" මේ පැත්ත මගේ....ඔය පැත්ත ඔහේගෙ දේශසීමාව උල්ලංඝනය කලොත් ඊශ්‍රායලෙ පලස්තීනෙට ගැහුවට එහා වෙයි..."
මන් කොට්ට වලින් ඇඳ මැද හදපු බැරියර් එකට තට්ටුවක් දාලා තඩි බ්ලැන්කට් එක අස්සට රිංග ගනිද්දි කාශ්‍යප අයියා දත් බුරුසුවත් කටේ ගහන් මගේ විගඩම් දිහා බලන් ඉන්නවා...ඌගෙ ගෙදර ඉදන් මන් ඌටම පාට් දාද්දි දැන් අයියාට හිතෙනවා ඇති මොන කෙහෙල් මලකට මාව ගෙදර ගෙනාවද කියලා...
කමක් ඤෑ කමක් ඤෑ....හිතුන දෙන ඔයැයි ඔව්වා විහින් දාගත්ත කරදර සුදු අයියේ...
කාශ්‍යප අයියාත් අප්පච්චි වගේ මන් දිහා කලකිරිලා වගේ බලලා නලලත් මිරිකගෙන වොෂ්රූම් එකට ගියා විතරයි..එයාගෙ අනූගෙන් ආයූමත් කෝල්ස් එන්න ගත්තා...කලිනුත් මිස් කෝල් පහයි...
ඇයි දන්නෑ කාශ්‍යප අයියට කිසි උනන්දුවක් නැත්තේ....සියල්ලට ප්‍රථම මනුස්සකමනෙ ඔන්න ඔහේ ඇරන් කාශ්‍යප අයියා ලොකු වැඩක ඉන්නෙ කියමු...එතකොටවත් එයාට නින්ද යයිනෙ...
මන් ඉවරයක් නැතුව වයිබ්‍රේට් වෙන ෆෝන් එක ආන්සර් කරා විතරයි එකේ අස්සෙන් ඇහුනේ හෙන අඳෝනාවක්....
ඒකත් කෙල්ලෙක්ගෙ කටහඬක් නෙමෙයි.." මොකක්ද කාශ්‍යප ඔයාට බැලුවොත් වැඩක්...කෝල් එකක් ගන්න බැරි තරම් වැඩද මැට්ටෝ..."
කතා කරන එකා ඇදලා පැදලා කාශ්‍යප අයියාට මැට්ටෝ ගාද්දි මට හිනායන්න ඇවිත් කොට්ටෙ හපාගෙන ඉඳලා අරකගෙ අඳෝනාව අහන් ඉන්න බැරුව කටහඬ පොඩ්ඩක් ගැඹුරු කරලා උගුර පෑදුවා.
" හ්ම්..."
" ඔයා හරි නරකයි...මන් මැසේජ් කීයක් දැම්මාද...එකක්වත් සීන් කරලා නෑ...ඇයි කාශ්‍යප ඔහොම කරන්නෙ..."
" හ්ම්..." මුගෙ කතා විලාසෙට මට හුස්මත් හිර වේගෙන එන්නෙ.... කෙල්ලො හොඳයිනෙ බලන් ගියහම....කොහෙන්ද දන්නෑ කාශ්‍යප අයියාට මේ ඔමරිලතා හොයාගත්තේ... දෙයියනේ අනූ කිව්වහම මන් හෙන ලස්සන කෙල්ලෙක්නෙ මවා ගත්තා... මගෙ ඉමැජිනේශන් කුඩේ කුඩු...
අර උගුඩුවා වොශ්රූම් එකේ මුල් ඇඳලද කොහෙද...උගේ ඔමරිලතාගෙ ඔමරිය අහන් ඉදලා මගෙ බඩත් කොරවෙලා....
දැන් නම් මගෙ මනුස්ස කම දෝරේ ගලනවා..
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantasySlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...