අකුණු ගගහා මහ රෑ වහින මොර සූරන වැස්සට මුහුදෙ පවා වඩදිය රළ චණ්ඩ වුණා....ගස් ගල් පෙරලන්න තරම් හමන් යන හුළඟට වෙරළ මායිමේ පොල් ගස් පේලිය ඇඹරුණේ රූකඩ වගේ.....
අහසේ ගිගිරුම් හඬට ජනෙල් දොරවල් පවා දෙදරුම් කන අතරෙ උස කනාටු පොල්ගහකට වැදුණු අකුණු සැරේ සද්දෙට කාශ්‍යපට ඇහැරුණෙ තිගැස්සිලා...බැල්කනියත් ඇරලා දාලා එතනම බිම බිත්තියට හේත්තු වෙලා ලොකු කල්පනාවක ඉද්දි කොයි වෙලේ නින්ද ගියාද කියලා කාශ්‍යපටම මතක නෑ... බිම තිබුණ නූඩ්ල්ස් බෝල් එකත් හිස් වෙලා..
හැබැයි කාශ්‍යපට ෂුවර් එයාට හදාගත්තට එක කටක්වත් කන්න වුණේ නම් නෑ කියලා....නූඩ්ලස් බෝල් එකම හිස් කරලා බඩ පුරෝ ගනිපු කෙනානම් කාශ්‍යපට හේත්තුවකුත් දාගෙන එයා ළඟින්ම බිම නිදාගෙනයි හිටියේ....
කාශ්‍යප එයාගෙ බලු යාලුවව වඩාගෙන ගිහින් ගේ ඇතුලෙ කාෆට් එකක් උඩින් තියලා ඉක්මනට බැල්කනියෙ දොරවල් වහලා දාලා හිරිකඩට තෙමුන පොළවත් මොප් කරලා දැම්මා.....
ගෙවෙන්නෙ වාරකන් කාලෙ නිසා ගොඩට ගහන මුහුදු රළට මේ කාලෙට පාරවල් පවා යට වෙනවා....දැනටමත් කාශ්‍යප හිටිය එපාර්ට්මන්ට් එක හරියට මුහුදු වතුර දාලා තියන හැටි එයාට කලුවර අස්සෙ යන්නතමට පෙනුනා.මුහුදු බඩ ධීවර කටයුතු නවත්තලා වගේම ඉදිරි දවස් දෙකතුල ඉස්කෝලත් වහලා කියලා ඇවිත් තිබුණ නිව්ස් ඇලට් ටික කාශ්‍යපට නෝට් වුණේ සයිලන්ට් කරපු ෆෝන් එක අතට ගත්ත වෙලේ...නිව්ස් ඇලට් අස්සෙ
කාශ්‍යපගෙ අවධානෙ ගියේ මිහින්ගෙන් ඇවිත් තිබුණ මිස්කෝල්ස් වලටයි කෙටි පණිවිඩ වලටයි." අයියෙ ඔයා ගෙදර ගියාද..."
" තමුසෙ කොහෙද හලෝ"
5 missed calls
" කෝල් ආන්සර් කරපන්කො මඟුල "
" අයියේ......."
" ඕයි උගුඩුවෝ....."
" අයියෙ පොඩ්ඩක් තේරුම් ගන්නවකො..මේ සිටුවේශන් එක... තවුසෙ කෙල්ලො වගේ මළපැනලා ගස්සගෙන ගියාම හරිද.."
3 missed calls
" ආන්සර් කරපන්කෝ... උගුඩුවො.... තවුසෙ මහ මළ ඇණයක් ඕයි....
ගස් ගෙම්බා....අහුවෙනවකො.... තවුසෙගෙ කලිසම ගලවන්නෙ ඔලුවෙන්...."
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantastikSlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...