" bady.....I am...dancing in the dark....."" සුදුමහත්තයා නිකන් ඉන්නකෝ...."
මන් සතුටටත් එක්ක තාත්තාගෙ අතකින් අල්ලලා වටයක් කරකලා ගත්තා....තාත්තා මට වඩා චුට්ටක් කොටයිත් එකේ අතකින් අල්ලලා කරකවන්න හරි ලේසි....
" you between my arms.....barefoot on the grass...."
" වැටෙයි....ළමයෝ....!! "
කපල් ඩාන්ස් වල වගේ තාත්තාව මගෙ අත උඩට වට්ටගෙන කම්මුලක කිස් කරා විතරයි තාත්තා අතේ තිබ්බ ලීක්ස් ගහෙන් තඩිබාන්න ගත්තා....යෑ....කටේ ඉදන් කොල....තුහ්.....මේ මිනිස්සුන්ට කිසි රසාස්වාදයක් නෑ අප්පා.....
" අප්පච්චියෝ!!!!....."
ඉස්සරහ දොර අගුල කැරකෙන හඬට මන් තාත්තාව අතඇරලා කෑගහගෙන ගිහින් අප්පච්චිගෙ කරෙ පොඩි කාලෙ ලුණු ගෙනියනවා වගේ එල්ලුනා....
" මේකට තියන විසයක්....."
තාත්තා මගෙ පස්සටත් එකක් දීලා අප්පච්චි අතේ තිබ්බ බෑග් එක ගනිද්දි අප්පච්චි මගෙ කකුල් යටින් අතදාලා වැටෙන්නෙ නැතිවෙන්න අල්ලගත්තා.....
" තාත්තාගෙම පුතානෙ නේද....."
" ඒකනේ....."
" මේඝ...! " තාත්තා අපි දෙන්නටම රවලා කිචන් ඒරියා එකට යද්දි මන් අප්පච්චිගෙ කරෙ වඳුරු පැටියා වගේ එල්ලිගෙන ගිහින් එයාලගෙ කාමරේට ගිහින් ඇඳට පැන්නා....ගෙදර පොඩිම එකානෙ ඉතින්...
සැමගෙ හුරතලා වෙන්නෙ ඉන්නෙ...." අප්පච්චී....මන්...ආයෙ-
" වයිස් කැප්ටන් වුණාලු නේද....."
" ඈ ඔයා කොහොමද දන්නෙ...."
මන් ගුඩ් නිවුස් එක කියන්නත් කලින් අප්පච්චි හිනාවෙවී කියලා ශර්ට් එක ගලවලා හෝදන රෙදි ගොඩට දාන ගමන් රැක් එකේ වනලා තිබ්බ ටවල් එක කරට දා ගත්තා...
" ඔයාලගේ කෝච් මට කතා කලා....මිනිහා හෙන අවුලෙන්නෙ හිටියෙ ඔයාවයි අර අනිත් කෙනාවයි ටීම් එකෙන් අයින් කරපු එකට....."
" එහෙමද....ඒ කියන්නෙ අපේ කෝච් ප්‍රින්සිපල් සර් එක්ක කතා කරලද....."
" හ්ම්...." අප්පච්චි මගෙ කොණ්ඩෙ අවුස්සලා වොෂ්රූම් එකට යද්දි මන් ඔලුව යටින් අත් දෙකත් තියාගෙන එහෙම්මම ඇඳ උඩ දිගා වුණා. අපේ කෝච් සරුත් හෙනම නපුරා වගේ හිටියට ඉතින් අපිට ආදරෙයි....ඒ වුණාට ඉන්නෙනම් අපිව තඹ සතේකට ගනන් ගන්නෑ වගේ....
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantasySlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...