අපේ ගෙවල් අම්බලන්ගොඩ කිව්වට ටිකක් කරන්දෙණිය පැත්තට වෙන්න...
කාශ්‍යප අයියාට මාව හැමදාම ගෙනත් දාන වැඩේ නම් හෙන පාඩුයි....ඌ මාව දාලා ආයෙත් ටවුමට ගිහින් ගෝල් රෝඩ් එකට දාලා ගෙදර යන්න ඕන....අඩුම විනාඩි විස්සක්වත් යනවා එයාට ගෙදරට යන්න....ඌ මොකට ඔහොම කට්ට කනවද මන්දා පෙට්‍රල් ටිකත් පුච්චගෙන...කමක් නෑ තව සතියයිනෙ....මේකෙන් පස්සෙ මට පුරුදු විදිහටම බස් එකේ යන්න පුලුවන්...
බයික් එකට නැග්ගහම පිඹගෙන යන්න ආසාව තිබ්බත් මේක අනුන්ගෙ නිසා මන් ගියේ ගානකට...
කලර් ලයිට්ස් පහුවෙනවත් එක්ක කාශ්‍යප අයියා මගෙ අත් උඩින්ම අල්ලගෙන බයික් එක අතුරු පාරකට
හරවලා ස්පීඩ් කරා....යන වේගෙට මාව ගිහින් කාශ්‍යප පපුවට හේත්තු වුණා වගේම එයා එක අතක් මගෙ බඩ වටේ යවලා එයාගෙ ඇඟට තද කර ගත්තා...මූ දැන් මට එලවන්න කියලා ඌ මනෙ එවලන්නෙ....එයා මගෙ අත උඩින්ම අත තියාගෙන ඇක්සලේටර් කරද්දි ඉස්සර අප්පච්චි මාව බයික් එකේ ඉස්සරහ ඉන්දවන් එක්කගෙන ගියා වගේ ෆීලින් එකක් දැනෙන්න ගත්තා...
එයාමනෙ කිව්වෙ මට එලවන්න දෙනවා කියලා උගුඩුවා....
දමලා ගියර් එකක් කඩන්න හිතෙනවා උඩින් යන්න....
නෑ......නෑ.....එක්කෝ ඔහොම පාඩුවෙ ඉදපන් මිහින් උගේනෙ බයික් එක...අනික මට ඕකා එක්ක අවසන් ගමන් ගිහින් එහෙදිත් මරාගන්න බෑ.....
බැරි වෙලාවත් හැබැයි මූත් එක්ක අපායට එහෙම වැටුණොත් ඕකව උල ඉන්දෝලා ලෝදිය හැලියක් පොවනවා....ටවුන් ඒරියා එක ටිකක් පහු වෙද්දි කාශ්‍යප අයියා ආයෙත් මට එලවන්න දීලා පස්සට වුණා යන්නතම්.....
ආයෙත් අපෙ ගෙවල් හරියෙදි එයා හැන්ඩ්ල් දෙක අල්ලලා වෙනදට වගේ ගේට් එකෙන් ඇතුලට දාන්නෙ නැතුව ගෙදරට ටිකක් මෙහායින් නතර කරා." තෑන්ක්ස්.....අයියාත් එහෙනම් පරිස්සමට යන්න...."
මන් පටස් ගාලා බයික් එහෙන් බිමට පැනලා හෙල්මට් එකත් ගලවලා කාශ්‍යප අයියා අතට දීලා මාරු වෙන්න හදනවත් එක්ක කාශ්‍යප අයියා මගෙ බෑග් එකේ පටියකින් අල්ලලා මාව ඇදලා ළඟට ගත්තා...
" කෝ ඉතින් දීලා යන්න...."
" මොනවාද...."
" කිස් එක...."
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantasySlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...