44#

192 32 27
                                    

සප්‍රා....යිස්!!!!!!!!!!"

කට්ටිය මැද්දෙම හිටන් හිටිය දේව් අක්කා  හොල්මන් දෙකක් දැක්කා වගේ කාශ්‍යප අයියායි මායි දිහා බලාගෙන හිටියේ කේක් ගේඩියත් අත් දෙකෙන්ම උස්සන්....ඇස් පිල්ලම් දෙක තුනක් ගහලා හරි සිහියට ආව දේව් අක්කා සම්පත් අයියා කන්ෆියුස් වෙලා කන ළඟම නන්ස්ටොප් පිඹින නලාව කටින් ඇදලා දැම්මා....

මළගිය ඇත්තො සිහි කරන්න වගේ ඇතිවුණේ පට්ට නිහඬතාවයක්.... සද්දෙකට ඇහුනෙ බිත්ති ඔරලෝසුවක ටික් ටික් සද්දෙ විතරයි.....නයි මිරිස් කරලක් වගේ රතු වෙලා හිටිය මන් දොරකඩ හිටිය අනිත් උන්ව දැකලා කාශ්‍යප අයියාගෙ අතක් නියොපොතු වලින් තද කරලාම මිරිකුවෙ අනිත් අතට කාශ්‍යප අයියා මගෙ කකුලක් පාගගනිද්දි.

අනුරාධායා කාංචන....විරාග් අයියා ඌට එහා පැත්තේ පපුව අල්ලන් බයවෙලා කටත් ඇරන් ඉන්න යසිරුවා.....මේ ගෝතයාවත් ඇදන් ගිහින් මරියානා ආගාධෙට පැණලැ සියදිවි නසාගන්න හිතෙනවා යකෝව්.....විලි ලැජ්ජාවයි සන්තෝසේ බෑ......

මලින්ද අයියා උගුර පාදලා අනුරාධ අයියා දිහා ඇහිබැමි උස්සලා බලපු පාර අනුරාධයා බිම තිබ්බ බැලුන් බෝලෙකුත් අරන් කවුච් එකෙන් වාඩිවුණෙ කාශ්‍යප අයියාට තම්බ් අප් එකක් පෙන්නන් හිනාවීගෙන...

" උඹෙ වසවර්තියා හින්දා මට වුණ පිසිකල් ඩැමේජ් වලට ගෙවපන් හොඳේ..."

" උඹේ විජ්ජුලතා හෙන සැරයි කාශ්‍යප..."

මැද්දෙන් පැනපු කාංචන අයියත් දේව් අක්කා අතේ තියන කේක් එක පොඩි ස්ටූල් එක උඩින් තියලා වාඩි වෙද්දි දේව් අක්කා මලින්ද අයියා දිහා ඔරවන් බලන් හිටියා...
කොහොමින් කට්ටියම එකතු වෙලා කේකුත් කපලා...කවලා....නාවලා අතුල්ලලා කරන්න පුළුවන් ඔක්කොම කාශ්‍යප අයියාට කරලා ඌට ආයේ ඊළඟ ආත්මෙදිවත් උපන් දිනේට කේක් කැපිල්ල එපා කෙරෙව්වා. ඒ තරමට කාශ්‍යප අයියාට කේක් කැව්වට වඩා මූණෙ ඇතිල්ලුවා...
සිරාවට ඕකට කවන්න නෙමෙයි කේක් ගෙඩියම අරන් ඔලුවෙ ගහන්න තරම් මට හිතිලා තිබ්බෙ....බලන් ගියහම උන් ඔක්කොම යාලුවො මල්ලි...උන් ඔක්කොම එකතු වෙලා මාව ගොනාට ඇන්දුවා මාත් ලස්සනට ඇඳගත්තා...

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now