියයි..

ඈතින් ඇහෙන හොනට් එකක සද්දෙට මන් කඩ කඩ හිටපු කොලෙත් විසි කරලා පාර දිහා බැලුවා.... ළමයට රත ගායනෙ අප්පා...හොනට් එකත් රේස් කරන රේස් කිරිල්ලට නිකන් බඹරු එක පොදියට ඇවිස්සුනා වගේ හඬක්...

පාරට බෙල්ල දාගෙන ඉද්දි එකපාරම කඩාගෙන ආව හොනට් එක මගෙ ඇඟටම කපලා පාර අයිනෙන් නැවැත්තුවා..
මොන හු@තක්ද පාරෙ මිනිස්සු ඉන්නවා පේන්නෙ නැද්ද හරක්ට....
බයික් එකේ ජාතිය පැත්තකින් තියලා
ආව එකාට දෙකක් කියන්න යනවත් එක්ක එයා දාගෙන හිටපු කලු පාට ෆුල් ෆේස් හෙල්මට් එක ගලවලා  බයික් එකේ ටෑන්ක් එක උඩින් තියලා ඇදන් හිටපු ලෙදර් ජැකට් එකේ අත උඩට කරලා හදා ගත්තා....

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now